Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගණිකාවන් සමඟ සිටි පිරිමිත් අත්අඩංගුවට ගන්න...


නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතය යන්න සම්බන්ධයෙන් අද අනුරාධපුර අධිකරණයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

අත්අඩංගුවට ගත් ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා මේ බව අධිකරණයට ප්‍රකශ කිරීමත් සමඟ සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන ‍පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් හා නීතිඥවරයා අතර විවාදයක් ඇතිව තිබේ.

‍පොසොන් උත්සවය ආරම්භ වීමට පෙර අනුරාධපුර නගරය ආක්‍රමණය කරමින් ස්ථානගත වන නගර සෝබනියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස දූෂණ මර්දන නඩු මෙහෙයුම් අංශය අධිකරණයෙන් ඉල්ලා ඇත.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් දෙදෙනා ලබන මස (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළ අතර ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට තවදුරටත් නියෝග කළේය.

සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ දූෂණ මර්දන අංශයේ ‍පොලිස් කොස්තාපල් (47687) සරත් මහතා කියා සිටියේ සැකකාරියන් ‍පොසොන් උත්සවය ඉලක්ක කර අනුරාධපුර නගරයේ ස්ථානාගත වී ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

සැකකාරියන් මැදවච්චියේ පදිංචිව සිටියත් අනුරාධපුර නගරයේ ගැවසෙමින් සිටි බවත් ඔවුන්ට ඇප ලබාදීම සිදුනොකර ඔවුන් දෙදෙනා සමාජ රෝග වාර්තාවක් කැඳවීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් කරන ලෙසත් ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අයකුට ඕනෑම තැනක යෑමට ඒමට අවස්ථාව තිබෙන බවයි.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ නීතීඥවරයා,

"හැමදාම අයා‍ලේ යන කාන්තාවන් කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් එක්ක යහන්ගත වන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. ‍පොලිසිය ඒ අයවත් අධිකරණය ඉදිරිපත් කරන්න. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ගේන්න එපා" යැයි පැවසීය.

එහිදී ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයට මෙසේ පැවසීය.

"අපි බොරුවට සැකකාරියන් අධිකරණයට ගේන්නෙ නෑ. මැදවච්චිය පැත්තට ගියා නම් මේ අයගේ තත්ත්වය දැන ගන්න පුළුවන්. උගත් නීතිඥතුමා කියන විදියට පිරිමි අධිකරණයට ගේන්න ගියොත් කී දෙනෙක් මෙතෙන්ට ගේන්නද? හැබැයි අවශ්‍ය වේලාවට අපි ඒ අයවත් ඉදිරිපත් කරන්නම්" යනුවෙනි.

දෙපාර්ශ්වයේ කරුණු පිළිබඳව අවධානය යොමු කළ විනිසුරුවරයා සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ දූෂණ මර්දන ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ඩී.බි.අයි. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශයේ සැරයන් (48319) අජිත්, හේරත් හා ‍පොලිස් කොස්තාපල් (47687) සරත් යන නිලධාරීන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment