Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මුදල් අමාත්‍යාංශයත් ලොකු ගේමක?


ලංකාව මේ වන විට අත්සන් තබා තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම් පහක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංහයේ වාර්ෂික වාර්තාව – 2017 මගින් හෙලිකර තිබේ. දත්ත සම්බන්ධයෙන් බරපතල සැකයක් තිබෙන බව විවිධ අංශවලින් වාර්තා වේ.

ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පූරුව, දකුණු ආසියා රටවල සංවිධානය මෙන්ම ආසියා- ශාන්තිකර කලාපීය රටවල්වල සංවිධානය සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම් සියල්ලෙන් ලංකාවට විශාල ලාභ ලැබෙන බවට එම වාර්තාවේ දක්වා තිබේ.

මෙම රටවල් පහ සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම්වලින් 2017 වසරට අදාළව රුපියල් මිලියන 64,809ක ලාභයක් ලබා ඇති බව දන්වා ඇත.

ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අනුව මෙරටින් රුපියල් මිලියන 72,108ක් වටිනා භණ්ඩ ඉන්දියාවට අපනයනය කර ඇති අතර ආනයනය කර ඇති භාණ්ඩවල වටිනාකමරුපියල් මිලියන 43,273ක් බව දක්වා ඇත.මේ අනුව ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් රුපියල් මිලියන 28,835ක විදේශ ලාභයක් ලබා ඇත. එම නිදහස් වෙළඳ ගිවිසුම්වලට අදාලව විශාල ගනුදෙනුව සිදුකර ඇත්තේ, ඉන්දියාව සමඟ පව දැක්වේ. පාකිස්ථානය සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව රුපියල් මිලියන 6,995 ක් ද ලාභ ලැබූ බව සඳහන් ය. දකුණු ආසියානු කලාපයේ සංවිධානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම  මගින් රුපියල් මිලියන 7,564ක් සහ ආසියා – ශාන්තිකර කලාපයේ සංවිධානය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් රුපියල් මිලියන 20,711ක් ආදී වශයෙන් ලාභ ලබා ඇති බව සඳහන් ය.

මෙම සංඛ්‍යා සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බව දක්වන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඉදිරියේ දී ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීම, සිංගප්පූරු ගිවිසුම ආදී රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීමට අව්‍ය්‍ය පසුබිම සකස් කර ගැනීමට මෙවැනි ව්‍යාජ දත්ත ඇත්ළත් කර තිබේදැයි විමර්ශනය කරමින් තිබෙන බව වාර්තා වේ.

ඔවුන් මතුකරන ප්‍රධාන තර්කය වී තිබෙන්නේ ඉන්දියාව සමඟ සිදුකෙරෙන වෙළඳ ගනුදෙනු වලදී 2017දී ආනයන ප්‍රමාණය ඩොලර් මිලියන 4527ක් වන විට ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 691ක් වටිනා භාණ්ඩ පමණක් වීමෙන් අති විශාල වෙළඳ පාඩුවක් වී තිබියදී නිහස් වෙළඳ ගිවිසුමෙන් පමණක් ලාභ ලැබී යැයි දැක්වීම බරපතල කරුණක් බව හෙළිවේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP