Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

"මම බදු ගෙවන්නෙ නෑ" - ඒ.එස්.පී. ලියනගේ ජනපති ඉදිරියේ පම්පෝරි ගසයි.


ශ්‍රී ලංකාව තුළ තිබෙන තමන්ගේ කිසිදු සමාගමක් ආණ්ඩුවට නියමාකාරයෙන් බදු නොගෙවන බව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කටාර් හි තානාපතිවරයා වශයෙන් පත් කළ ඒ.එස්.පී. ලියනගේ ව්‍යාපාරිකයා එළිපිටම පැවසුවේය.

ඒ කුමක් නිසාද යත්, ඔහුගේ ගණකාධිකාරවරුන්, එසේ බදු ගෙවීම පැහැර හැරීම සඳහා මූල්‍ය වාර්තා පිළියෙළ කළ යුතු ආකාරය දන්නා නිසා ය.

‍ඔහු මේ බව සඳහන් කළේ දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ භාරකාර මණ්ඩලය සමග ජනාධිපති කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙතම ය. ඔවුන් ව ජනපති නියමයෙන් වහාම කොළඹට කැඳවූයේ, ඒ.එස්.පී. කටාර් තානාපති වූ පසු පාසල් බලධාරීන් මුහුණ දුන් ගැටළු හේතුවෙනි.

‍මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයටම කන්දුන් ජනපති සිරිසේන සඳහන් කළේ කටාර් හි සිදුවන මෙම අවලස්සන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරියේදී තමන් ලබාදෙන බව පවසමිනි.

මෙම හමුව සිදු වී දින 17 ක් ගත වී ඇති වුවද, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තවම සිය තීරණය නිවේදනය කර නැත.  

ඩොලර් මිලියන ගණනක මුදල් ප්‍රේෂණයන් හරහා මව් රටේ ආර්ථිකය දියුණු කරන කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග සිදු ව තිබෙන්නේ අසාධාරණයකි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් මේ වන විට වෘත්තීය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික නොවන දෙදෙනෙකු පිට පිටම කටාර් හි තානාපතිවරුන් වශයෙන් පත් කර තිබේ.

ඒ.එස්.පී. ලියනගේ තානාපති වශයෙන් පත් කිරීමට පෙරාතුව ජනාධිපති සිරිසේන එම තනතුරට පත් කළේ ආචාර්ය ඩබ්.එම්. කරුණාදාස ය.

‍කටාර් හි මෙම ප්‍රශ්න මාලාවන් පැන නගින්නට පටන් ගත්තේ ආචාර්ය කරුණාදාසගේ පත්කිරීමෙන් පසුව ය. එනම්, ඔහුගේ උපදෙස් යටතේ, එතෙක් භාරකාර මණ්ඩලයක් විසින් වසර 15කට අධික කාලයක් මුළුල්ලේ කටයුතු සිදු කෙරුණු දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල තානාපති කාර්යාලය විසින් නීති විරෝධී අන්දමින් පාලනයට නතු කර ගැනීමට උත්සාහ කෙරිණි.

‍භාරකාර මණ්ඩලය විසින් කටාර් තානාපති කාර්යාලය සහ තානාපතිවරයා පාසලේ අනුශාසකවරයෙකු වශයෙන් පත් කළේ 2011 වසරේදී මිස ඊට පෙර නොවේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ‍මෙම පාසල පවත්වාගෙන යාමට කිසිදු කාර්ය භාරයක් නොකරන අතර කිසිදු ආකාරයකින් පාසලට අනුග්‍රාහක මුදල් ලබාදීමක් ද සිදු නොකරයි.

පාසල පිහිටවූ දිනයේ පටන්ම එය තමන් විසින්ම අරමුදල් සපයා ගත් අතර,  ශ්‍රී ලාංකික දරුවන් 1000කට අධික පිරිසකට සේවය සපයමින් කිසිදු ගැටළුවකින් තොරව කටයුතු කළේය.

සභාපති ෆොන්සේකා සහ එහි භාරකාර මණ්ඩලය විසින් මෙම පාසල පවත්වාගෙන යාමේ ආකෘතිය නිර්මාණය කළේ කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකීය පවුල් ඒකරාශී කිරීම ද සිදුවන අයුරිනි.

කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 400කට අධික මුදලක් ඇති අතර, එය පාසල අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති වත්මන් තානාපතිවරයා සහ හිටපු තානාපතිවරයාගේ නොමද ඊර්ෂ්‍යාවට හේතු විය.

මේ අතර තානාපතිවරයෙකු වශයෙන් සිය ධුරය තුළ සිය රටවැසියන් රැක බලා ගැනීම වෙනුවට ඒ.එස්.පී. ලියනගේ විසින් තානාපතිවරයෙකු කිසිදා නොකළ දෙයක් කරමින්, එම රටවැසියෙකුට එරෙහිව කටාර් හිදී නඩු මගට බැස තිබේ.

මෙය සිදුවූයේ, දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ සභාපති කුමුදු ෆොන්සේකා වෙත ඔහු විසින්ම වට්ස්අප් පණිවුඩයක් යැවීමත් සමග ය.

‍ඒ සඳහා පාසල් සභාපතිවරයා විසින් දැක්වූ ප්‍රතිචාරය, ඒ.එස්.පී. ලියනගේ විසින් තවදුරටත් බොරු ගොතා වර්ධනය කිරීමෙන් අනතුරුව දෝහා කටාර් හි කුමුදු ෆොන්සේකා ට විරුද්ධව නඩුවක් පැවරීම පිණිස පාවිච්චි කර තිබේ.

නඩුවේදී කුමුදු ෆොන්සේකා හට කටාර් රියාල් 50,000 ක් එනම්, දළ වශයෙන් රුපියල් මිලියන 2.3 ක් ගෙවීමට නියම විය.

මේ වන විට එයට විරුද්ධව ඔහු විසින් අභියාචනා කර තිබේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP