Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රවී ඇමරිකානු පුරවැසිකම අයදී : සෙබළු 126යි, වාහන 19යි.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අමෙරිකානු රජයෙන් ආරක්ෂක පහසුකම ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.මේ සඳහා වන විශේෂ අයැදුම්පත ඔහු කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයට යොමුකර ඇති බව දේශය පුවත්පත වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ (ග්‍රීන් කාඩ්) ලාභියකු වන අද්මිරාල් විජේගුණරත්න මහතා සිය අයැදුම්පත මඟින් කියා ඇත්තේ තමන් සම්බන්ධ නැති වරදකට චූදිතයකු කර විමර්ශනයක් ක්‍රියාත්මක බවය. එම නිසා තමන් ආරක හේතු මත ඉදිරියට අමෙරිකාවේ ජීවත් වීමට අපේක්ෂා කරන බැවින් ඊට අදාළ පහසුකම් සපයන්නැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇතැයි සඳහන්ය.

එහෙත් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ඉල්ලීම ගැන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් තීන්දුවක් ගෙන නැත. ඔහු ලබන 19දා නැවත මෙරටට පැමිණි පසු කරුණු විමසීමක් කර අදාළ අයදුම්පත තීන්දුවක් ගැනීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග මෙම පුවත තහවුරු කරන නමුත් අද්මිරාල් විජය ගුණරත්න මහතාගෙන් ඒ ගැන විමසීමට ඔහු අපවෙත සම්බන්ධ කරගත නොහැකි විය.

රවීට නාවික හමුදාවෙන් සෙබළු 126යි, වාහන 19යි

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට කට උත්තරයක් ලබා දීම මගහැර මෙක්සිකෝවට ගොස් සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඔහුගේ කටයුතු සඳහා නාවික හමුදා සාමාජිකයන් 126 දෙනකු හා නාවික හමුදා රථ 19 ක් භාවිතා කරන බව වාර්තා වේ.

එම නාවික හමුදා සාමාජිකයින්ගෙන් බහුතරයක් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වශයෙන් යොදාගෙන ඇති අතර එම සංඛ්‍යාව 86කි. ප්‍රවාහන සංචිතය වශයෙන් යොදාගෙන ඇති සංඛ්‍යාව 29කි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කටයුතු සඳහා ඉතිරි අය යොදාගෙන ඇති අතර ඉන් 3 දෙනකු එහි මාධ්‍ය අංශය සඳහා යොදාගෙන ඇත. තවත් 3 දෙනකු තොරතුරු තාක්ෂණ අංශය සඳහා යොදාගෙන ඇත. ඉතිරි පිරිස එහි අනෙකුත් කටයුතු සඳහා යොදාගෙන ඇත.

නාවික හමුදාවෙන් ලබාගෙන ඇති වාහන 19 අතර කාර්, ඩබල් කැබ්, කැබ්, වෑන්, ජීප්, ත්‍රීවිල් හා මෝටර් සයිකල් යන වාහන වේ. මේ වාහනවලින් වාහන දෙකක් ඔහුගේ බිරිඳගේ හා පුතාගේ පරිහරණයට ලබා දී ඇත.

මීට අමතරව නාවික හමුදාපති සමයේ ඔහු භාවිතා කළ නාවික හමුදා මූලස්ථානයේ මහල් ගොඩනැගිල්ල ඔහුගේ නිවාස අවශ්‍යතා සඳහා තවමත් භාවිතා කරන අතර ඔහුගේ වාහන නැවැත්වීම සඳහාද නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම අසල චෛත්‍ය ප්‍රදේශයේ ස්ථාන වෙන් කරගෙන තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාල වෙබ් අඩබිය අනුව ඔහුත් ඇතුළු එහි සංවිධාන ව්‍යූහය වශයෙන් පුද්ගලයන් 38 දෙනකුගේ සටහනක් පෙන්නුම් කෙරේ. ඒ අය අතර හිටපු හෝ වත්මන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් පුද්ගලයන් ද සිටින බව පෙනේ.

2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාල පනත අනුව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ විධානය අධීක්ෂණය හා පාලනය යටතේ ඔහු කටයුතු කළ යුතු අතර සන්නද්ධ හමුදා සාමාජිකයන් එම කාර්යාලය කටයුතු සඳහා යොදාගන්නේ නම් ආරක්ෂක අමාත්‍යංශ ලෙකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් විමසා එය සිදු කළ යුතුය.

නාවික හමුදා සාමාජිකයන් 126 දෙනකු එහි වාහන 19 ක් නාවික හමුදා මූලස්ථානයේ නවාතැන් ඇතුළු පහසුකම් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ලබා දී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාරගෙන් අප විමසූ අතර ඒ පිළිබඳව පසුව පිළිතුරු ලබා දෙන බව ඔහු පැවසුව ද ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP