Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නාමල්ට එරෙහි ගවර්ස් කෝප් නඩුවේ සාක්ෂි විභාගය කල්යයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 06දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (18) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් නඩුවේ විත්තිකාරියක වන සුජානි බෝගොල්ලාගම නැමැත්තියගේ දරුවා ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම නිසා එම නඩු විභාගය කල්තබන මෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම නඩුව ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (18) නියෝග කර තිබේ.

පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා මේ වනවිට අධිකරණය මඟහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද අධිකරණය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි, ඉරේෂා සිල්වා සහ ඉන්දික කරුණාජීව යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධීකරනය වැළක්වීමේ පනත යටතේ චෝදනා 11කින් යුත් අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරනය වෙත ලබා දී තිබේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP