Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සජින් වාස්ගේ හා ප්‍රියත් බන්දුගේ ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන්!


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට හා වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු යන මහත්වරුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ ලිපිගොණු අස්ථානගතවී ඇති බව වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනන 2015 මාර්තු මාසයේදී අවසාන කර ඉදිරි නීති ක්‍රියාමාර්ග ( නඩු පැවරීම )ගැනීම සඳහා එම ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

එහෙත් මේ වන තෙක් නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක අනුගමනය කිරීම නිසා ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ විමසා නීතිපති දෙපාර්තමේන්තුවට සිහිකැඳවීමක් කර ඇත.

සජින් වාස් ගුණවර්ධන හා ප්‍රියත් බන්දු යන දෙදෙනාට එරෙහිව නඩු පැවරීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින්නේ නීතිපති දෙපාර්තමේතුවයි. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරුන් විසින් මෙම තත්ත්වය ඇතිකරමින්  පවතින බව වාර්තා වෙයි. ඔවුන් නීතිපතිවරයා නොසලකා හරිමින් කටයුතු කරන බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරුන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාද ජනාධිපතිවරාගේ දෝෂ දර්ශනයට ලක්ව සිටින බව සඳහන්.

මේ වන විට සජින් වාස් ගුණවර්ධන වැඩි වශයෙන් රැඳී සිටින්නේ ඩුබායි හි වන අතර හැකි නම් තමන්ව නීතියට කොටුකර ගෙන පෙන්වන ලෙසද ඔහු ප්‍රසිද්ධියේ කියමින් තිබේ. එමෙන්ම බලපත්‍රයක් රහිතව ගිනි අවියක්ද භාවිතා කරන සජින් වාස් සාමාන්‍යයෙන් පිරිසක් ඉදිරියේ සිටින අවස්ථාවන්හි සිය ගිනි අවිය ප්‍රසිද්ධියේ පෙනෙන ලෙස තැබීමටද අමතක නොකරන්නෙකි.

මෙවැනි තත්ත්වයක් මත බරපතලම ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුවේම ප්‍රබලයෙක් විසින් සජින් වාස් ගුණවර්ධන වෙත "ඇමති ආරක්ෂාව" සපයා දී තිබීමයි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP