Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නේවි සම්පත් නිලනිවස්නයේ සිටි බවට රහස් පොලිසිය අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කරයි.

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කොට ඇති, මේවන විට රටින් පළාගොස් සිටින ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් නාවික හමුදා නිලධාරීයා අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන් දිනය වන විටත් ඔහු නාවික හමුදා නිලධාරීන් සඳහා වන නිවස්නයක රැඳී සිටි බවට සාක්ෂි අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 

ඒ, අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීය.

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙද්දී එවකට නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඔහුට රැකවරණ ලබාදී තිබුණු ward room නම් නාවික හමුදා නිලධාරී නිවස්නයෙහි අංක 8 වන නිවසේ ඡායාරූප අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය.

එසේම, ඔහු අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව විසින් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන් දිනය වන විටත් ඔහු අදාළ නාවික හමුදා නිවස්නයෙහි රැඳී සිටි බවට සාක්ෂි සඳහා ඔහුට එම දිනවල නාවික නිලධාරී භෝජනාගාරයෙන් ආහාර නිකුත් කළ බවට සඳහන් ලේඛන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් නිලධාරියා අතට රුපියල් ලක්ෂ පහක මුදලක් ද ලබාදී ඔහුව නාවික හමුදා අධිවේගී යාත්‍රාවකින් වෙනත් රටකට පිටත් කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නටය. ඒ අනුව අධිකරණය නොමඟ යැවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නුදුරේදීම අධිකරණය විසින් නිකුත් කෙරෙනු ඇත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment