Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සිංහල මුස්ලිම් ගැටුම වැළැක්වීමට නම් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති කළ යුතුයි - මහින්ද රාජපක්ෂ.


ඊයේ (06) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ජේ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදීන් සිව් දෙනෙක් හමු වී ඇති අතර, එහිදී ඉතා උනන්දුජනක ප්‍රකාශ කිහිපයක් ඔහු විසින් සිදුකර තිබේ. ඒවා ප්‍රධාන වශයෙන්ම ගෝඨාභය සහ සරත් ෆොන්සේකා ගැන ය.

රටේ උද්ගතව ඇති ජාතිවාදී කෝලාහල තත්වය පිළිබඳ අදහස් පළ කරමින් හිටපු ජනපති කියා ඇත්තේ කොන්ද පණ ඇති කෙනෙක් තත්වය පාලනය කිරීම සඳහා යෙදවිය යුතු බවයි.

“ ඕක රනිල්ට කොරන්නත් බෑ, මෛත්‍රිට කොරන්නත් බෑ... මේක මේ වගේ බබා හුක්කුං කරල බෑ.” යැයි මහින්ද ආවේගශීලී ලෙස කියා තිබේ.

මේ දවස්වල පතෝලවලට හොඳ මිලක්!

යහපාලන රජයේ නායකයන් දෙදෙනා වන වත්මන් ජනපති සහ වත්මන් අගමැති ගැන මහින්ද රාජපක්ෂ කියා තිබෙන වදන් මෙසේ ය. “මේ දවස්වල ලංකාවෙ පතෝලවලට හොඳ මිලක් තියෙනවා... ඔය දෙන්නම පතෝලයො....”

ඉන් අනතුරුව මෙම සංවාදය ගෝටා සහ සරත් ෆොන්සේකා කෙරෙහි යොමු වී තිබේ.

ගෝටා දේශපාලනය කරන්න නම් හිරේ යන්නම ඕන!

“මෙතන හැම කෙනාම කියන්නෙ ෆොන්සේකා එනවට මම බයයි කියලනෙ. මම නෙවෙයි මෙයාව ගේනවට බය.. ගෝටව හිරේ දායි කියල මෙතන තියෙන බය... ගෝටාභය දේශපාලනය කරන්න නම් හිරේ යන්න ඕනෙ..” හිටපු ජනාධිපතිවරයාගේ කල්පනාව අනුව ගෝටාභය සිරගත වුවහොත් එය ඔහුගේ අනාගත දේශපාලන ජීවිතය සඳහා සුදුසුකමක් වනු ඇත.

“මගෙ පොඩි එවුන්ට රිමාන්ඩ් වෙන්න පුළුවන් නම් ඇයි ගෝටාභයට බැරි?” යැයි ද ඔහු කියා තිබේ. “මගෙ පොඩි එවුනුත් ගියා. මාත් ගිහින් තියෙනව හිරේ. ... 71 කලබල වෙලාවෙ මෛත්‍රිපාල සිරිසේනත් මාස 16 ක් හිරබත් කාපු කෙනෙක්. ඔහොම හුරතල් වෙවී මේක කරන්න බෑ...”

මහින්දගේ ආණ්ඩුවක ආරක්ෂක ඇමති කවුද?

“මගේ අනාගත ආණ්ඩුවකදි වුණත් ෆොන්සේකා අනාගත ආරක්ෂක ඇමති වෙන්න පුළුවන්. මොකද ෆොන්සේකා මාත් එක්ක ඉස්සර වැඩ කළා. අපි හැන්ඩ්ල් කළේ ඔහොම සිටුවේෂන් නෙවෙයි... මේ වගේ... මේ පතෝල වගේ නායකයො දෙන්නෙක් හිටියොත් කිලිනොච්චියට නෙවෙයි, මැදවච්චියටවත් යන්න බෑ..” යැයි ජනපති මහින්ද ඉන් අනතුරුව කීවේය.

“අනිවාර්යයෙන්ම කොන්ද පණ තියෙන නායකයෙක් ගෙනාවෙ නැතොත් මේක තව 83 ක් වෙනවා.” යැයි මහින්ද පැවසුවේ තත්වය වහාම පාලනය නොකළහොත් 83 කළු ජූලියේදී රට තුළ උද්ගත වූ තත්වයට සමාන තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව අවධාරණය කරමිනි.

සරත් ෆොන්සේකා නිල නොවන මට්ටමින් වැඩ පෙන්වයි

අපට ලැබී ඇති ආරංචි මාර්ග අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට නීතිය හා සාමය අමාත්‍ය ධුරය භාරදීමට ජනපතිවරයා නැවත කල්පනා කරමින් සිටියි. ජනපති මෛත්‍රිපාල සිරිසේන ලබන 12 වැනිදා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. එම සංචාරයෙන් අනතුරුව දිවයිනට පෙරළා පැමිණීමෙන් පසුව එම අමාත්‍යාංශය සරත් ෆොන්සේකා හට භාරදීමට ජනපතිවරයා අදහස් කරයි.

මේ අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වන විට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රටේ උද්ගතව ඇති තත්වය පාලනය කළ යුතු ආකාරය පිළිබඳ නිල නොවන ආකාරයට අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් සිටින බවයි. මේ අනුව ඔහු විසින් කැලණිය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හදිසි තත්වයක් පාලනය කළ යුතු ආකාරය පිළිබඳ සම්පූර්ණයෙන්ම උපදෙස් ලබාදී තිබියදී ඊයේ පස්වරුවේදී කැලණිය පෑලියගොඩ හා නුවර මැණික්හින්න ප්‍රදේශයේ සිංහල මුස්ලිම් කෝලාහල තත්වයක් ඇතිවීමට අත්‍යාසන්න තත්වයක් උද්ගත විය. අනතුරුව පොලිසිය විසින් ගිනි අවි යොදාගෙන මෙම තත්වය පාලනය කරනු ලැබීය.

ජාතිවාදී පතෝල

ජාතීන් අතර සමගිය ඇතිකිරීමේ යුගයේ අවශ්‍යතාවය වෙනුවට, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, ජාතිවාදී හැඟීම් උත්සන්න කරන අම්පිටියේ සුමන වැනි චීවරධාරීන් හමුවීමට යන්නේ මෙවැනි පසුබිමක් තුළදී ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ  උදාහරණයට අනුව ජනාධිපතිවරයා පතෝල පමණක්ම ද යන සැකය ඇති වන නමුත් මහින්ද රාජපක්ෂ මහතා කිව් එක් දෙයක් නම් ටක්කෙටම හරියාමට ඉඩ තිබේ. එනම්, මේ යන විදිහට ගියොත්, තවත් අසූ තුන කළු ජූලියක් ඇතිවීමට තිබෙන භයානක අවකාශයයි. විපතක් සිදුවීමෙන් පසුව නම් රටකට පතෝල නායකයන්ගෙන් කොහෙත්ම පලක් නැත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment