Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'ලක්බිම'ට මෝල් : තිලංගගේ පච අතේ රෝල්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වෙනි සංවත්සරය යෙදෙන මෙම සැප්තැම්බර් 02දා වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟි පළ කර ඇතැයි එම පක්ෂයේ 16 කණ්ඩායමේ සාමාජිකයකු වන තිලංග සුමතිපාල මහතාගේ පවුලට අයත් 'ලක්බිම' පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එය පට්ටපල බොරුවක් බවයි.

තිලංගගේ අතේ රෝලේ මෙසේද සඳහන්වේ.

''පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ තුන්වෙනි බලවේගය බවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය සමග සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නිසා බවත් ඉන් කලකිරුණු බිම් මට්ටමේ පාක්ෂිකයන් පක්ෂයෙන් ඈත් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ජයග්‍රහණය කිරීමට නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02දා වන විට ආණ්ඩුවෙන් ඉවත් වන බව ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඉඟි පළ කළ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

'ශ්‍රීලනිපය ආණ්‌ඩුවෙන් ඉවත්වීමේ යෝජනාව දුමින්ද තුන් පාරක් යට ගැහුවා' - ඩිලාන්

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට 16 දෙනාගෙන් යුත් මන්ත්‍රී කණ්‌ඩායම පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාව හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තුන්වරක්‌ම යට ගැසූ බවයි. 

මේ හේතුව නිසා ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නිදහස්‌ පක්‍ෂයට නොහැකි වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මාස තුනක්‌ තිස්‌සේ මධ්‍යම කාරක සභා වාර තුනකදී යට ගැසූ එම යෝජනාව අලුතින් පත්වූ පක්‍ෂ නව මහ ලේකම්වරයා වෙත ද භාරදුන් බවත්, ඔහුද පසුගිය මධ්‍යම කාරක සභාවේදී එය ඉදිරිපත් කළේ වැරැදි ආකාරයට බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුවෙන් ඉවත් නොවී ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කළහොත් අන්ත පරාජයක්‌ ලබන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ බහුතරයක්‌ විධායක සභාවේදී සඳහන් කර තිබියදී තවදුරටත් ආණ්‌ඩුවේ සිට ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වුවහොත් සිදුවන්නේ සියදිවි නසා ගැනීමක්‌ බවද මන්ත්‍රීවරයා කීවේය.

එම නිසා මධ්‍යම කාරක සභාවට ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාව ඉක්‌මනින් ඉදිරිපත් කර එය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු පිරිස සූදානම් කරගන්නා බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment