Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

TRC අධ්‍යක්ෂක ජෙනරාල් හෙට රහස් පොලීසියට.


විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් පී.ආර්.එස්.පී. ජයතිලක මහතා හෙට (22) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ. ඒ ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

ටෙල්ෂාන් නෙට්වර්ක් පුද්ගලික සමාගමට අයත් පොල්ගහවෙල විකාශනාගාරයට පසුගියදා සීල් තැබූ අතර විදුලි සන්දේශ නියාමනකොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පසුගිය 06 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාල විකාශනාගාරය පවත්වාගෙන යාම සඳහා තම ආයතනයෙන් අවසර ලබාගෙන නොමැති බවයි. එම විකාශනාගාරය හරහා සිදුකරන විකාශන කටයුතු හේතුවෙන් අනෙකුත් විකාශනයන්ට බාධා පැමිණෙන බැවින් TNL විකාශනාගරයේ කටයුතු නැවැත්වීමට තීරණය කළ බව ද එම නිවේදනයේ සඳහන් විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වූ අතර එම චෝදනාවල සඳහන් වූයේ රජය මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන බවයි. මීට අමතරව TNL ප්‍රවෘත්ති මගින් රජය හා ජනාධිපතිවරයා විවේචනය කිරීම හේතුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මෙවැනි පියවරක් ගත් බවට විවිධ පාර්ශ්වයන් විසින් චෝදනා කරන ලදී.

ඒ අනුව සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රහස් පොලීසිය මගින් පරීක්ෂණ සිදු කරන අතර එම පරීක්ෂණ කටයුතු සඳහා TRC අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රහස් පොලීසියට කැඳවන බවයි වාර්තා වන්නේ.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment