අකිලව මහලේකම් කළාට සාගල - රනිල් අමනාපයක්!


අධ්‍යාපන අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහ ලේකම් ධූරය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සිය කනස්සල්ල පළ කර තිබේ. 

අකිල විරාජ් කාරියවසම් මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය ලබා දෙනවාට විරුද්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාප වී මාතර,දෙනියායේ සිය මුල් ගම් බිම් බලා ගොස් ඇති සාගල රත්නායක මහතා අප්‍රේල් මස 26 වැනිදා “සිරිකොත” මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද වර්ජනය කර තිබේ.

එදා සිට මේ දක්වාම මාතර දෙනියායේ රැඳී සිටින සාගල රත්නායක මහතා (06) පවැත් වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට ද සහභාගී නොවනු ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු පැවසීය.

මේ ප්‍රශ්නය විසඳීම සඳහා අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අගමැතිවරයාගේ උපදෙස් මත මාතර දෙනියායට විශේෂයෙන්ම ගොස් සාගල රත්නායක මහතා හමු වී සාකච්ඡා කර ඇතත් මෙතෙක් ප්‍රශ්නය විසදී නොමැත.

අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කරනවාට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පවා කිසිදු විරෝධයක් එල්ල නොවූ අතර ඊට විරෝධය පළ කරමින් සිටින්නේ සාගල රත්නායක මහතා පමණක් වීම විශේෂ සිද්ධියක් වී තිබේ.

හෙඩිම අපෙන්
පුවත lankanewsweek

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment