Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ආරක්ෂක මණ්ඩල ප්‍රධානියා භාරයක් වීමට පා ගමනින් කතරගමට.



පසුගිය රජය සමයේ සිදු වූ ඝාතන හා පැහැර ගැනීම් කිහිපයක සැකකරුවෙකුට ආරක්ෂාව ලබාදීම සහ හොර රහසේ ඔහුව රටින් පිටමං කිරීම සම්බන්ධයෙන් එවකට නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ. මේ වනවිට ඔහු පරීක්ෂණ මගහරිමින්, අධිකරණය මගහරිමින් සිටී.

අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධකරුවන් ආරක්ෂා කිරීම ද බරපතල වරදකි. ඒ අනුව රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට තවදුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති අතර ඔහු කළයුත්තේ ධූරයෙන් ඉල්ලා අස්වී පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය දැක්වීමයි. එහෙත් සිදු නොවන එකම දේ ද එයයි.

මේ අතර ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වන්නේ, පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දී තමන් නිර්දෝෂී නම් එය නීතිය ඉදිරියේ ඔප්පු කිරීම සිදු නොකරන, අධිකරණය මගහරිමින් සිටින රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කතරගම දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා ඇති පුවතකි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පසුගිය දිනෙක හොර රහසේම පානම නාවික හමුදා කඳවුර වෙත ගොස් තිබේ. ඉන් අනතුරුව ඔකඳ, කුමන හරහා යාල වනාන්තරය මැද්දෙන් කතරගම දක්වා දින ගණනාවක් තිස්සේ පා ගමනින් පැමිණ ඇත. මේ සඳහා ඔහුගේ සහායට පානම නාවික හමුදා කඳවුරේ සෙබළුන් කිහිප දෙනෙකුද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මෙසේ පැමිණ ඇත්තේ කතරගම දෙවියන් වෙනුවෙන් භාරයක් වීම සඳහායි. ඉදිරි කාලයේදී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට පත්වීමට නියමිත අතර ඔහු කතරගම දෙවියන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන්නැයි කියාය. 

තවදුරටත් තමන්ගේ තනතුර ආරක්ෂා කරදෙන මෙන් ද කතරගම දෙවියන් ඉදිරියේ වැඳවැටෙමින් ඉල්ලා ඇති රවීන්ද්‍ර විජේගුණරත්න ඒ වෙනුවෙන් කතරගම දෙවියන්ට භාරයක් ද වී තිබේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP