Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හිට්ලර්! : ඥානසාර හිමි සහ ගෝඨාභය සමාන අදහසක [Video]


අස්ගිරි පාර්ශවයේ  අනුනායක වෙඬරුවේ උපාලි  හිමියන් විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය  රාජපක්‍ෂගේ නිවසේදී කරන ලද අනුශාසනාවේ  සදහන් වූ "හිට්ලර් වැනි මිලිටරි පාලකයෙක් වෙන්න" යන අදහස  කාලෝචිච බවත් වරදක් නොමැති බවත්  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කර ඇත.

ඒ ඊයේ (25) හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ කාලීන සංවාදයට එක්වෙමින් ය.

එසේම ‘මේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට මිසක දුෂ්ප‍්‍රාඥයින්ට නොවේ’ යයි බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති බවත්   එය තේරුම් ගත යුත්තේ ඒ අර්ථයෙන් බවද උන්වහන්සේ සඳහන් කර ඇත.

අනුනාහිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන්  ගෝඨාභය  රාජපක්‍ෂ මහතාද ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේදී ප‍්‍රකාශ කරන ලද්දේ මේ හා සමානම අදහසකි. 

එහිදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කර සිටියේ, " එය මගේ ගෙදර පුද්ගලිකව කරපු අනුශාසනාවක්. ඉතිං මේ ගැන ජනාධිපතිතුමා අගමැතිතුමා මුදල් ඇමතිතුමා සහ නොයෙක් ඇමතිවරු ඒ පිළබඳව මෙපමණ ප්‍රකාශ නිකුත් කිරිම, මම දන්නෑ මම එච්චර වැදගත් පුද්ගලයෙක්ද කියලා.මම සාමාන්‍ය පුද්ලගලයෙක්.සමහර විට මේවා අනුනායක හිමියන්ට විරුද්ධව කරන ප්‍රකාශ වෙන්නැති.මම හිතන්නේ නෑ එහෙම කරන එක සුදුසුයි කියලා."

"...මම දන්න විදියට බුදුහාමුදුරුවෝ වාදාළේ යම් අනුශාසනාවක් කරනකොට ඒ අනුශාසනාව තේරුම් ගන්න පුලුවන් ප්‍රඥාවක් තියෙන පුද්ගලයන්ට පමනක් අනුශාසනාව කළ යුතුයි කියලා.ඉතිං මම නම් අනුශාසනාවේ තිබෙන සියලු කරුණු වටහා ගත්තා.වටහා ගත්තේ නැති පුද්ගලයෝ තමයි ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ...‘‘ යනුවෙනි.

කිසියම් උපදෙසක්, අනුශාසනාවක්  ලබාදීමේදී  එය කල යුතු වන්නේ ඒ තැනටත්,  කෙනාටත් ගැලපෙන ලෙසය. නැතිනම්  ඒ උපදේශයෙන් වැඩක් නැත.  

බුදුන් වහන්සේ පවා කාලාම සූත්‍රය දේශනා කරන්නේ  කාලාම පුත්‍රයාට ගැළපෙන ලෙසය.   කසී භාරද්වාජ සූත්‍රය දේශනා කළේ කසීභාරද්වාජට ගැළපෙන ලෙසය. නොමළ නිවසකින් අබ මිටක් ගෙනෙන්නට  පටාචාරාවට දැන්වීමේ සිට  දේවදත්ත දක්වාත්  ආලවක දමනයේ සිට  නාලාගිරි දමනය දක්වාත් වන ශාසන ඉතිහාසය එහෙමය. 

ඒ නිසාම අදටත් බණක් දානයක් හෝ වෙනයම් පිංකමක් සඳහා තැබෑරුම් හිමියෙකුගේ නිවසට වැඩිය විට කිසිඳු භික්ෂුවක් සුරාවේ ආදීනව හෝ  මාළු මුදලාලිගේ නිවසට වැඩිය විට සතුන් මැරීමේ ආදීනව ගැන දේශනා කරන්නේ නැත.

ඒ වෙනුවට අනුශාසනාව සිදුවන්නේම වැඩි වැඩියෙන් පිං දහම් කර වැඩි වැඩියෙන් කුසල් රැස්කර ගන්නට අවශ්‍ය උපදෙස් වලින්ය.

ඉතින් පසුගියදා ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනයට වෙඬරුවේ උපාලි හිමියන් සිදුකළ  දේශනාවද අප තේරුම් ගත යුතු වන්නේ ඒ ආකාරයටය. 
ගෝඨාභයට අනුශාසනාවක් කරන්න නම් පළමුව දැනගත යුතුව ඇත්තේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ පොදු ආශාවය. ඒ ආශාව වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ ඒකාධිපති රජපවුල බවට පත්වීමය. 

පසුගිය දශකයක පාලන සමයේ රාජපක්ෂ පවුල  දන්නා කියන හැම පද කස්තිරමක්ම ඇල්ලුවේ ඒ සඳහාය. මහ රජාණනි ගීත වල සිට දුටුගැමුණු රජුගේ ඥාතීත්වය දක්වා අමු අමුවේ  ඉතිහාසය විකෘති කලේ ඒ සඳහාය. එයින් නොනැවතී  18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් දෙවරකට වඩා ජනාධිපති ධූරයේ සිටිය නොහැකි බවට වූ ව්‍යවස්ථාපිත නීතිය වෙනස් කරගන්නේත් ඒ සඳහාය.  ස්වාධීන කොමිෂන් ඉවත් කරන්නේත් ඒ සඳහාය. 

ව්‍යවස්ථානුකූලව  හිටපු ජනාධිපතිට නැවත බලයට ඒමට නොහැකි වුවත් අදටත් දත්මිටි කමින් වෙර දරන්නේ ඒ රාජකීය ආශාව හැර වෙනත් ආශාවක් නොමැති නිසාය. එනිසා වෙඬරුවේ උපාලි හිමියන් ගෝඨාභයගේ උපන්දින අනුශාසනාව කරන විට දැහැමි පාලනයක් ගැන නිදර්ශන ගන්නට නොහැකිය. සතුරාටත් ගරු කල දුටුගැමුණු රජු වෙන්නයි කීවද එය ප්‍රාග්ධනය ගෝලීය කරණය වූ මේ සමාජ ක්‍රමය තුළ ගැලපෙන්නේද නැත. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, ජාතික සමඟිය ගැනද රාජපක්ෂලාට විශ්වාසයක් නැත. සියල්ලට වඩා කාරණය වන්නේ මේ අනුශාසනාව රාජපක්ෂ පවුලේ පිංකමක කරන්න සිදුව තිබීමය.

ඒ නිසා  මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා තියා මැල්කම් එක්ස් වෙනුවට හිට්ලර් වගේ වෙන්න කියා අනුශාසනාව කරනවා විනා වෙන කරන්න අනුශාසනාවක්ද නැත.

ඒ බව තවත් තහවුරු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමය. ඔහුද අප දන්නා ලෙස කදිම අනුශාසකයෙක්ය. අද ඔහු අපට අනුශාසනා කරන්න ගෙන ඇත්තේ ගෝඨාභය  කියන්නේ මස් මාළු නොකන වෙජිටේරියන් වරයෙකු බවය.

කතාව ඇත්තය. හිට්ලර් ද මස් මාළු කන්නේ නැත. ඔහුද ඉතිහාසයේ සිටි අංක එකේ වෙජිටේරියන් පාලකයෙක්ය. නමුත් ප්‍රශ්නය ඇත්තේ හිට්ලර්ගේ හෝ ගෝඨාභයගේ වෙජිටේරියන් කමේ නොවේය. ප්‍රශ්නය ඇත්තේ ඔවුන් ගෙන ගිය මිනීමරු  පාලනයේය. පාලන බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත තිරිසන් ජීවිතයටත් අන්තයට හෙළන ඒ පාලන ක්‍රමයේය. එතැන ඇත්තේ මිනිස් ජීවිත සම්බන්ධ මහා අවධානමක්  මිස   මස් කනවද  එළවළු කනවද වැනි සරල කරුණක් නොවේය.

අදටත් මහින්ද වන්දනාවේ යන තමන් හොඳ කන බොන මිනිහෙක් බව හයියෙන් කියන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවා "හිට්ලර් වැනි  පාලනයක්" කී විට "බුදු අම්මෝ" කියන්නේ ඒ අර්ථයෙන්ය.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment