Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ධම්මිකගේ ලංකා සෙරමික් පතල් සේවකයන්ට සහන ලැබෙන හැඩ.

ලංකාවේ ධනවත්ම පුද්ගලයන් අතරින් අයෙක් ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතාට අයත් මාතලේ ෆෙල්ස්පාර් පතලේ සේවකයන් ගේ දුක්භරිත සහ අවදානම් සහගත ජීවිත පිළිබඳ කවීෂ නඳුන් කග්ගොඩආරච්චි විසින් සිය මුහුණු පොතේ තැබූ සටහනකට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට එහි පාලනාධිකාරිය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අනුව මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ කම්කරුවන් වෙත වහාම ආරක්ෂිත උපකරණ (සේෆ්ටි උපකරණ) ගෙන්වීමට ඇණවුම් කර ඇති අතර, බෝර විදින කම්කරුවන්ට පවා මාස්ක් ඇණවුම් කර ඇත.

එසේම ආරක්ෂිත ක්‍රියාමාර්ගවලින් තොරව ජීවිකාවේ යෙදෙන සේවකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද පාලනාධිකාරිය සූදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිය හඬ අවදි කළ කවීෂ නඳුන් වෙත මෙන්ම, ඒ සඳහා ක්‍රියාමාර්ග ගත් පාලනාධිකාරිය වෙත ද අපගේ ස්තූතිය පිරිනැමිය යුතුය. එසේම මෙම සේවකයන්ගේ සාධාරණ වේතනයක් සඳහා වන අයිතිවාසිකම වෙත ද මේ අන්දමින්ම පාලනාධිකාරියේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමු.




 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment