Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ශ්‍රීලනිපයෙන් ‌නොයන්න දයාසිරිට සන්තෝසමක්?


දහසයේ කණ්ඩායම සමඟ ආණ්ඩුවෙන් ඉවත්ව නැවත වරක් ජනාධිපතිවරයාට කිට්ටු වී සිටින හිටපු ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධුරයට පත් කිරීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කිරීම නිසා මෛත‍්‍රීපාල සිරිසේන  ජනාධිපතිවරයානේ ලැබෙන සන්තෝසමක් ලෙස මෙම මහ ලේකම් ධුරය දයාසිරි මන්ත‍්‍රීවරයාට හිමි වන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ජුනි මස 3 දා දින 45ක් සදහා ශ‍්‍රී.ල.නි.පයේ ප‍්‍රධාන ලේකම් ලෙස තාවකාලිකව පත් වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ධුර කාලය ජුලි මස 18 වැනිදායින් අවසන් වීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා එම තනතුරට පත්වීමට නියමිත බව පැවසේ.

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී ඊට පක්ෂව ඡුන්දය දුන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 16 දෙනා අතර සිටි දයාසිරිට එම නිසාම ඇමැති ධුරය අහිමි විය.

විශ්වාසභංග යෝජනාවට සහය දුන් නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට තීන්දු කිරීමේ දී ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් නොවී වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතුය යන මතය වෙනුවෙන් දයාසිරි මන්ත‍්‍රීවරයා දැඩිව පෙනී සිටියේය.

16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීම සඳහා විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සමඟ පැවැති සාකච්ඡුාවට එක් වූ නමුත් ඊට පසුව බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡුාවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවත් මඟහැරීමට දයාසිරි කටයුතු කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙමස 02 වැනි දා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවුව ද දායාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා එදින මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති නිදහස් පක්ෂ නිලධාරී රැස්වීමට සහභාගී විය. මේ වන විට ඔහු පඩුවස්නුවර ආසනයේ ශ‍්‍රී.ල.නි.ප බලමණ්ඩල, ශාඛා සමිති පිහිටුවීම ආරම්භ කර තිබේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP