Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වහල්බවින් මුදා ගත් හමුදා සෙබළුන් නැවතත් වහල් සේවයට!


හමුදා නිළධාරියකුගේ නිවාසයක ඉදිකිරීම් කටයුතු සදහා හමුදා සෙබළුන් ඔවුන්ගේ අකමැත්තෙන් නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් සේවයේ යොදවා ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට තොරතුරක් ලැබීමෙන් පසුව කොමිසමේ විමර්ශන නිළධාරින් කණ්ඩායමක් වාද්දුව ප්‍රදේශයේ එම ලිපිනයට ගොස් පරීක්ෂා කිරීමේ සිදුවීම පසුගිය දිනවල මාධ්‍යය ඔස්සේ මහත් කතා බහට ලක් විය.

මහල් 3 කින් යුත් එම නිවස 2018 පෙබරවාරි 26 දින විශ්‍රාම ලැබු ශාන්ත ලියනගේ නැමැදු මේජර් ජෙනරාල්වරයකුට අයත් සුපිරි නිවාසයක් බව එහිදී හෙළිවිය. විමර්ශන නිලධාරීන් විසින් දින කිහිපයක්ම නිරීක්ෂණ සිදුකිරීමේදී දිනපතා මෙම ඉදිකිරීම් සදහා හමුදා වාහනවලින් සෙබළුන් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආකාරයත් සෙබළුන් ගණනාවක් විවේකයක් නොමැතිව පැය ගනණාවක් වැඩකරන ආකාරයත් දැක ගැනීමට ලැබී ඇත.

පසුව කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැටලීමට අවශ්‍ය නීතිමය අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු පසුගිය ජූනි 04 දා දහවල් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් කණ්ඩායමක් විසින් එම ස්ථානයේ වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස සේවයේ යොදවා සිටි හමුදා සෙබළුන් 12ක් අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී ජ්‍යෙෂ්ඨ නිළධාරියකු විසින් ලබාදුන් උපදෙස් මත මාස ගණනාවක සිට කිසිම විවේකයක් නොලබා මෙම ඉදි කිරීම් කර ඇති බවත් ඔවුන් කිසිවෙකු සිය කැමැත්තෙන් රාජකාරි ඉටුකර නොමැති බවත් ඔවුනට ආහාරපාන පවා නිසි අයුරු ලැබී නොමැති බවත් පවසා ඇත. අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් එම සෙබළුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් යුධ හමුදා පොලිසිය වෙත භාරදී ඇත. නමුත් පසුව යුද හමුදාපතිගේ උපදෙස්මත මෙිවන විට එම සෙබළුන් නැවතත් එම නීති විරෝධී ක්‍රියාවෙහිම යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇත.

රුපියල් මිලියන 10කට අධික මුදලකින් ඉදිකරන නිවසක්!

එම අත්අඩංගුවට ගත් සෙබළුන් දසදෙනෙක් ඉංජිනේරු සේවා බලකායට අයත් ය. ඔවුන් හමුදාවේ වෙනත් ව්‍යාපෘතියක රාජකාරියෙහි යොදවා සිටියදී ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත නීදු විරෝධීව මෙම ඉදිකිරීම් සදහා ලබාදී ඇති බවත්, අනෙක් සෙබළුන් දෙදෙනා මේජර් ජෙනරාල්වරයා රාජකාරි කළ සේවා බලකායට අයත්, මොහු විශ්‍රාම යාමෙන් පසුවද නීති විරෝධීව තබාගත් සෙබළුන් බවත් අනාවරණය වී ඇත. මෙම මේජර් ජෙනරාල්වරයාට මොරටුව ප්‍රදේශයේද සුඛෝපභෝගි නිවසක් ඇදු බවත් මෙම ඉඩමද පර්චස් 100 කට ආසන්න විශාල ඉඩමක් බවත් ඉඩමේ කොටසක් බලහත්කාරයෙන් කාන්තාවක් බියවද්දා ලබාගැනීමක් ගැන පොලිසියේ පැමිණිළි කර ඇති බවත් මේවනවිට නිවසේ ඉදි කිරීම් සඳහා මිලියන 10කට වැඩි මුදලක් වැයකර ඇති බවටත් තොරතුරු සොයාගෙන ඇත. විශ්‍රාම යාමට ආසන්න කාලයේ වත්මන් හමුදාපති විසින් මොහු හමුදා සැපයීම් අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්කර ඇත.

කැමැත්ත මත පවා සේවයට යෙදවීම තහනම්!

හිටපු හමුදාපතිවරුන් විවිධ ප්‍රදේශවල පිහිටි ආගමික ස්ථානවල ඉදිකිරීම් සඳහා ලබාදී තිබු හමුදා සෙබළුන්ද, ආබාධිත රණවිරුවන්ගේ පෞද්ගලික නිවාස ඉදිකිරීම් සදහා ලබා දී තිබූ සෙබළුන්ද හමුදා ව්‍යාපෘති සඳහා අවශ්‍ය බව පවසා වත්මන් හමුදාපතිගේ උපදෙස් මත නැවත ලබාගැනීම පිළිබඳව පූජ්‍ය පක්ෂය ද සිය අප්‍රසාදය පළකර ඇත. ගංවතුරින් හානියට පත් ආබාධිත හමුදා නිලධාරියෙකුගේ නිවස පිරිසිදු කිරීම සඳහා යොදවා සිටි සෙබළුන් යුදහමුදා පොලිසිය මගින් අඩංගුවට ගෙන ඇත. රාජකාරියෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නිළධාරියකුගේ නිවසක ඉදිකිරීම් සඳහා තමන්ගේ රාජකාරි සඳහා යාකර තිබෙන පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සෙබළුන්වද මෙසේ ඔවුන්ගේ කැමැත්ත මත සේවයේ යෙදවීම තහනම් ව තිබියදී හමුදාපතිට හිතවත් විශ්‍රාමික ජෙනරාල්වරයකුගේ සුපිරි නිවාසයක ඉදිකිරීම් සඳහා නීතිවිරෝධීව ඔවුන්ගේ අකමැත්තෙන් සෙබළුන්ව යොදාගැනිම පිළිබඳ ව මුළු හමුදාවම මවිතයට පත්ව සිටියි.

වහල් සේවය නීත්‍යානුකූල කිරීමට අල්ලස් කොමිසමටත් බලපෑම්

මෙම වැරැද්ද නිවැරදි කර සෙබළුන් වහල් සේවයේ යෙදවීම නීත්‍යානුකූල කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි කඩිනමින් සකසා ඇති බවටද, අල්ලස් කොමිසමට බලපෑම් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැලැක්වීමට කටයුතු සිදුකරමින් පවතින බවටද තොරතුරු ලැබී ඇත. විමර්ශන කටයුතු නියම ආකාරයට සිදුකර ඉදිරි නීතිමය කටයුතු සිදුකළහොත් මෙම හමුදා සෙබළුන් නීති විරෝධීව ඉදිකිරීම් සඳහා යොදාගත් කාලයට හිමි ඔවුන්ගේ සියලු වැටුප් හා දීමනා දඩ මුදල් සමග ගෙවීමටද, ඔවුන්ට බලපෑම්කර බලහත්කාරයෙන් හමුදාවෙන් බැහැර රාජකාරියක යෙදවීම වෙනුවෙන් වන්දි මුදල්ද ගෙවීමට සිදුවිය හැක.

මෙම වංචනික හා නීති විරෝධී චර්යාව පිළිබඳ ව අදාල විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාට අමතරව යුධ හමුදාපති, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ සේවා බලකා බලකාධිපති ඉඳුරාම වග කිවයුතු බැවින් එවුන්ට සේවා දිගු හා නිළ උසස්වීම් ලබාදීමේදී මෙම කරුණ පිළිබදව යහපාලන රජය වඩාත් සැලකිලිමත් විය යුතු ය. මෙම රජය විසින් හමුදා සෙබළුන්ට නිසි අයුරින් නොසලකන බවට විවිධ පාර්ශ්ව විසින් කරන චෝදනා වළක්වා ගැනීම සදහා මෙම සෙබළුන්ට සාධාරණයක් ඉටුකර, ඔවුන් මුදවාගත් අල්ලස් කොමිසමේ නිළධාරින්ගේ සේවය අගයකර, වැරදි කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින්ට නිසි දඩුවමක් ලබාදුනහොත් එය ජනාධිපති ප්‍රමුඛ යහපාලන රජයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ද සමත් වනු ඇත.

- විශේෂ ආරක්ෂක වාර්තාකරුවෙකු විසිනි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment