Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නේවි සම්පත් හැංගුවාට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට බඩු පැකට්?


 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් බී වාර්තාව මගින් අධිකරණය වෙත දන්වා ඇත්තේ, අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවක සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තාට රැකවරණය සැපයීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා එල්ල වී ඇති බවයි.

කප්පම් ගැනීම සඳහා තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ ප්‍රධාන චූදිතයා වන නේවි සම්පත්ට නාවික හමුදාව මගින් රැකවරණය සලසා ඇති අතර පසුව ඔහු නීතිවිරෝධී ආකාරයෙන් රටින් පිටකර ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් ඔහු නාවික හමුදාව භාරයේ සිටියදී නාවික හමුදාව අධිකරණයට දන්වා ඇත්තේ ඔහු අතුරුදන්ව ඇති බවයි. 

මෙම සැකකරුට රැකවරණය සැපයීම සම්බන්ධයෙන් එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා වගකිව යුතු බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව අපරාධකරුවෙකුට රැකවරණය සැලසීම, අපරාධයක සාක්ෂි වසන් කිරීම, සැකකරුවෙකුට පලායාමට ආධාර හා අනුබල දීම යන වැරදි යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියට එරෙහිව චෝදනා ගොනුකළ හැකි බව රහස් පොලීසිය අධිකරණය වෙත අදාල බී වාර්තාව මගින් දැනුම් දී තිබේ.

මීළඟ නඩු විභාගයේදී මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment