Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහජන මුදල් නාස්තිය ගැන රාජපක්ෂලාට දුක හිතිලා...


චීන සමාගමකින් අල්ලස් ලබාගැනීම ගැන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙලිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වීම නිෂ්ඵල බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා. මහජන මුදල් වැය කරමින් මෙවැනි පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් විවාද පැවැත්වීම කාලය සහ මුදල් කා දැමීමක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

පාර්ලිමේන්තුවේ මෙවැනි විවාද පැවැත්වීමට වඩා රටේ මහජනතාව වෙනුවෙන් ආණ්ඩුව සිදු කළයුතු කටයුතු රාශියක් තිබියදී මෙවැනි නිෂ්ඵල විවාද පැවැත්වීමේ අර්ථයක් නොමැති බව ද ඔහු අදාල පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

නිව්යෝර්ක් වාර්තාව මගින් හෙලි කරන්නේ මෙරට ජනතාව සතු ඉඩම් උකසට තබා මහින්ද රාජපක්ෂ ලබාගත් අල්ලසක් පිළිබඳවයි. එය එසේ මෙසේ අල්ලසක් ද නොව ඇමරිකානු ඩොලර් මිලියන 7.6 කි. ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී විවාද නොකරන්නේ නම්, විවාද කළයුත්තේ කොතැනකද ?

හිටපු ජනාධිපතිවරයා ජනතාවට වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කළයුත්තේ එල්ල වන චෝදනා අසත්‍ය නම් ඒ බව පන්සල් ගානේ ගොස් හෝ මාධ්‍ය ඉදිරිපිටදී හෝ ප්‍රකාශ කිරීම නොවේ. ඔහු තමන්ගේ නිරවද්‍යභාවය තහවුරු කළයුත්තේ මහජන ගැටලු සාකච්ඡා කිරීමට ඇති හොඳම තැන වන පාර්ලිමේන්තුව තුළයි. එහෙත් ඔහු එම අවස්ථාව මගහැර පෞද්ගලික විදෙස් සංචාරවල නිරතව සිටී. ඒ තබා රාජපක්ෂවරුන් කිසිවෙකුත් අදාල විවාදය සඳහා සහභාගි වූයේ නැත. එසේ කටයුතු කරමින් මහින්ද පවසන්නේ ගණපූර්ණයක් නොමැති විවාද නිෂ්ඵල බවයි.

වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නම් මහජන නියෝජිතයෙකුට චෝදනාවක් එල්ලවූ විට ඔහු තමන් දරන තනතුරුවලින් ඉවත් වී අදාල චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදෙයි. එසේ සහයෝගය ලබා දී තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරයි. එහෙත් එවැනි සම්ප්‍රදායයක් ලංකාවේ නැත. අවම මට්ටමින් එම චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයකට හෝ සහභාගි නොවී මගහරින්නේ නම් ඔහු වැරැද්දක් කර ඇති බවට සාධාරණ සැකයක් ජනතාව තුළ ඇති වේ.

මහින්දගේ පාර්ලිමේන්තු කැරැට්ටුව

මහජන ගැටලු ගැන කිඹුල් කඳුළු හෙළන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 13 ක් පමණි. ඔහුට මහජන ගැටලු සම්බන්ධයෙන් ඇති වගකීම ඉන් හොඳින්ම පෙන්නුම් කරයි. ඔහු මහජන මුදල් වැය කරමින් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කරන්නේ මෙවැනි තත්වයක සිටිමිනි.

manthri.lk වෙබ් අඩවියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් මහින්ද රාජපක්ෂ ශ්‍රේණිගත වී ඇත්තේ 178 වැනි ස්ථානයටයි. මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සහභාගීත්වය, විවාද සඳහා සහභාගීත්වය, කාරක සභා රැස්වීම් සඳහා සහභාගීත්වය ඇතුළු නිර්නායක රැසක් ඇසුරු කර ගනිමිනි.

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තීරණාත්මක විවාද සියල්ලම මගහැරි බව රටට රහසක් නොවේ. ඒ සම්බන්ධයෙන් විටින් විට මාධ්‍ය වාර්තා පළවිය. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වුවද ඔහු විවාදවලදී කට නොඇර සිටීමට පරෙස්සම් වූ අතර ඇතැම්විට සභා ගර්භයේ පවා නොසිටීමට පරෙස්සම් විය. මහජන මුදල් කාබාසීනියා කරන පාර්ලිමේන්තු විවාද පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ එහෙව් රාජපක්ෂ මහජන නියෝජිතයෙකි.

අමතක නොකළ යුතු කරුණ වන්නේ මේ වසර 10 කට ආසන්න කාලයක් රටේ නායකයා ලෙස කටයුතු කළ පුද්ගලයාගේ මන්ත්‍රී කැරැට්ටුවයි. මහජනයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා මහජනතාව විසින් සිය ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවාර සඳහා හෝ සහභාගි නොවන්නේ නම් ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද. පාර්ලිමේන්තුවට සහභාගි නොවීම තුළින් තමන් වෙනුවෙන් වැයවන මහජන මුදල් ඉතිරි වන්නේයැයි ඔහු සිතන්නේද යන්න අප නොදනිමු. එහෙත් පාර්ලිමේන්තු නියෝජියන් වෙනුවෙන් දෛනිකව වැය කරන මුදල ඔහු පාර්ලිමේන්තු පැමිණියද නොපැමිණියද වෙනසක් නොමැත. එසේ නම් ඔහුට කළහැකි හොඳම දේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමයි. එවිට මහජන මුදල් නිකරුනේ කාබාසීනියා කිරීමේ පවින් ඔහුට ගැලවිය හැකි වනු ඇත. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP