Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

කථානායක දුර්වල කිරීමේ විමල්ගේ මාධ්‍ය මෙහෙයුම හෙළි වෙයි.


පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරමින් එහි විනයානූකූල බව සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කථානායක කරු ජයසූරිය මහතා ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්ෂය විවිධ උත්සාහයන් ගනිමින් ඇත. එහි එක් අදියරක් ලෙස කථානායකවරයා දැඩි ලෙස රෝගාතුරු වී ඇති බව සඳහන් කරමින් විකෘති පුවත් පළ කරමින් තිබේ. එම මෙහෙයුම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අයත් පුවත් වෙබ් අඩවියකින් ආරම්භ කර තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාට තවදුරටත් දේශපාලන පිටියේ රැඳී සිටීමට තරම් යෝග්‍ය සෞඛ්‍ය සම්පන්නභාවයක් නොමැති බව ඇඟවීම එහි ප්‍රධාන අරමුණක් බව එම මාධ්‍ය මෙහෙයුමට සම්බන්ධ පාර්ශවයක් විසින්ම තහවුරු කළේය. දේශපාලනික වශයෙන් කරු ජයසූරිය මහතා දිනෙන් දින ගොඩනගාගන්නා යහපත් ප්‍රතිරූපය ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනයට දැඩි බලපෑමක් කරන්නක් බවට ඔවුන් විශ්ලේෂණය කර ගෙන ඇත. ඒ අනුව ක්‍රමානුකූලව කරු ජයසූරිය මහතා නමැති බාධාව ඉවත් කර ගත යුතු බවට ඔවුන් සම්මුතියකට පැමිණ තිබේ.

විමල් වීරවංශ මහතාට අයත් වෙබ් අඩවිය සඳහන් කර තිබූ පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය වන අතර කරු ජයසූරිය මහතා රෝහල් ගත වී තිබුණේ වාර්ෂිකව සිදු කරන පරීක්ෂණ සිදුකර ගැනීමටය. ඒ අනුව පසුගිය 13 වැනිදා කථානායකවරයා ආසිරි රෝහලේ පැය 6ක පමණ කාලයක් නේවාසිකව සිට එම පරීක්ෂණ සිදුකර ගෙන ඇති අතර ඔහුට ඒ වන විට කිසිදු රෝගී තත්ත්වයක් තිබී නැත.

ඊයේ (14) දිනයේදී අරලිය ගහ මන්දිරයේ පැවති මස්ජිඩ් සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් කරු ජයසූරිය මහතා සහභාගී වී සිටි අතර අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ අවමංගල්‍යයටද සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.

රටේ උත්තරීතර ආයතනය ලෙස ගැනෙන පාර්ලිමේන්තුව කඩ පිලක් කර ගැනීමට උත්සහ දරන ප්‍රසන්න රණවීර, විමල් වීරවංශ,රංජිත් සොයිසා වැන්නන්ට කථානායක වහ කදුරු බව ඔවුන් ගැන තතු දන්නෝ ඉතාම හොඳින් දන්නා කාරණයකි. රටම අපකීර්තියට පත්කරමින් ඔවුන්ට හිතේ හැටියට පාර්ලිමේන්තුවේ ඩෙගා නැටීමට ඉඩක් නැත්තේ කථානායකවරයාගේ පාලනය හේතුවෙනි. එහෙයින් ඔවුන්ගේ ප්‍රමුඛතම අරමුණක් වී ඇත්තේ කථානායකවරයා දුර්වල කිරීමය. එම කාර්යභාරය ඒකාබද්ධය වෙනුවෙන් කරට ගෙන ඇත්තේ විමල් විරවංශ බව ඔහුගේම මුලාශ්‍ර තහවුරු කර තිබේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP