Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'බල්ලෝ උසිගන්වන්න එපා, මම ගෙදර එනවා' - ඩිලාන්ගෙන් මහින්දට පණිවිඩයක්'


"ගෙදර ඉන්න බල්ලෝ උසිගන්වන්න එපා,බුරන්න දෙන්නෙපා,හපා කන්න දෙන්නෙපා,මම යළි ගෙදර එනවා - ඩිලාන්ගෙන් මහින්දට පණිවිඩයක්"

පිං ඇමතිකමක් ගත්ත ආණ්ඩුවේ හිටපු ඩිලාන් පෙරේරා කියන්නේ කවුද? කාලෙන් කාලේට අමුතු කතා කියන වල-පයයි ගොඩපයයි තියන් ඉන්න ප්‍රතිපත්තියක් නැති දේශපාලඥයෙක් විදියට තමයි රටෙ ජනතාව ඔහුව හදුන්වන්නේ. තමන්ගේ ආසනේවත් දිනාගත නොහැකි මන්ත්‍රීවරයෙක් ලෙස ඩිලාන් පෙරේරා හදුන්වා දිය හැකි ය.

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා දැන් අලුත් දේශපාලන ව්‍යාපෘතියක් අරඹා තිබේ.මේ අමුතු නාටකය මේ දිනවල 16 කණ්ඩායමේ වේදිකාවේ නිතර නිතර රැවි දෙන බව පෙනී යයි.කිසිදු ප්‍රතිපත්තියක් නැති මොහු දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේම මහින්ද අගමැති කිරිමට යන බව පවසයි.එය පැහැදිලිව අසාර්ථක උත්සාහයක් බව ද තතු දත් ආරංචි මාර්ග පවසා සිටී.

දේශපාලන අර්ථයෙන් විචාරාත්මකව බලන කල ඩිලාන් පෙරේරා යලි මහින්ද රාජපක්ෂ වෙත ක්‍රම ක්‍රමයෙන් සමීප වීමට උත්සාහ දරමින් සිටියි.ඒකාබද්ධ විපක්ෂයට මහින්ද අගමැති කිරිමට වඩා උත්සාහයක් සහ උවමනාවක් ඩිලාන් පෙරේරාට මහින්දට අගමැති කිරිමට ඇති වී තිබේ.මේ පිළිබදව දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ 16 කණ්ඩායමේ ඩිලාන්ලා පිළිබදව රාජපක්ෂ කදවුරේ සිටින අය අකමැති බවත් එය ව්‍යාජ රංගනයක් බවත් ඔවුන් නිතර නිතර කියා සිටිමත්,එයට එරෙහිව ඩිලාන් පෙරේරා තමන් වැඩියෙන්ම ආදරේ මහින්ද රාජපක්ෂට බවත් අනෙක් අයට වඩා තමන් ඒ වෙනුවෙන් කැප වුණු බව නිතර නිතර කියා සිටී.මහින්ද රාජපක්ෂව අගමැති කිරිමට ගිය මෙම කණ්ඩායමේ උත්සාහය පරාජයට පත් වූ අයුරුද දැක ගත හැකි වූ අතර දැන් එය තවත් හාස්‍යජනක විහිලුවක් කරා ගමන් කරන අයුරු පෙනේන බව දේශාපාලන විචාරකයින් කියා සිටී.

16 කණ්ඩායමේ ඩිලාන්ගේ මෙම ගැටයට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් හසු වී ඇති බවත් එය ගැටලුවත් බවත් එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අදහස් පළ කරන අයුරු මාධ්‍ය ද වාර්තා කර තිබේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP