Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

2020ට රනිල් නැහැ - අලුත්ම පොලිටිකල් ගේම් එක මෙන්න..


2020 ජනාධිපතිවරණය සමග බිහිවන "මෛත්‍රී - සජිත් සුසංයෝගය" පිළිබදව අප විසින් මුල්වරට හෙලි කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුළ එම පුවත ලැව් ගින්නක් සේ පැතිර යාමට පටන් ගෙන තිබූ අතර රට වටෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ගම් මට්ටමේ දේශපාලන නායකයින්ගෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකතනයට සහ එතුමාගේ හිතවතුන්ගේ දුරකතන වලටද නිවනක් නොදී දහස් ගණන් ඇමතුම් ප්‍රමාණයක් ගලා ආ බව තතු දත් ආරංචි මාරග අපිට පැවසුවා...

මේ අතර විශේෂම කරුණ වන්නේ මේ ලැබුණු ඇමතුම් කන්දරාව තුළ ශ්‍රීලනිප නායකයින් රැසකගේද ඇමතුම් තිබීමයි....ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ "ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් එක්ක වැඩ කරන්න බැරි වුණාට ජනතාව පිළිගන්න ඔබතුමා එක්ක වැඩකරන්න අපි සූදානම්" කියලාය..

මේ හැම දුරකතන ඇමතුමකින්ම සජිත් ප්‍රේමදාස "අලුත් අගමැතිතුමාට" සුභ පැතීමට සහ 2020 මෛත්‍රී-සජිත් සුසංයෝගයට තම සහය එක හෙලාම හිමි වන බව පවසා ඇත...

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටට වී සිටි කාලය දැන් අවසන් කළ යුතු බව එතුමාගේ ළගම හිතවතුන් ප්‍රකාශ කර ඇති අතර ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ "දැන් හම්බන්තොටට වෙලා හිටියා ඇති දැන් කොළඹ ඇවිල්ලා ඊළග පියවරට ලෑස්ති වෙන්න" කියලා...

මේ අදහස ගැන මදවෙලාවක් කල්පනා කළ සජිත් ප්‍රේමදාස මහතා කොළඹට පැමිණ ජාතික දේශපාලනයට වඩාත් සක්‍රීයව දායක වීමට තීරණය කර ඇත...

මේ නිසා හම්බන්තොට එජාප දිස්ත්‍රික් නායකත්වය හිස් වන අතර ආරංචි මාර්ග වලට අනුව දැනගන්නට ලැබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද අමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වී එම දිස්ත්‍රික් නායකකම භාරගැනීමට සූදානම් බවයි...ඒ පිළිබඳ අවසන් තීරණය තවම ගෙන නැති බව දැනගන්නට ලැබෙනවා...

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පැමිණීමෙන් අනතුරුව ගම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයින් ගේ සදා අනුස්මරණීය නායකයා වන සිය පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදකොළඹ ආසනය භාර ගැනීමට සූදානමින් පසුවන අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකත්වයද සජිත් ප්‍රේමදාස මහතාට හිමි වීමට නියමිත ය....

ඒ අනුව රවී කරුණානායක මහතාගේ දිස්ත්‍රික් නායකත්වයද අහිමි වීමට දැඩි ඉඩක් ඇත...ඔහු මේ සදහා සිය විරෝධතාවය තරයේ ඉදිරිපත් කර ඇති නමුත් සජිත් ප්‍රේමදාස මහතා 2020 අගමැති ධූරය සදහා ස්ථිර ලෙස යෝජනා වී ඇති නිසා එම විරෝධය පුස්සක් වනු ඇත...

දේශපාලනය අභ්‍යන්තරයේ මේ දිනවල සිදුවන කරුණු අනුව මෛත්‍රී රනිල් සුසංයෝගය 2020 දී නිමවන බවත් ඒ වෙනුවට මෛත්‍රී සජිත් යුගයක් 2020 දී ආරම්භ වන බව ස්ථිරය...

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මීළග අගමැති සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනාම ජනතාව අතරින්ම බිහි වූ ජනතාවට සමීප මහ පොළොවේ පයගහලා ජීවත් වන නායකයින් දෙපළක් නිසා මෛත්‍රී සජිත් සුසංයෝගය ඉතා කදිමට ගැළපෙනු ඇත...!!!

#InsidePolitics


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment