Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඒකාබද්ධ විපක්ෂය ඇලෝශියස්ට පහරදීමේ සැබෑ හේතුව හෙළිවෙයි.


මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝශියස්ගේ මෙට්ටය යටින් ජංගම දුරකථන තුනක් සහ සිම් කාඩ්පත් පහක් හමුවීමේ සිදුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය බොහෝ කලබල වී තිබිණි. පසුගිය 06 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි. කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂය පන්න පන්නා අර්ජුන් ඇලෝශියස්ට පහරදීමේ සැබෑ හේතුව පුද්ගලික එකක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. 

ඒකාබද්ධ විපක්ෂය අර්ජුන් ඇලෝශියස් සමග මේ තරම් ආරෝවක් ඇති කර ගැනීමට හේතුවී ඇත්තේ නාමල් රාජපක්ෂ විසින් අර්ජුන් ඇලෝශියස්ගෙන් ඉල්ලා සිටි මුදලක් ගෙවීම ඔහු ප්‍රතික්ෂේප කිරීමයි. නාමල් අර්ජුන්ගෙන් මුදල් ඉල්ලා සිටියදී අර්ජුන් ප්‍රකාශ කර ඇත්තේ කිසිවකුට මුදල් ලබාදීමට තමන්ට වුවමනාවක් නොමැති බවයි.

"මං ළඟ තියෙන්නේ මගෙ සල්ලි. ඒවා මං හම්බ කරපුවා. කාටවත් සල්ලි දෙන්න මට වුවමනාවක් නෑ. මේ වෙනකොටත් මං උපරිම දඬුවමක් විඳලා තියෙන්නේ. ඕනෙ කෙනෙක් නඩු කියපුවාවේ. මං සල්ලි දෙන්නේ නෑ" යනුවෙන් අර්ජුන් ඇලෝශියස් එහිදී පවසා ඇත.

අර්ජුන් ඇලෝශියස්ට දුරකථන ඇමතුම් ලබාගත් පුද්ගලයින් පිළිබඳව ද ඒකාබද්ධ විපක්ෂය නිතර විවේචනය කරනු දක්නට ලැබෙයි. එහෙත් පසුගිය යුගයේ ඔහුට ඇමතුම් ලබාගත් පිරිස පිළිබඳව සොයා බැලුවහොත් දැක ගැනීමට හැකි වන්නේ ඔහුට වැඩියෙන්ම ඇමතුම් ලබාගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ විසින් බවයි.

චීන සමාගම් වලින් ද මුදල් ලබාගත් ආකාරය අතේ පත්තු වී ඇති රාජපක්ෂලා ඇලෝශියස්ගෙන් මුදල් ඉල්ලීම පුදුමයක් නොවේ. පුදුම විය යුත්තේ ඔවුන් ඇලෝශියස්ගෙන් මුදල් නොඉල්ලුවා නම් ය. ඇලෝශියස්ට පන්න පන්නා පහර දෙන්නට ඒකාබද්ධය වුවමනාව පහළ වී ඇත්තේ නාමල් එසේ ඇලෝශියස්ගෙන් ඉල්ලූ මුදල් නොලැබීම නිසාය.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP