Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රාජපක්ෂලා කාබාසීනියා කළ ශ්‍රීලංකන් ගැන තොරතුරු හෙළිවෙයි.


රාජපක්ෂ පාලන සමය තුළදී, වසර 2011 - 2015 අතරතුර පමණක් ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 93 කට අධික පාඩුවක් ලබා ඇති බව හෙළි වී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලේකම් ඩැල්රින් තිරුක්කුමාර් මහත්මිය, ශ්‍රීලංකන් සමාගමේ දූෂණ සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිවලින් මේ බව හෙළි වී ඇත.

තිරුක්කුමාර් මහත්මිය ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබිණි.

මේ අතර අදාල කාලසීමාව තුළ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා අදාල තනතුරට පත්ව ඇත්තේ කිසිදු සුදුසුකමක් නොමැතිව බව ද හෙළි වී තිබේ. රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ සාක්ෂි විමසීම හමුවේ ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ කපිල චන්ද්‍රසේනගේ සුදුසුකම් ඇතුළත් සහතික තබා ජීවදත්ත ඇතුළත් ලේඛනයක් හෝ ඔහුගේ පෞද්ගලික ලිපිගොනුවේ නොමැති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කළ අතර ඔහු ප්‍රධාන විධායක නිළධාරියා වශයෙන් 2011 අගෝස්තු පළමුවැනිදා සිට 2015 මාර්තු 09 වැනිදා දක්වා කටයුතු කර තිබේ. එම කාලසීමාව තුළ ඔහු සමාගමේ මුදල් රුපියල් මිලියන 96 ක් වැයකර ඇති අතර ඒ කුමන වියදම් සඳහාදැයි හෙළි වී නොමැත.

රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වීමේ අනුහසින් නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රීලංකන් සමාගමේ සභාපතිධූරයට පත් වූ අතර කපිල චන්ද්‍රසේන ප්‍රධාන විධායක නිළධාරී තනතුරට පත්වූයේ රාජපක්ෂලාගේ හිතවත්කම් මතයි. ඥාති-හිතවත්කම් මත රටක ප්‍රධාන ගුවන් සේවය සඳහා නිළධාරීන් පත් කරන්නේ නම් ප්‍රතිඵලය මෙයයි. ඔවුන්ට තනතුරු භාවිතා කරමින් රිසි සේ සැප විඳීම හැර තනතුර සම්බන්ධයෙන් හෝ තමන් තනතුරු දරන ආයතනය සම්බන්ධයෙන් වගවීමක් හෝ නොමැත. ආයතනය ලාබ ලබන්නේද යන්න ඔවුන්ට අදාල නොවේ. පාඩු ලැබුවද පාඩුව සිදුවන්නේ රටේ මහජනතාවට මිස පාලකයන්ට නොවේ.

අවසානයේ සිදුවූයේ ශ්‍රීලංකන් ගුවන් සමාගම යළි ගොඩගැනීමට නොහැකි තත්වයට කඩාවැටීමයි.

දැන් රාජපක්ෂලා බෙරිහන් දෙන්නේ තමන්ගේ දෑත් පිරිසිදු බව කියමිනි. තමන් සොරකම් නොකළ බවත්, වංචා නොකළ බවත් කියමිනි. රටේ ජනතාව සතු ආයතන කාබාසීනියා කිරීමද වංචාවකි. ඒ අනුව ශ්‍රීලංකන් සමාගමේ පාඩුවට සමාගමේ තනතුරු දැරූවන් මෙන්ම ඔවුන් අදාල තනතුරුවලට පත්කළ රාජපක්ෂලා ද වගකිව යුතුය. ඔවුන්ට ඒ සඳහා වගවීමෙන් නිදහස් විය නොහැකිය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP