Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

SEC සභාපති සම්බන්ධයෙන් ජනපති-අගමැති ගැටුමක්.


පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනියම කොමිෂන් සභාවේ නව සභාපතිවරයා පත්කිරීම අර්බුදකාරී තත්වයක් බවට පත්ව ඇති බව වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තවමත් එකඟතාවයකට පැමිණීමට අසමත් වීමයි.

මෙම ධූරය සඳහා රනෙල් විජේසිංහ මහතා පත් කිරීමට නියමිත බව පසුගිය 10 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම ධූරය සඳහා නිර්දේශ කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

කෙසේ වෙතත් ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විරෝධය එල්ල වී ඇති අතර ඔහුගේ නිර්දේශ වී ඇත්තේ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ඒ සඳහා පත්කළ යුතු බවයි. මේ නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර එය ඉක්මනින් විසඳා නොගත හොත් එය ආණ්ඩුව තුළ තවත් අර්බුදයක් වනු ඇත.

ලලිත් සමරකෝන් මහතා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහු මෙරටට ගෙන්වාගෙන ජාතික ආර්ථික සභාවේ ප්‍රධානියා ලෙස පත්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආර්ථික සභාව ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් වූ අතර පසුව එය විසුරුවා හැර ජනාධිපතිවරයා නව ආර්ථික කමිටුවක් පත් කිරීමට කටයුතු කළේය.

ආර්ථික කටයුතු සම්බන්ධයෙන් මහාචාර්යවරයෙකු වුවද ලලිත් සමරකෝන් මහතාට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ප්‍රමාණවත් සුදුසුකම් නොමැති බවයි බොහෝ දෙනා පවසන්නේ.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වූ බොහෝ විමර්ශන මේ වනවිට අතරමග නතර වී ඇති අතර කොමිසමේ කටයුතු කාර්යක්ෂම කර විමර්ශන ක්‍රියාවලිය නැවත සක්‍රිය කිරීමට හැකියාවක් සහිත පුද්ගලයෙකු මෙම තනතුරට පත්කළ යුතුය. 

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනියම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තිලක් කරුණාරත්න මහතා කටයුතු කළ අතර පසුව ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment