Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හරීන් ප්‍රනාන්දු ජනපති හා කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ හැටි.


පහුගිය වසරේ අගෝස්තු මාසයේ දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා දේශීය ව්‍යවසායක සමාගමක නියෝජිත පිරිසක් අතර හමුවක් සිදුවිය. මේ අවස්ථාවට ඇමති ආචාර්ය සරත් අමුණුගම ද එක් වී සිටියේය. සාකච්ඡාව “ඉ” විදේශ ගමන් බලපත්‍ර සැපයුම පිළිබඳවය. ඒ වන විට ටෙන්ඩර් කැඳවීමකින් තොරව එම සැපයුම් කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය සමාගමකට පවරා තිබුණි.

විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව විදේශ ගමන් බලපත්‍ර සැපයුම ලබා දීම පිළඳව ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගත්තේය. එම තීරණය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමැති සරත් අමුණුගමට උපදෙස් දුන්නේ ය. ප්‍රසිද්ධ ටෙන්ඩරයක අවශ්‍යතාව පෙන්වා දුන් ව්‍යාපාරික සමාගම් ලිපියකට, උපදෙස් සටහනක් ද තබා එය ඇමැතිවරයාට දුන්නේ ය.

පසුගිය අවුරුදු හත අටක කාලයක් තිස්සේ ආගමන විගමන දෙපාර්තුමේන්තුව රටට, “ඉ” ගමන් බලපත්‍රයක අවශ්‍යතාව, පෙන්වා දී තිබුණි. ජාත්‍යන්තර ප්‍රමිතින්ට ගැළපෙන එවැනි ගමන් බලපත්‍රයක වැදගත්කම හැම දෙනාම විසින් පිළිගත් කරුණකි. දෙපාර්මේන්තුවේ ඉල්ලීම මත 2016 වසරේ දී මොරටුව විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් විසින් “ඉ” ගමන් බලපත්‍රය හඳුන්වා දීමේ ක්‍රමවේදය හා ඊට අදාළ තාක්ෂණික රාමුව ඉදිරිපත් කළහ.

එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රවි කරුණානායකය. මොරටු සරසවි වාර්තා කුණු කූඩයට ගියේය. ICTA ආයතනයට (තොරතුරු තාක්ෂණ ඒජන්සියට) නව තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කිරීමේ බලය හිමි විය. බ්‍රිතාන්‍ය සමාගමක් වූ ඩි ලා රූ ලංකා සමාගමට කොන්ත්‍රාත්තුව ලැබුණේ ඒ හරහා ය.

ICTA ආයතනය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ අසත්‍ය කරුණු කිහිපයක්ම අඩංගු වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය සමාගමටලබා දිය යුතු බවට යෝජනාව ඉදිරිපත් වුයේ ආර්ථීක කටයුතු මෙහෙයවීම පිළබඳ කැබිනට් අනුකමිටුව මගිනි. ජනාධිපතිවරයාගේ අදහස වූයේ ටෙන්ඩර් පටිපාටියකින්, මෙය කළ යුතු බවයි. වඩාත් විනිවිද භාවයකින් යුත් ස්විස් චැලේන්ජ් ක්‍රමය යටතේ ටෙන්ඩර් ලබා දීම කළ යුතු බව ඔහුගේ අදහස විය. ඒ අනුව ආගමන විගමන දෙපාර්තු-මේන්තුවේ විෂය භාර අමාත්‍ය එස්.බී.නාවින්න හා හරීන් ප්‍රනාන්දු යන ඇමැතිවරු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළහ. ඒ අනුව 2017 වසරේ අගෝස්තු පළමුවැනි දා කැබිනට් අනුමැතිය ලැබුණේ ජනපති යෝජනා කළ “ස්විස් චැලේන්ජ්” ක්‍රමය අනුව විදේශ ගමන් බලපත්‍ර සැපයුම්කරු තෝරා ගැනීමටය.

නමුත් ඇමති හරීන් ප්‍රනාන්දු නොවැම්බර් 02 වැනිදා තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. පෙර කැබිනට් අනුමැතිය ලත් ස්විස් චැලේන්ජ් ක්‍රමය මේ පත්‍රිකාවෙන් ඉවත් කොට තිබුණි. අලුත් පත්‍රිකාවෙන් යෝජනා වී තිබුණේ ඩි ලා රූ ලංකා ආයතනය වෙත සෘජුවම, “ඉ” ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව ලබා දීමටය. පුදුමයකට මෙන් මේ කැබිනට් පත්‍රිකාවට විෂය භාර අමාත්‍යවරයා වනඑස්.බී.නාවින්න අත්සන් කොට තිබුණේ නැත. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවේ තිබුණේ ඩි ලා රූ ලංකා ආයතනය —ස්විස් චැලේන්ජ් ක්‍රමයට දැඩි ලෙස විරුද්ධ බවයි.

තමන් වෙත ව්‍යාපෘතිය ලබා දුනහොත් නවීකරණ කටයුතු සඳහා රුපියල් බිලියන 1.2ක මුදලක් ආයෝජනය කිරීමට ඩි ලා රූ ලංකා ආයතනය පොරොන්දු වී තිබේ. උක්ත අයෝජනය ඩි ලා රූ ආයනයට සෘජුව කොන්ත්‍රාතුවක් ලබා දීම සඳහා සුදුසුකම ලෙස පෙන්වා දී තිබුණි. දෙවන කැබිනට් පත්‍රිකාව අනුමත විය.

ඩි ලා රූ ආයතනය ඒ පොරොන්දුව කඩ කොට තිබේ. 2018 ජනවාරි 26 වැනිදා එම ආයතනය ආගමන විගමන දෙපාර්තු-මේන්තුවට ඉදිරිපත් කළ බලපත්‍ර සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ. ඔවුන් ආයෝජනය කරන්නේ මිලියන 50කටත් වඩා අඩු තාක්ෂණික මෙවලම් කිහිපයක් සඳහා පමණක් වන මේ පොරොන්දු කඩ කිරීම මහ පරිමාණයේ වංවාවක් බව පැහැදිලිය. රුපියල් බිලියන 1.2ක් වූ මුදලින් මිලියන 50ක සුළු ප්‍රමාණයක් අඩු විය. ඉතිරි මුදල යන්නේ කාටද? සියලු දෙනාගේම ඇස් වසා කෙරෙන වංචාවක්ද?

ඇසිය යුතු ප්‍රශ්න රාශියක් තිබේ.

ගමන් බලපත්‍ර පිළිබඳ වගකීම හා අයිතිය ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවටය. එය අයිති වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයටය. (පසුගිය රජය සමයේ එම දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කොට තිබුණි.) මේ ටෙන්ඩරය අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආර්ථීක කටයුතු මෙහෙයවීම පිළිබඳ කැබිනට් අනුකමිටුව යටතට ගැනීම නිවැරදිද?

මොරටුව සරසවියේ තාක්ෂණ විශේෂඥයන් ලබා දුන් වාර්තාව ප්‍රතික්ෂේප කළේ කවුද? කුමන පදනමක් යටතේද? නව තාක්ෂණ කමිටු වාර්තාවක් ඉදිරිපත් කිරීමට ICTA ආයතනයට බලය දුන්නේ කුමන පදනමක් යටතේද? එම වාර්තාවේ අඩුපාඩු තිබියදී වාර්තාව ක්‍රියාත්මක කළේ කෙසේද?

ඩි ලංකා රූ සමාගම සියයට හැටක කොටස් උරුමයක් ඇති බ්‍රිතාන්‍ය සමාගමකි. ටෙන්ඩර පටිපාටියකින් තොරව විදේශීය සමාගමකට සෘජු කොන්ත්‍රාත්තුවක් ලබා දීමට හැකිද? තවත් ප්‍රශ්න රැසක්ම අසන්නට තිබේ. වැදගත් ප්‍රශ්නය වන්නේ අවසානයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය මේ සෘජු කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ කුමන හේතු සාධක මතද?

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, ජනාධිපතිවරයාව සහ කැබිනට් මණ්ඩලය නොමඟ යැව්වේද?

රටේ දිගින් දිගටම සිදුවන වංචාවන් හා සසඳන විට අප මේ ලිපියේ සඳහන් කළ රුපියල් බිලියන 1.5ක මුදල සුළු මුදලක් යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. මේ වංචාවෙන් රටට සිදුවන පාඩුව ගණන් බැලිය හැක්කේ අනාගතයේ රටට අවශ්‍ය වන ගමන් බලපත්‍ර ප්‍රමාණය පිළිබඳ සලකා බැලීමෙනි. දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට ගමන් බලපත්‍ර 2000ත් -2500ටත් අතර ප්‍රමාණයක් නිකුත් කරයි.

ඒ අනුව “ඉ” ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව කෙතරම් විශාල එකක් දැයි සිතාගත හැකිවනු ඇත. මේ ව්‍යාපෘතියෙන් කොමිස් ගන්නට බලාපොරොත්තු වන කොමිස් කාක්කන්ටත් ලැඛෙන මුදල් කන්දරාව ගැනත් සිතා ගන්නට පුළුවන.

සමහරුන්ට කොපමණ ජරාව කෑවත් මදි යැයි කියා අපට කියන්නට සිදුවන්නේ එබැවිනි.

(බන්දුල පද්මකුමාර | සැබෑ)


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment