Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නීතියේ ඇස වසා ජනතාවගේ කටේ පස් දමන ගම්පහ පස් පාතාලය...


ගම්පහ දිස්ත්‍රික්කයටම පිළිලයක් වී තිබෙන පස් ජාවාරම මේ වන විට අලුත් වටයකින් ආරම්භ වී තිබේ. පස් කැපීම තහනම් කර ඇති පසුබිමක නීතියේ කනෙන් රිංගමින් මෙම පස් ජාවාරම නැවත වරක් ආරම්භ වී ඇත්තේ ගෙපල් කැපීමට මුවාවෙමිනි. ඉඩම්වල පස් කැපීම තහනම් කළ හැකි වුවත් ගෙපල් කැපීම කිසිවකුටත් තහනම් කළ නොහැකි වීම පස් ජාවාරමුන්ට මහත් පිටුබලයක් වී තිබේ.

දැනට දශක කිහිපයක සිට ආරම්භ වූ ගම්පහ පස් ජාවාරම මේ වන විට මහත් ව්‍යසනයක්ව ඇති අතර පස් කඳු අස්සේ ගැවසෙන මුදල් කන්දරාව නිසා පාතාලයේ බැල්ම ද පස් ජාවාරම වෙත යොමුව ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, කටාන, දොම්පේ, බිගයම, අත්තනගල්ල, මීරිගම යන ආසන වැඩි වශයෙන්ම මෙම ජාවාරමට ගොදුරුව තිබේ. ගම්පහ පස් ජාවාරම නිසා මේ වන විට සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 49කි.

පසුගිය කාලයේ මෙම ජාවාරම උග්‍ර අතට හැරුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පස් කැපීමට වැට බැඳුණි. එහෙත් පසේ රස දන්නා ගම්පහ පාතාලයන් පස් ජාවාරම අත්හැරීමට සූදානම් වූයේ නැත. එම නිසා නීතියේ කනෙන් රිංගා පස් කැපීම කෙරෙහි පාතාල කෙරුමන්ගේ අවධානය යොමු විය. එතැන දී ඔවුනට පිහිටට ආවේ ගෙපල් කැපීම සඳහා රජයෙන් ලබා දී ඇති අවසරයය.

කපන ලද ගෙපලක පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කෙරෙන නිසා එම බලපත්‍රයට මුවා වී යළිත් වරක් පස් ජාවාරම ඉදිරියට කරගෙන යාමට පාතාලයෝ ක්‍රියාකළහ. ගෙපලක පස් ඉවත් කිරීම සඳහා පස් කියුබ් 35ක උපරිමයකට යටත්ව බලපත් නිකුත් කෙරේ. එහෙත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සහ අනෙකුත් රජයේ සේවකයන් අල්ලසට ගෙන එක් බලපත්‍රයකින් පස් කියුබ් 300ක් 400ක් පමණ ප්‍රවාහනය කිරීම ජාවාරමුන්ට සුළු කරුණකි.

පස් ජාවාරම පසුපස සැඟවී සිටින පාතාලය නිසා ජනතාවට මුහුණදෙන්නට සිදුව ඇති කරදර අප්‍රමාණය. විශේෂයෙන් පස් ජාවාරම් පිළිබඳ පොලීසියට ඔත්තු සැපයීම මරණයෙන් කෙළවර වියහැකි කාරණාවකි. තමන්ගේ ඉඩමෙහි පස් කඳු ඇති නම් එය ද පාතාලයන්ගේ තර්ජනවලට ලක්විය හැකි කරුණකි. එවැනි පස් කඳු කැපීමට පැමිණෙන පාතාලයන්ට විරෝධය පෑම ද මරණ වරෙන්තුව ලියවා ගත හැකි කරුණක් බව ගම්පහ මිනිස්සු දනිති.

පසුගිය දිනෙක මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පෝස්ටර් අලවා තිබුණේ පස් ජාවාරම පිළිබඳ ඔත්තු සපයන අයගේ කට කපන බව කියමිනි. කට කපනවා කියූ පසුවත් ඔත්තු දෙන්නට ගොස් පාතාලයන්ගෙන් මැරුම් කන්නට නොකැමැති පිරිස් දැන් දැන් පස් ජාවාරම් දුටුවත් නොදුටු සේ සිටින්නට පෙළඹී සිටිති. මෙය පස් ජාවාරම මැඩලීමේ දී පොලීසිය මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලුවකි.

පොලීසියට මුහුණ දෙන්නට සිදුව ඇති අනෙකුත් ගැටලුව වන්නේ පස් ජාවාරමේ නියුතු බොහෝ පාතාලයන් දේශපාලන සබඳතා ඇතිවුන් වීමය. උදාහරණයක් වශයෙන් නැදගමුවේ රෝහිත හෙවත් පස් පොඞ්ඩා නමැති ගම්පහ අංක එකේ පස් ජාවාරම්කරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයකු වන රුවන් රණතුංගගේ දකුණු අතය. පස් පොඞ්ඩා මේ වන විට බන්ධනාගාර ගතව සිටියත් ඊට පෙර අදාළ දේශපාලකයා යන ඕනෑම තැනක ඔහු ද අනිවාර්්‍යයෙන්ම සිටියේය.

බන්ධනාගාර ගතව සිටිය ද පස් පොඞ්ඩාගේ ජාවාරම් නතරව නොමැත. ඔහු සිය ගෝලබාලයන් ලවා අදටත් ගම්පහ පස් කඳු පිටින් කප්පවන අතර පොලීසිය ද ඒවා නොදුටු සේ සිටින්නේ පොඞ්ඩාගේ දේශපාලන හයිකාරකම් හොඳින් දන්නා නිසාවෙනි. විශේෂයෙන් එම දේශපාලකයා ආසන සංවිධායක ධූරය දරන ආසනයේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දේශපාලන අණට ඉහළින් කිසිවක්ම කරන්නේ නැත. පස් ජාවාරමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මුහුණ දෙන්නට සිදුව තිබෙන අනෙක් ව්‍යසනය නම් පස් කැපීමත් සමඟ මතුව එන ස්වභාවික ගැටලුය. පස් කැපීම හේතුවෙන් මේ වන විටත් ගම්පහ ඇතැම් ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිදී උග්‍ර ජල හිඟයක් මතුව ඇති බව රහසක් නොවේ. දශකයකට පමණ පෙර ඉතා සශ්‍රීකව තිබුණු ගම්පහ ඇතැම් ප්‍රදේශ දැන් දැන් මුඩුබිම් බවට පත්ව ඇත්තේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම ගැටලුවට මුහුණ දී තිබෙන ප්‍රදේශවල පළාත් පාලන ආයතන ප්‍රධානින් ද කරකියා ගත නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටින්නේ ජාතික ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් පස් ජාවාරම පසුපස සිටින නිසාය.

ගම්පහ බහුතර පළාත් පාලන ආයතනවල බලය පොහොට්ටුවට හිමිව තිබුණ ද පස් ජාවාරම්කරුවෝ පළාත් පාලන ආයතන මගහැර පරිසර අධිකාරිය සහ පතල් හා භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ අනුමැතිය මත පමණක් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කරමින් සිටිති. ඔවුන්ට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය වන්නේ පස් ප්‍රවාහනය කිරීම සඳහා පමණි.

දිනෙන් දින ඉහළ යමින් තිබෙන මෙම පස් ජාවාරම මැඩලීමට පරිසර ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයාගේ දායකත්වය අවම වීම ජනතාවගේ අප්‍රසාදයට හේතු වී තිබේ. එසේම මෑතක දී පරිසර නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් අජිත් මාන්නප්රෙැම මහතා ද පස් ජාවාරමුන් රකින බවට ජනතාව චෝදනා කරති.

කෙසේ හෝ මෙම ජාවාරම හේතුවෙන් ගම්පහ ජනතාව මුහුණ පා සිටින්නේ බරපතළ අර්බුදයකටය. යහපාලනය නාමයෙන් බලයට ආ ආණ්ඩුව ද යහපාලනය අමතක කර දමා පස් ජාවාරමුන්ගේ තුරුළෙහි වාසය කිරීම ජනතාවගේ මවිතයට හේතු වී තිබේ. ■

[ලක්මාල් රණවීර]


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP