Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ක්‍රීඩා ඇමතිතුමනි, ආසියානු පරාජයෙන් පසුවවත් බහිරවයන් අරක්ගත් හොකී ගැන බලමුද ?

ආසියානු තරගාවලියට ගිය ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අන්ත පරාජයට පත්වීම සම්බන්ධව හොකී ක්‍රීඩාවට අරක්ගෙන සිටින නිලධාරී බහිරවයන් වගකිව යුතුව ඇති බව හොකී ක්‍රීඩාවට ලැදි පාර්ශව මෙන්ම ක්‍රීඩා විචාරක මතය වී ඇත.

ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමෙන් ඉවත්කර කනිෂ්ඨ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විතව ගිය මේ ගමන පිටුපස ඇත්තේ පදක්කම් අපේක්ෂාවක් හෝ ක්‍රීඩකයින්ට අත්දැකීම් ප්‍රමාණයක් ලබාදීම නොවන බවත් එය මුළුමනින්ම නිලධාරී බහිරවයන්ගේ විදෙස් සංචාර මේනියාව සහ පෞද්ගලික අපේක්ෂා කිහිපයක් ඉටුකර ගැනීමට සීමා වූ බවද ඔවුන් පෙන්වා දෙයි.

හොකී ක්‍රීඩාව අරක්ගත් බහිරවයන් 

වසර 13 කට ආසන්න කාලයක් හොකී ක‍්‍රීඩාව බුදලයක් කරගත් හිටපු සභාපති සුමිත් එදිරිසිංහ හා හිටපු ලේකම් ගාමිනී ජයසිංහ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම කෙසේ වෙතත් මෙවරද ඉන්දුනීසියාව බලාගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් ලැබුණු අදහස් වලට අනුව මේ වන විට මෙරට ජාතික හොකී සම්මේලනයක් නොමැති නමුත් හිටපු සභාපති සුමිත් එදිරිසිංහ ඇතුළු ඔහුගේ කණ්ඩායම මාෆියාවක් ලෙස හොකී ක්‍රීඩාවට බලපෑම් කරමින් සිටියි. 

එය මේ වන විට කොතරම් දුරදිග ගොස් තිබේදැයි කියනවා නම් සුමිත් එදිරිසිංහ හොකී සම්මේලනය  නියෝජනය කිරීම වළකාලමින් අධිකරණ නියෝගයක් පවා නිකුත්කර ඇති නමුත් ඒ නොතකා පසුගියදා පැවති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ හොකී ක්‍රීඩාව නියෝජනය කරමින්  උපසභාපති ධුරයක් ලබා  ගන්නට පවා ඔහු කටයුතු කර ඇත.

එසේම හොකී සම්මේලනය නිල වශයෙන් පිහිටුවා නොමැති බැවින් 2018 ජනවාරි මාසයේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය ප්‍රකාරවද හොකී නිසි බලධාරියා වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාය. නමුත් 2018-2-23 ඔලිම්පික් නිලවරණයට සුමිත් ඉදිර්පත්වන්නේ අධිකරණ නියෝගයන්ට පමණක් නොව රජයේ නිල ගැසට් නිවේදන පවා නොතකමින්ය.

ක්‍රීඩා ඇමැතිත් නීතිඥයෙක් : ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි !

වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා ද දක්ෂ නීතිඥයෙකු බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් සුමිත් වැනි උදවිය රටේ නීතියට උඩින් ගිහින් කරන මේ අකටයුතුකම් පාලනය නොවන්නේ ඇයිද යන්න අපැහැදිළිය. එක්කෝ වගකිවයුතු නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයාව නොමග යවා තිබෙනවා විය යුතුය. එසේත් නැතිනම් වෙනත් හේතුවක් මෙතැන තිබෙනවා දැයි අප දන්නේ නැත.

නමුත් හොකී ක්‍රීඩාව ඉදිරියෙන් තබා මෙවර ආසියානු තරගාවලියේදී නම් සුමිත් ඇතුළු මාෆියාව ක්‍රීඩා ඇමතිවරයාගේ කනෙන්ද රිංගු බව පැහැදිළිය. ඒ පදක්කමක් දිනා ගැනීම තබා මේ කලාපයේ ජයග්‍රහණයක් වෙනුවෙන් පැහැදිළි  සැළැස්මක් තුළ කණ්ඩායමක් ඉදිරිපත් කිරීම් වෙනුවට දක්ෂ ජේෂ්ඨ ක්‍රීඩකයින් ඉවතට ඇද දැමු කනිෂ්ඨ ක්‍රීඩකයින් බහුතරයක් සහිත කණ්ඩායමක් ඉදිරිපත් කිරීම හරහාය. එපමණක් නොව ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තම ප්‍රධාන පුහුණුකරු පවා නොමැතිව තරගාවලියට ගිය පසුබිමේ පදක්කමක් ගැන හිතන්නටවත් බැරිව 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දුනීසියාවට යවන්න පාර හදාගත්තේද අමාත්‍යවරයාගේම කනෙන් රිංගීමට මේ නඩයට හැකිවූ නිසාය.

හොකී නොගහපු තමාරා : වමාරන්න තරම් වැරදි කරලා !

හොකී ව්‍යාපෘති නිලධාරිනිය හරි නම් මේ වන විටත් සිදුව ඇති මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ව දැනුවත් කළ යුතුව ඇත. එහෙත් පසුගිය සමය තුළ හොකී ව්‍යාපෘති නිලධාරිනිය ලෙස තමාරා ලියනගේ කළ කී දේ දන්නා කිසිවෙකුත් එවන් සත්කාර්යයක් ඇගෙන් සිදුවෙතැයි අපේක්ෂා කරන්නේ නැත. මන්ද සුමිත් ඇතුළු නඩයේ පදයට නටමින් විදෙස් සංචාර වල නිරතවීම හැර වෙනත් කිසිඳු දෙයක් ඇගෙන් හොකී ක්‍රීඩාව වෙත සිදුනොවූ නිසාය.
අවම වශයෙන් මෙවර ආසියානු තරගාවලියේ තේරීම් තරග සඳහා මෙරට කාන්තා හොකී කණ්ඩායම දැනුවත් කිරීමක් හෝ සිදුකර තිබුණේ නැත.
ඉතිං, සුමිත් ඇතුළු හොකී ක්‍රීඩාවට අරක්ගත් බහිරවයන් බඳු පුද්ගලයන් මෙතරම් පහසුවෙන් නීති විරෝධී පමණක් නොව ආචාර ධර්ම විරෝධී හැසිරීම් වල නිරත වන්නේ තමාරා වැනි සිය රාජකාරිය නිසිලෙස ඉටුනොකරන නිලධාරීන් නිසා බවද පැහැදිළිව සඳහන් කළ යුතුව ඇත.   

ක්‍රීඩා  අමාත්‍යංශයට නඩුදාපු : තේරීම් කමිටු සභාපති

සැබවින්ම මේ වන විට ජාතික හොකී තේරීම් කමිටුවේ සභාපතිධුරය දරන්නේ 2015 හොකී නිලවරණයේදී සුමිත් පාර්ශවයේ නාමයෝජනා ප්‍රතික්ෂේපවීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව අධිකරණය හමුවට ගිය දර්ශන විජේසිංහය. ඔහුගේ තේරීම් කමිටු  ඥානය තේරුම් ගන්නට මේ වන විට හොකී කණ්ඩායම පත්ව ඇති තත්ත්වය තේරුම් ගැනීමත් ප්‍රමාණවත්ය.

නමුත් හොකී ක්‍රීඩාවට කුමක් වුවත් දර්ශනට ගැටළුවක් නැත. මන්ද ඒ හොකී බහිරවයන්ගේ කීකරු ගෝලයකු වීම තනතුර දැරීමට එකම සුදුසුකම වී ඇති නිසාය.
කාගේ ගෝලයා වී හෝ ක්‍රීඩාවට සහ ක්‍රීඩක අනාගතයට යහපතක් සිදුවනවා නම් ගැටළුවක් නැත. නමුත් ප්‍රශ්නය ඇත්තේ කණ්ඩායම තෝරන විට පවා සිදුකරන දැඩි අසාධාරණකම් ය. තමන්ට ඇති පැහැදිළි ප්‍රශ්නයක් පවා ඉදිරිපත් කිරීමට නොහැකි නිහඬතාවක් තුළ ක්‍රීඩකයින් ගිල්වා දමන පසුබිමය. කෙලින් දෙයක් කතා කළොත් එය කණ්ඩායමෙන් ඉවත්වීමට සුදුසුකමක් කර තිබෙන නින්දිත කටයුතුය.

වැඩබැරි පුහුණුකරුවන් 

ජාතික කණ්ඩායම වෙනුවෙන් පුහුණුකරුවන් සිටියද ඔවුන්ද බහිරව අදහසට ගරුකරන කීකරු පුද්ගලයන් මිස ජාතික කණ්ඩායමක පුහුණුකාර වෘත්තීය සඳහා කොතෙක් සුදුසුද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වය දැන් නම් ඉස්මුරුත්තාවට ගොස් ඇති කාරණයක්ව තිබේ. 

නිදර්ශනයක් ලෙස ගන්නවා නම් 2016 වසරේ මෙරට ජාතික කණ්ඩායම බංගලාදේශය හමුවේ 4-1 ලෙස පරාජයට පත්විය. එම පරාජයෙන් පසුව හොකී සංචිතයක් පවත්වාගෙන යමින් මෙම පුහුණුකරුවන් යටතේ ක්‍රීඩකයින් පුහුණු කරනු ලැබූ අතර 2017 නොවැම්බරයේදී නැවතත් බංගලාදේශය සමඟ තරගයකට මෙරට කණ්ඩායම මුහුණදෙනු ලැබිණ. පුහුණුකරුවන්ගේ සහ තේරීම් කමිටුවේ දක්ෂතාව කියන්නේ එවර අප රටේ කණ්ඩායම බංගලාදේශය හමුවේ පරාජයට පත්වූයේ 9-0ක් ලෙසය.

අනුරුද්ධ හේරත් සහ පුලස්ති ලැනරෝල් යන එම පුහුණුකරුවන් සමඟ පෞද්ගලික අමනාපයක් නැතත් හොකී ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වැඩබැරි කම නම් අනාවරණය කල යුතුව ඇති බවද මෙහිදී සිහිපත් කල යුතුව ඇත. එහෙත් ඒ වැඩබැරි කම වෘත්තීය සඳහා ගැටළුවක් වී නැත්තේ අන් කිසිවක් නිසා නොව හොකී බහිරවන්ගේ පදයට සියල්ල සිදුකිරීමට කොන්දේසි විරහිතව කැපවී සිටීම නිසාය.

විනිසුරු දයාන් දිසානායක 

එපමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන අතර තුර ජාත්‍යන්තර තරග විනිසුරු ලෙස විදෙස් ගතවන දයාන් ගැන කියන්න ඇත්තේද ඒ වගේම කතාවක්ය. සුමිත් ඇතුළු බහිරව නඩයේ ගෝලයකු වීම නිසා පසුගිය වසර ගණනාව තුළම ජාත්‍යන්තර තරග විනිශ්චය කිරීම සඳහා සහභාගී වූ එකම විනිසුරු වීමට ඔහුට අවස්ථාව හිමිව ඇත. එහෙත් මේ ජාත්‍යන්තර විනිසුරු මෙරට ජාතික මට්ටමේ කිසිඳු තරගයක් විනිශ්චය කරනවා නම් අපට පසුගිය වසර ගණනාව තුළම දක්නට ලැබුණේ නැත. ජාතික ක්‍රීඩා උළෙල සහ පාසල් ජාතික ශුරතා තරගාවලි ඊට නිදර්ශන පමණය. 

ගරු ක්‍රීඩා ඇමතිතුමනි, හොකී ක්‍රීඩාව කෙරෙහි ඔබේ අවධානය යොමුවිය යුතුම පසුබිමක එය පවතී!

කරුණාකර ඊටද අවධානය යොමුකරන්න!

මේ වන විටත් අධිකරණ තීන්දු පමණක් නොව  රජය නිකුත්කර ඇති ගැසට් පත්‍ර පවා නොතකා රටේ නීතියට උඩින් සුමිත් ඇතුළු පිරිස කටයුතු කරන අතර ඒ හමුවේ ක්‍රීඩාවේ කිසිඳු සංවර්ධනයක් සිදුව නොමැත. අවම වශයෙන් මේ වන තුරුත් මෙරට හොකී නිලවරණය පවත්වා නොමැති බව ජාත්‍යන්තර හොකී සම්මේලනය දැනුවත් කරන ලිපිය පවා දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ කාලයේ සිට අද දක්වාත් යට ගසා තැබීමට හැකිව තිබෙන්නේ කෙසේද යන්න කෙරෙහි ඔබේ අවධානය යොමුකළ යුතුව ඇත. එවිට පාසල් මිතුරන් වෙනුවෙන් ක්‍රීඩාව බිලිදී සිදුකරන ජාතික අපරාධයක තොරතුරුද ඔබට දැනගැනීමට හැකිවනු ඇත. 


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP