Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අපරාධ චූදිතයෙකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරය දැරිය හැකිද?


අපරාධයකට සම්බන්ධ චූදිතයෙකුට රැකවරණය ලබාදීම, ඔහුට රහසිගතව රටින් පිටවීම සඳහා සහයෝගය ලබාදීම, අපරාධයක සාක්ෂි වසන් කිරීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධයෙන් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ. රවීන්ද්‍ර විජේගුණරත්න යනු වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාය.

ඔහු මීට පෙර ප්‍රකාශ කළේ අදාල වැරදි සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වුවහොත් සිය තනතුරෙන් ඉල්ලා අස්වී, අදාල පරීක්ෂණ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි. මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංක 9527/18 යටතේ බී වාර්තාවක් මගින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ. එසේ තිබියදී පවා විජේගුණරත්න මහතා තවමත් සිය ධූරයේ කටයුතු කරමින් සිටී.

රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු අවශ්‍ය සියලුම පුද්ගලයන් සහ ආයතන දැනුවත් කර ඇති බවයි. කෙසේ වෙතත් විජේගුණරත්න මහතා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

රහස් පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී" එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නේවි සම්පත් නැමැත්තාට රැකවරණය ලබාදීම සහ ඔහුව රහසේ රටින් පිට කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව 'සාධාරණ සැකයකින් තොරව' තහවුරු වී ඇති අතර ඒ පිළිබඳව ඡායාරූප සාක්ෂි ඇතුළු සියලු සාක්ෂි අනාවරණය කරගෙන තිබේ. එසේ තිබියදී තවදුරටත් ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කිරීම වක්‍රාකාරයෙන් පරීක්ෂණවලට බාධා කිරීමකි.

ඔහු තවමත් අපරාධකරුවෙකු නොවන අතර අපරාධයක චූදිතයෙකු පමණි. ඒ අනුව ඔහු කළයුත්තේ තනතුරෙන් ඉවත් වී පරීක්ෂණවලට සහ අධිකරණ ක්‍රියාමාර්ගවලට අවශ්‍ය සහයෝගය ලබාදීමයි, ඒ හරහා මෙම චෝදනාවලින් නිදහස්වීමයි.

වගකිවයුතු තනතුරක් දරන පුද්ගලයෙකු අපරාධයක සැකකරුවෙකු ආරක්ෂා කිරීම සහ අපරාධයක සාක්ෂි වසන් කිරීම බරපතල වරදක් වන අතර එවැනි පුද්ගලයෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස තවදුරටත් කටයුතු කිරීම බරපතල ගැටලුවකි. එවැනි පුද්ගලයෙකු අදාල තනතුරේ තවදුරටත් රඳවා තබාගැනීම හරහා ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගකිවයුතු පුද්ගලයන් සිදු කරන්නේ අනියමින් ඔහු ආරක්ෂා කිරීම හා ඔහුට සහයෝගය දැක්වීමයි. ඒ අනුව විජේගුණරත්න මහතා අදාල තනතුරෙන් ඉවත් නොවන්නේ නම් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඔවුන් සියලුදෙනාගේ වගකීමකි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment