Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දුමින්දගේ අමුතු පොහොර ගැහිල්ල විශේෂ විගණන වාර්තාවෙන් හෙළිවෙයි.


හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ පාලන කාලයේ පොහොර සඳහා මුදල් ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ තුළ මුදල් අක‍්‍රමිකතා රැුසක් සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

පොහොර සහනාධාරය වෙනුවට ගොවීන් හට මුදල් ආධාර ලබා දීමේ වැඩසටහන යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ක‍්‍රියාත්මක කරන ලද අතර ඒ යටතේ සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පසුගයි මැයි මස 18 වැනි දා නිකුත් කරන ලද ශ‍්‍රී ලංකාවේ කුඹුරු පොහොර සහනාධාර වැඩසටහන පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගනි.

අදාළ විශේෂ වාර්තාව නිකුත් කර ඇත්තේ විගණකාධිපති එච්. එම් ගාමිණි විජේසිංහ මහතාගේ අත්සනනි. මෙම වාර්තාවට අනුව 2016 යල සහ මහ කන්න සඳහාත් 2017 යල කන්නය සඳහාත් මුදල් සහනාධාර ලබාදීමේ දී ගොවීන් නොවන පුද්ගලයන් සඳහා රුපියල් මිිලයන 1267ක මුදලක් ගෙවා ඇත.

නියමිත කාලසීමාවේ දී ගෙවා නොතිබූ සහනාධාර මුදල් රුපියල් මිලියන 5475කි. අවශ්‍යතාව ඉක්මවා පොහොර ආනයනය කිරිමට හා ඒ සඳහා සාමාන්‍ය වෙළඳපොළ මිල ඉක්මවා රුපියල් මිලියන 516ක් වියදම් කර ඇති බවත් වාර්තාව මගන්ි හෙළිකොට තිබේ.

ගොවීන්ට නිසි කලට පොහොර නොලැබීම නිසා අපේක්ෂිත කෘෂිකර්ම ඉලක්කය සපුරාලීමට අපොහොසත් වූ බව පෙන්වා දෙන අතර මේ නිසා ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 6742 ඉක්මවන බව ගණනය කර තිබේ.

විගණන වාර්තාවට අනුව කලූතර, අනුරාධපුරය, ගාල්ල හා බදුල්ල දිස්ත‍්‍රික්කවල ගොවීන් නොවන පුද්ගලයන් 20321ක් සඳහා රුපියල් කෝටි 28කට අධික මුදලක් ගෙවා තිබේ. රාජංගණය වම් ඉවුර ගොවිජන සේවා බල මණ්ඩලයේ ගොවීන්ට වගා හානි ලෙස ගෙවීමට තිබුණු රුපියල් කෝටි 2කට අධික මුදලක් රුපියල් 8000ක සහනාධාර මුදලකට පමණක් හිමිකම් කියන ගොවි මහත්මියකගේ ගණුමටි බැර කර ඇති බව ද වාර්තාවේ දැක්වේ.

එමෙන්ම ප‍්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව පොහොර ආනයනය කිරීමේ දී අක‍්‍රමිකතා රුසක් සිදුව ඇතැයි පෙන්වා දෙන එම වාර්තාව මහා භාණ්ඩාගාරයේ එකඟතාව නොමැතිව මිලෙන් අඩු යූරියා මෙටි‍්‍රක් ටොන් 72,000ක් ගෙන්වා ඇති බව ද අනාවරණය කර ඇත. මෙම පොහොර තොගය දිවයිනට ලැබී ඇත්තේ ද අදාළ කන්නය සඳහා පොහොර යෙදිය යුතු කාලය ඉක්මවීමෙන් අනතුරුව බවත් එහි දැක්වේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP