Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

චීනෙන් ඩොලර් දොලපිදේනිය ගත් බෞද්ධ භික්ෂුව කවුද?


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති චයිනා හාබර් ගිණුමෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් ලබා දී තිබූ බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත කළ හෙළිදරව්ව මේ වන විට මෙරට දේශපාලනය උණුසුම් කර තිබේ. 

මැතිවරණයට දින 10 ක් තිබියදී චෙක්පත්වලින් තවත් ඩොලර් මිලියන 3.7 ක් ලබා දී ඇති බවත් ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම හා අනිකුත් ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය සඳහා ඩොලර් 678,000 ක් ද කාන්තා සාරි ඇතුළු ආධාරකරුවන්ට ලබා දුන් තෑගි ආදිය සඳහා තවත් ඩොලර් 279,000 ක් ද ගෙවා ඇති අව එම වාර්තාවෙන් අනාවරණ වී ඇත.

විශේෂයෙන් රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට ආධාර කල බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක් ගෙවා ඇති බවද ටයිම්ස් වාර්තාව පෙන්වා දී තිබේ. මේ අතර රාජපක්ෂ මහතාගේ නිල නිවාසය වූ අරලියගහ මන්දිරයට ඩොලර් මිලියන 1.7 ක් වූ චෙක්පත් දෙකක් භාර දී ඇති බව ආන්දෝලනාත්මක 'නිව්යෝර්ක් ටයිම්ස්"අනාවරණ කළේය.

කෙසේ වෙතත් මේ වන විට ආන්දෝලනාත්මක 'නිව්යෝර්ක් ටයිම්ස්" වාර්තාව ප්‍රතික්ෂේප කරමින් රාජපක්ෂ හිතවාදීන් විවිධ ප්‍රකාශ සිදුකරමින් පැවතියද මහින්ද රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර නොදැක්වීම විශේෂත්වයකි.

එමෙන්ම විශේෂයෙන් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භික්ෂුන් වහන්සේ නමක් ඩොලර් 38,000 ක් ලබා ගෙන ඇති පුවතද මේ වන විට දේශපාලනය රත් කර ඇති කාරණාවකි. ප්‍රශ්න ගත බැඳුම්කර ගණුදෙනුව මෙන් මෙහිදීද ඩොලර් ලබා ගත භික්ෂුන් වහන්සේ පිළිබඳ විවිධ මත ඉදිරිපත් වෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට සමීප හිතවත්කමක් පවතී සහ සෘජුවම මැතිවරණ ව්‍යාපාරය සඳහා මැදිහත් වූ පූජ්‍ය මැදගොඩ අභය තිස්ස, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, පූජ්‍ය බෙංගමුවේ නාලක වැනි ස්වාමීන් වහන්සේලාගේ දිශාවට එම චෝදනාව එල්ල වෙමින් පවතින අතර මෙතෙක් ඒ කවුරුන්ද යන වග සහතික වී නැත.

බැඳුම්කර ගණුදෙනුවේදී මෙන් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල ගත් දේශපාලකයන්ගේ නම් ලැයිස්තු කියවීම මෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සන්තෝසමක් ලෙස චීනෙන් ඩොලර් ලබා ගත් භික්ෂුන් වහන්සේ කවුරුන්ද යන්න විමසීමට පෙර උන්වහන්සේලාම මැදිහත් වී මෙම කාරණය පැහැදිලි වැදගත්ය. එය උන්වහන්සේලාගේ බෞද්ධ භික්ෂුත්වයට ද තරම් වනු ඇති.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP