Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සුගන්ධිකාගේ ගවුමේ ප්‍රශ්නය : හත්වැනි රීතිය කැඩුවද?


පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට මාරවිල අධිකරණයේ පැවැති නඩු විභාගයකදී ඇය ඇඳගෙන පැමිණි ඇඳුම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාදයක් කළ බව මාරවිල නීතිඥ සංගමය පවසයි.

සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය පෙරේදා(20දා) පෙරවරුවේ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ගවුමක් ඇඳ පැමිණ ඇති අතර මෙහිදී මාරවිල නීතිඥ සංගමය නීතිඥවරියගේ ඇඳුමට විරුද්ධව අධිකරණයට ලිපියක් මඟින් කරුණු වාර්තා කර ඇත.

මාරවිල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලලන්ත සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය දින කීපයක් පිජාමා වර්ගයේ ගවුමක් ඇඳ පැමිණ අධිකරණයට අගෞරවයක් වන අයුරින් කටයුතු කළ බවයි. මේ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවද පැවැසීය.

ඒ අනුව නීතිඥවරයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවේ රීති අතරින් හත්වැනි රීතිය යටතේ දැක්වෙන ආකාරයට අධිකරණයට සුදුසු ආකාරයෙන් පැමිණ නොමැති බව අධිකරණය නිරීක්ෂණය කරන බව ඒ මහතා සඳහන් කර තිබේ.

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය එය පිළිගෙන අධිකරණයට හිස නවා ඊයේ දිනයේ තිබූ අනෙක් නඩුවලටද පෙනී නොසිට අධිකරණයෙන් පිටව ගිය බවද මාරවිල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලලන්ත සරත්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳව කළ විමසීමේදී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ තමන් ගවුමක් ඇඳ අධිකරණයට යෑම සත්‍ය බවයි. මේ සඳහා නීතියෙන් අවසර ඇති බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය. ඊයේ දින තමන් අධිකරණයේ පෙනී නොසිට නොගිය අතර මහෙස්ත්‍රාත්වරයා අවවාදයක් සිදු නොකළ බවද ඇය පැවැසුවාය.

මහෙස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේ තමන් කැමැති නම් මේ සඳහා පිළිතුරු ලබා දිය හැකි බව හා තම අධිකරණයට මේ සඳහා තීන්දු ගැනීමට හැකියාවක් නොමැති බව යැයිද නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය. තමන් මේ ගවුම ඇඳීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් හමු වී උපදෙස් ලබා ගන්නා බවද නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP