Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මෛත්‍රි යළි ජනපති කරන්න චතුරිකාගෙන් රහස් කාර්යාලයක්.

මීළඟ ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ සටන මෙහෙයවීම සඳහා කොළඹ ජනාධිපති මන්දිරයට ආසන්න ගොඩනැගිල්ලක සිවුවැනි මහලේ රහසිගත කාර්යාලයක් විවෘත කර තිබේ.

ජනපති දියණි චතුරිකා සිරිසේන මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දැඩි ආරක්ෂාවක් යටතේ ඉතා රහසිගතව පවත්වාගෙන යනු ලබයි.

සේවකයන් 30දෙනකු පමණ මෙහි සේවයේ නියුතුව සිටින අතර මෙම කාර්යාලයට ඇතුළු වීමට අවසර ඇත්තේ ඉතා සීමිත විශ්වාසවන්තයන් පිරිසකට පමණක් බවත් පැවසේ.

ඇඟිලි සලකුණු සටහන් කිරීමෙන් පමණක් කාර්යාලයට ඇතුළු වීමට අවසර ලැබෙන අතර කාර්යාලය පිරිසිදු කිරීමට ද යොදවා ඇති පුද්ගලික සමාගමේ සේවකයන්ට ද ඊට ඇතුළු වීමට අවසර නැත.

පිරිසිදු කිරීම් සඳහා චතුරිකා සිරිසේන පුද්ගලිකව දන්නා හඳුනන අයකු එම පුද්ගලික සමාගම හරහා සේවයට යොදවා ඇත. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය නැංවීම මෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට මඩ ගැසීම මෙම කාර්යාලයේ ප්‍රධානතම කටයුත්ත බව පැවසේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply