Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඉන්දියාවේ මැදිහත්වීමෙන් උතුරේ චීන ව්‍යාපෘති නවතියි!


උතුරු පළාතේ චීනයේ මැදිහත්වීමෙන් සිදුවන සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට ආණ්ඩුවට සිදුව ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාවෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව එම තීරණයට එළඹීමට සිදුව ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. 

පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයෙක් මෙරටට පැමිණ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ජා කර ඇති බව සඳහන්. එහිදී එම නියෝජිතයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතට චීනය ඇතුළුවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බරපතල අභියෝගයක් බවයි.

දකුණේ ඕනෑම සංවර්ධන කටයුත්තකට චීනය සම්බන්ධ කරගැනීමේ ප්‍රශ්නයක් නැතත් ඔවුන් උතුරු දෙසට හැරීම ඉන්දියාවට ගැටළුවක් බවයි ඉන්දීය විශේෂ නියෝජිතයා පෙන්වා දී ඇත්තේ.

උතුරු පළාත තුළ චීනයේ මැදිහත් වීමෙන් සිදුකිරීමට යෝජිත විදුලි සංදේශ ව්‍යාපෘති, ගුවන් තොටුපොළ ව්‍යාපෘති වැනි දේවල් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නක් බව එම නියෝජිතයා විශේෂ කොට පෙන්වා ඇත.

ඒ අනුව උතුරේ සංවර්ධන ව්‍යාපෘති චීනයෙන් ගැලවීමට ආණ්ඩුවට සිදුව තිබේ.



මෙහිදී තවත් විශේෂ කාරණයක් වාර්තා විය.

උතුරේ සංවර්ධන කටයුතුභාරව සිටින්නේ නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ඩී.එම්.ස්වාමීනාදන් මහතාය. උතුරේ නිවාස 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඔහු යටතේ ක්‍රියාත්මකවන්නකි. මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ නමුත් අවසානයේ එම සියලුම ටෙන්ඩර් පසෙක තබමින් ව්‍යාපෘතිය china Railway වෙත ලබා දීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව වාර්තා විය. china Railway ටෙන්ඩරයට ඉදිරිපත් වී නොමැති බවද සඳහන්. ඒ අනුව china Railway වෙත මෙම ව්‍යාපෘතිය ලබා දුන්නේ කුමන පදනමකින්ද යන්න මේ සඳහා ඉදිරිපත් වූ ටෙන්ඩර්කරුවන් ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත් ලබන කැබිනට් රැස්වීමේදී මේ සමබන්ධයෙන් සාකච්ජා කර තීන්දුවක් ගැනීමට නියමිත බව සඳහන්.

මෙවැනි බලපෑම් හමුවේ තවදුරටත් රටේ ස්වෛරීත්වය පිළිබඳ කතා කිරීම වලංගු කාරණයක් නොවන බව හොඳින්ම පැහැදිලිය. දකුණ චීනයටත්, උතුර ඉන්දියාවටත් සින්න වූ පසු රටේ ජනාතාවට වන්නේ වෙනදෙයක් ගැන දතනියවමින් බලාහිදීමටය.

කොහොම නමුත් දැන් චීනය රටට රිංගා හමාරය. ඩොලර් වලට ඇති පෙරේතකමට චීනය රට තුළට දාගත්තේ වෙනකවුරුවත් නොව දැන් පන්සලක් පන්සලක් ගානේ ගොස් රටේ ස්වෛරීත්වය පිළිබඳ නාහෙන් අඬන හිටපු ජනාධිපති තැන්පත් මහින්ද රාජපක්ෂය. දැන් ඒ පව් වලට කරගහන්නට වී ඇත්තේ සෙස්සන්ටය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP