Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මතභේදාත්මක නිවාස ව්‍යාපෘතිය අනුමත කළ චම්පිකගේ ගැසට් නිවේදනය?


විශේෂිත නේවාසික කලාපයක් ලෙසින් නම් කොට ඇති කොළඹ 05 ලෙයාඩ්ස් පාරේ නැගෙනහිර කොටසෙහි මිශ්‍ර සංවර්ධන කටයුත්තක් සිදු කිරීම සඳහා අවසර දෙමින් මෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මතභේදයකට තුඩු දී ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇමතිවරයා එම අවසරය ලබා දී ඇත්තේ බ්ලූ ඕෂන් ලෙයාඩ්ස් රෝඩ්ස් නමැති තට්ටු 14ක සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා බවට ලෙයාඩ්ස් පාරේ පදිංචිකරුවන් චෝදනා කර සිටී.

නමුත්, 2008 කොළඹ නගර සංවර්ධන සැලසුමට අනුව විශේෂිත නේවාසික කලාපයක ඉදි කළ හැක්කේ තට්ටු පහක උපරිම උසකින් යුත් ගොඩනැගිලි පමණක් බව ඔවුන්ගෙන් 11 දෙනෙකු 2017 ජූනි මාසයේදී හා මේ වසරේ ජනවාරි මාසයේදී අධිකරණයේ ගොනු කළ පෙත්සම්වලින් පෙන්වා දෙයි.

ඊට වඩා උසකින් යුතු ගොඩනැගිල්ලක් ලෙයාඩ්ස් පාරේ ඉදි කිරීමට අවසර ලබා දීමෙන් නාගරික සංවර්ධනය අධිකාරිය වලක්වාලීමේ නියෝගයක් හා එවැනි ගොඩනැගිල්ලක් ඉදි කළහොත් එය ඉවත් කරන මෙන් වන නියෝගයක් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

අනවසරයෙන් ඉදි කෙරෙන එවැනි ගොඩනැගිල්ලක් නිසා අවට පිහිටි ගොඩනැගිලි සහ දේපලවලට යළිත් යථා තත්ත්වයට පත් කළ නොහැකි ආකාරයේ හානි සිදු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

නමුත්, 2018 ජනවාරි 18 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයකින් ඇමති රණවක එම මාර්ගය දෙපසම මිශ්‍ර සංවර්ධන කලාපයක් ලෙසින් නම් කර ඇත.

ඊට ඔහු අත්සන් තබා ඇත්තේ 2017 ජූලි 14 දාතමිනි.

එම පියවර කිසිදු විශේෂිත සැලකිල්ලක් වෙනුවෙන් ගත් එකක් බවට වන චෝදනාව නාගරික සංවර්ධනය අධිකාරියේ සභාපති ජගත් නන්දන මුණසිංහ ප්‍රතික්ෂේප කරයි.

එම මාර්ගයේ දෙපස කොටස් එසේ විශේෂිත නේවාසික කලාපයක් හා මිශ්‍ර සංවර්ධන කලාපයක් ලෙසින් දෙආකාරයකට ප්‍රකාශයට පත් කිරීමට සාධාරණ හේතු නොමැති බව ඔහු කියා සිටී.

අදාළ නිවාස සංකීර්ණය ඉදි කරන සමාගමේ ඉල්ලීම පරිදි, ප්‍රතිපත්තිමය තීරණයක් ලෙසින් එම ව්‍යාපෘතියට අවසර ලබා දුන් බව සභාපතිවරයා පිළි ගනී.

එම ගැසට් නිවේදනයට ඇමතිවරයා අත්සන් තැබූ දිනය හා එය නිකුත් කළ දිනය අතර වෙනසට හේතුව අදාළ නිවේදනය නාගරික සංවර්ධන අධිකාරියේ ලිපිගොණු අතර යටපත් වී තිබීම බව ද හෙතෙම කියා සිටී.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment