Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

කැලණි ගණිකා නිවාසයකට පොලිස් ආරක්ෂාව...


සම්බාහන ආයතනයක් මුවාවෙන් කැලණියේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගණිකා ජාවාරමක් වැටලීමට අධිකරණ නියෝගයක් ද රැගෙන ගිය ‍පොලිස් නිලධාරීන් අදාළ වැටලීම කර, තරුණියන් 15 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් ද පසු ඉහළ ‍පොලිස් අණක් නිසා හිස් අතින් පැමිණෙන්නට සිදුවී ඇතැයි  වාර්තා වේ.

කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේ පැය 24 පුරා ආයුර්වේද ස්පා ආයතනයක් මුවාවෙන් අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවත්, එය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස්  නිලධාරීන්ගේ නම විකුණමින් පවත්වාගෙන ගොස් ඇති බවත් පැවසේ.

අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව අදාළ ස්ථානය පෑලියගොඩ කොට්ඨාශ අපරාධ ඒකකයේ නිලධාරීන් වටලා තිබෙන අතර එහිදී ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට තරුණියන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ‍පොලිසිය වෙත රැගෙන යාමට සූදානම් වෙද්දී එම නිලධාරීන් අමතා ඇති කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ  ‍පොලිස් නිලධාරියකු දන්වා ඇත්තේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකුගේ දැනුම්දීම මත වැටලීම නවතා හිස් අතින් පැමිණෙන ලෙසයි.

ඒ අනුව වැටලීමට ගිය ‍පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් තරුණියන්ද මුදා හැර නැවත ‍පොලිසිය වෙත පැමිණ ඇත.

මෙම ස්පා ආයතනයේ හිමිකරු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්පා ආයතන 30ක් පමණ පවත්වාගෙන යන අයකු බවත්, ඔහු උසස්  ‍පොලිස් නිලධාරීන්ගේ සුඛවිහරණය සඳහා  තරුණියන් ද, මුදල් ද යහමින් ලබාදෙන අයකු බවත් ‍පොලිසියට තොරතුරු ලැබි ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා කිසිවක් දැන සිට නැති අතර ‍‍‍ජ්‍යෙෂ්ඨ  ‍පොලිස් අධිකාරිවරයා විසින් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ නම විකුණා ඇති බව සඳහන්ය. 

ඒ සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා සවස පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP