Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වෙඬරුවේ හිමියෝ හිට්ලර් උපමාවට ගත්තේ දැහැමි පාලකයෙක් ගැන කියන්න!


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියෝ හිට්ලර් කෙනෙකු වැනි මිලිටරි පාලකයෙකු උදාහරණයට ගත්තේ දැහැමි ඍජු ගතිගුණ තිබෙන පාලකයෙක් රටට අවශ්‍ය බව කීමට යැයි අද (24) පැවැති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබේ.

එම දානමය පිංකමේදී වේඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ කළ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය නොදක්වන බවද ඒ මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් උපාලි හිමියන් මෙම ප්‍රකාශය සිදු කළ සැනින් එයට විරෝධ දක්වා මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ එවැනි ඒකාධිපති පාලනයක් රට තුළ ඇතුවුවහොත් තමන් ඊට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බවය.

උන්වහන්සේගේ එම ප්‍රකාශය මහා සංඝ රත්නයටත්, රාජපක්‍ෂවරුන්ටත් විරුද්ධව යොදාගනිමින් තිබෙන බවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ගොඨාභය රාජපක්ෂ මහතා උම්බලකඩ කෑල්ලක්වත් නොකන ඉතාම සාමකාමී ජීවිතයක් ගත කරන කෙනෙකු බවත් ඔහු කිසිසේත්ම හිට්ලර් පන්නයේ කෙනෙකු නොවන බවත් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබේ.

මිනිස් ජීවිත ලක්ෂ ගණනක් අහිමි කරමින් ම්ලේච්ච පාලනයක් ගෙන ගිය ඒකාධිපති හිට්ලර්ද මස් මාලු කිසිවක් අනුභව නොකරන එළවළු පමණක් ආහාරයට ගන්නා අයෙකු බව ඉතිහාසයේ ප්‍රචලිත කරුණකි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment