Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ශ්‍රී ලංකන් ‘තීරු බදු සෙල්ලම‘ ඇතුළු 'තවත් සෙල්ලම්' හෙළි වෙයි...


ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් හි සේවය කළ මාලන් ෆෙරෙයිරා මහතා 2006 ජනවාරි සහ 2018 ජනවාරි අතර කාලය තුළ ශ්‍රී ලංකන්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකා කේටරින් යන සමාගම් හි සිදුවූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියට කැඳවා තිබේ.  

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා තිබෙන, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියට එසේ ඔහු කැඳවා තිබුණේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මුක්තිය සහිතව සාක්ෂි සැපයීම සඳහා ය. 

2018 මැයි 10 සහ 21 යන දෙදින තුළ සාක්ෂි ලබාදෙමින් ෆෙරෙයිරා මහතා එහිදී සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම ගුවන් සේවයේ පරම අභිලාෂයන්ට පටහැණිව යමින් කටයුතු කළ බවට ප්‍රමාණවත් සාධක ඇති බවයි. එහිදී තීරු බදු රහිත අනුග්‍රාහකයෙකු වශයෙන් කටයුතු කරන ෆීනික්ස් ඩියුටි ෆ්‍රී හරහා රටේ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ සපයන්නන් සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිවිසුම් අත්සන් කළ බවයි. 

‍එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ‘ඉන්ධන දහන වියදම‘ පිළිබඳ සාධකය සලකා බැලීමට අසමත් වූ බව ද එහිදී සඳහන් විණි. ඒ අනුව ව්‍යාපාරික අර්ථයෙන් එබඳු වියදම්කාරී වාණිජ කටයුත්තකට සිදුකරන ලද ගෙවීම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවත්, එකී ඉන්ධන වියදම දළ වශයෙන් මාසයකට ගුවන් යානා පිටත්වීම් 2880 ක් තරම් ඉහළ අගයක් ගත් බවත්, එකී පස් අවුරුදු කාල සීමාවක් සඳහා එම වියදම ගණනය කිරීමේදී ගුවන් ගමන් 2880, 12 න් ගුණනය කළ විට ලැබෙන අගය තරම් ඉහළ අගයක් ගත් බවත් කොමිසම ඉදිරියේ පෙන්වා දෙන ලදී.  

මේ තත්වය විශේෂයෙන් උද්ගත වී තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් හි කළමනාකාර අධ්‍යක්ෂ රාජු චන්දිරම්ගේ සමීප මිතුරන්ගෙන් සමන්විත වීම හේතුකොට ගෙන ය. ඒ අනුව මෙම සමාගම් දෙක අතර පැවති ගිවිසුමක් සංශෝධනය කරමින් ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විස් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත ගෙවීමට නියමිත ව තිබූ කොමිස් මුදලින් 37% ක් කපා හැරීම ද සිදු වී තිබේ. 

කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් වෙත පිරිනමා තිබූ කොන්ත්‍රාත්තුව එසේ ලබාදී තිබුණේ ද ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවයි. තවද 2012 ජනවාරි 25 වැනිදා ෆීනික්ස් රයිසින් වෙන්චර්ස් (Phoenix Rising Ventures) නමැති කැනඩාවේ ස්ථාපිත සමාගමක් හා ශ්‍රී ලංකන් එයා ලයින්ස් අතර එකඟතාවයකට අත්සන් කිරීම ද සිදු ව තිබේ. 

මුල් ගිවිසුමේ අත්සන්කාර පාර්ශවයන් වූයේ ශ්‍රී ලංකන් එයා ලයින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් හි ප්‍රධාන විධායක නිලධාරී රුමේෂ් ඩිලාන් වීරසිංහ ය. 

‍ශ්‍රී ලංකන් එයා ලයින්ස් සහ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් නියෝජනය කළ සාක්ෂිකරුවන් වූයේ ශ්‍රී ලංකන් එයා ලයින්ස් හි පියාසැරි කළමනාකරු රෂ්මෝර් ෆර්නැන්ඩස් සහ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් හි කළමනාකරණ අධ්‍යක්ෂ රාජු චන්දිරම් ය. 

‍ඩියුටි ෆ්‍රී ව්‍යාපාර කවයන් හි එතරම් ප්‍රකට නොවූ නාමයක් වන ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් එයට පෙර යෙදී තිබූ සමකාර්ය කටයුත්ත වූයේ තායිලන්තයේ බැංකොක් එයාවේස් ගුවන් සමාගම වෙත කෙටි කාලයක් සඳහා ඩියුටි ෆ්‍රී සේවාවන් සැපයීම පමණි. 

පිටු 17 කින් යුත් දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් හි හිටපු සේවක මාලන් ෆෙරෙයිරා මහතා අවධාරණය කළේ අදාළ පාර්ශවයන් දෙක අතර අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ලබාගැනීමට තමන් සමත් වූ බවයි. එම ගිවිසුම මගින් ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සමාගම ඉටුකිරීමට අපොහොසත් වූ කාරණා ගණනාවක් හඳුනාගත් බවත් ඔහු කියා සිටියේය. 

‍එසේම ගිවිසුම් කාලය තුළ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සමාගම විසින් සිදුකරනු ලැබූ ඇතැම් ව්‍යාපාරික කාර්යයන්, රටේ තීරු බදු පනත සෘජු ලෙස උල්ලංඝනය කිරීමක් පෙන්වා දෙන බව ද ඔහු ස්ථිර ලෙස කියා සිටියේය. 

ඔහු තවදුරටත් සඳහන් කළේ භාණ්ඩ සැපයුම්කරු විසින් සෘජු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගබඩා වෙත ප්‍රවාහනය කළ යුතුව තිබූ තීරු බදු රහිත වෙළඳ භාණ්ඩ, තුන්වැනි පාර්ශවයක් වශයෙන් කටයුතු කළ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සමාගම විසින් වෙනත් සංක්‍රාන්තීය ගබඩාවක් වෙත ප්‍රවාහන කර ඇති බවයි. 

එසේම සාක්ෂිකරු මෙහිදී නැවත නැවතත් කියා පෑවේ ඒ වන විටත් දෙපාර්ශවය අතර අත්සන් කර තිබූ ගිවිසුම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සමාගමට වාසිදායක වන අන්දමින් වෙනස් කළ බව සහ, ඒ හරහා ජාතික ගුවන් සේවයට තීරු බදු මුක්ත වීමේදී ලැබිය යුතුව තිබූ කොමිස් මුදල් අහිමි කර ගත් බව ය. 

මේ අනුව ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත ගෙවිය යුතුව තිබූ සහතික කළ කොමිස් මුදලින් 37% ක් ශ්‍රී ලංකන් වෙත අහිමි වූ අතර, එය ඉහත කී පස් අවුරුදු කාල සීමාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6කට අධික මුදලකි. 

‍එසේම 2012 දෙසැම්බරයේදී, ෂැම්පේන් බෝතල්, මහරාජා පැලස් රෙස්ටොරන්ට් වෙතින් කෑම වව්චර යනාදී රුපියල් 25000 ඉක්මවූ නත්තල් හැම්පර්ස් භාරගත් බවත්, ඔඩෙල් ලිමිටඩ් වෙතින් වේවැල් බාස්කට් හි ඇසුරුම් කර තිබූ නත්තල් කෑම යනාදිය මිලදී ගත් බවත් මෙහිදී හෙළි විය. ඔඩෙල් ලිමිටඩ් සමාගම මේ කාලයේ හිමිව තිබුණේ ෆීනික්ස් කළමනාකාර අධ්‍යක්ෂ රාජු චන්දිරම්ගේ එවකට භාර්යාව වූ ඔටාරා චන්දිරම් හට ය. 

‍ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යේෂ්ඨ කළමනාකරුවන් වූ වාණිජ ප්‍රධානී ජී.ටී. ජයසීලන්, පියාසැරි සේවාවන් හි කළමනාකරු රෂ්මෝර් ෆර්නැන්ඩ්ස්, පියාසැරි සේවාවන් හි ජ්‍යේෂ්ඨ කළමනාකරු සේනක ඩි සොයිසා හා බෙදාහැරීම් අංශයේ ප්‍රධානී චානක ඔලගම යන අය විසින් මෙකී නත්තල් තෑගි භාණ්ඩ භාරගත් බව ද කොමිසම හමුවේ වාර්තා විය. 

‍සිය මෙහෙයුම් සඳහා ගබඩාවක් යොදාගැනීම සම්බන්ධයෙන් ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් විසින් ශ්‍රී ලංකන් එයා ලයින්ස් වෙත රු. 400000 ක කුලියක් ගෙවමින් සිටියදීත්, ජාතික ගුවන් සේවය විසින් පත් කර සිටි පියාසැරි සේවා කළමනාකරු රෂ්මෝර් ෆර්නැන්ඩ්ස්, ෆීනික්ස් ඩියුටි ෆ්‍රී හි සේවකයන් දෙදෙනෙකුට පියාසැරි සේවා අංශය තුළ අධික වියදම් සහිත කාර්යාල ඉඩකඩක් කිසිදු අයකිරීමකින් තොරව ලබාදීමට කටයුතු කර තිබේ. 

තවදුරටත් සාක්ෂි ලබාදීමේදී සාක්ෂිකරු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මානව සම්පත් ප්‍රධානී ප්‍රදීප කැකුළාවල, සේවකයන් දෙදෙනෙක් විසින් සිදුකළ බව කියන ලිංගික අඩන්තේට්ටම් සිදුවීම් දෙකක් නොසලකා හැර ඇති බවයි. 

පළමු සිද්ධියේදී, නවදිල්ලියේ කලාපීය කළමනාකරු ලලිත් ඩි සිල්වා ඉන්දියානු සම්භවයක් සහිත ගුවන් සේවිකාවක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත. එහිදී එකී ගුවන් සේවිකාව එම සිද්ධියෙන් අනතුරුව වෙනත් කලාපීය කාර්යාලයකට මාරු කර යවා ඇති අතර, අනතුරුව ඇය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මානව සම්පත් අංශය වෙත පැමිණිලි කර ඇත. ලලිත් ඩි සිල්වා සීෂෙල්ස් හි ශ්‍රී ලංකන් ගුවන් ගමන් අධීක්ෂක වශයෙන් තවමත් කටයුතු කරමින් සිටින්නේ නවදිල්ලියේ මේ සම්බන්ධයෙන් අධිකරණ නඩු විභාග 3 ක් පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ ය. 

‍අනෙක් සිදුවීමේදී පියාසැරි කපිතාන්වරයෙක්, සිය ව්‍යාපාරික පන්තියේ කැබින් කාමරයේ පියාසැරි විවේකය ලබමින් සිටින අතරවාරයේ, නිදා ගනිමින් සිටි ව්‍යාපාරික පන්තියේ මගී කාන්තාවක අනිසි ලෙස ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි. 

‍2016 මැයි 16 වැනිදා කොළඹ සිට ලන්ඩන් බලා ගමන් ගනිමින් සිටි UL 503 ගුවන් යානාවේ ව්‍යාපාරික පන්තියේ 3K ආසනයේ අසුන්ගෙන සිටි මගී කාන්තාව පිළිබඳ එම සිදුවීම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මානව සම්පත් ප්‍රධානී ප්‍රදීප කැකුළාවල විසින් සිතාමතා ම යටගසා තිබේ.  


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment