Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එස්.බී.ට රවීට ඇමතිකම්.


අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් පසු ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර සහ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවී කරුණානායක යන මන්ත‍්‍රීවරුන් ඉදිරි දින කිහිපය තුළ යළිත් වරක් ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ.

එස්. බී. දිසානායක සහ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම තුළ මුලිකත්වය ගෙන කටයුතු කළ අතර ඔවුන් දෙදෙනා හා සෙසු 14 දෙනා අතර ඒකාබද්ධ විපක්ෂයට එක්වීම පිළිබ`ද මත ගැටුමක් තිබුණු බව ප‍්‍රකට කරුණකි. බැදුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් මහතාගේ ෆර්චුවෙල් සමාගමට අනුබද්ධිත ආයතනයකින් සිය නිවසේ ක-ුලී මුදල් ගෙවු බවට බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වු ජනාධිපති කොමිසමේ දී තොරතුරු අනාවරණය වීම මත රවී කරුණානායක මහතා හට ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී තමන් දැරූ විදේශ ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

මැයි පළමුවැනි දා සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී මෙන්ම ඉකුත් මස එ. ජා. ප. මන්ත‍්‍රී පිරිසකට නියෝජ්‍ය ඇමති ධුර ලබා දුන් අවස්ථාවේ දී ද රවී කරුණානායක මහතාට ඇමැති ධුරයක් ලැබෙන බවට පැවසුණ ද එම දෙවාරයේදීම ඔහුට ඇමැති ධුරයක් හිමි නොවිණි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP