Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

2019 දී එජාප නායකත්වයේ වෙනසක්...!!!


2020 ජනාධිපතිවරණය ළඟ ළඟ එන නිසා සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සිය උපාය උපක්‍රම සංවිධානය කරමින්, ඒවා වෙනස් කරමින් උද්යෝගයෙන් කටයුතු කරන අතර ජනාධිපතිවරණයේදී ගතයුතු පියවර ගැන සැලසුම් සකස් කරමින් සිටියි.. මෙහිදී වඩාත්ම වැදගත් දේශපාලන කණ්ඩායම් දෙක වන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පොහොට්ටු කණ්ඩායම සහ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි ගෝඨාභය මහතාට මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය නොලැබීම නිසා ගෝඨාභය කණ්ඩායමට කර කියාගැනීමට දෙයක් නොමැතිව අතරමං වී ඇත. මේ අතර පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ සහ මහමොලකරු වන බැසිල් රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා වූ සටන තීව්‍ර කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්‍ෂකත්ව සටනෙන් ඉවත් කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ නොමද සතුටට හේතු වී ඇති බව පොහොට්ටු කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයද මේ වන විට අතිශයින් උණුසුම් වෙමින් පවතින බව එම පක්ෂයේ ඉහල පෙළ නායකයින්ගේ ක්‍රියාකලාපය මගින් පැහැදිලි වෙමින් පවතියි. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැඩි ස්ථාවරයක සිටින බවට දැනගන්නට ලැබෙන අතර ඔහුට ඉතාම හිතවත් පක්ෂයේ ප්‍රභලයෙක් සමග ඔහු විසින් පවසා ඇත්තේ "මම එනවා.උතරු නැගෙනහිර ඡන්ද ටිකයි මධ්‍යම ඡන්ද ටිකයි වැටුනම මට දිනන්න පුළුවන්" ලෙසයි. මෙහිදී රනිල්ගේ එම අතිශය හිතවතා විසින් ප්‍රකාශ කර ඇත්තේ සුළු ජාතික ඡන්ද වලින් විතරක් දිනන්න බලන් ඉන්න එක අවදානම් වැඩක් බවයි. අලුත් ඡන්ද රනිල් ගැන කිසිම පැහැදීමක් නැති බවත් පාක්ෂිකයින් පවා අතිශය කලකිරිමට පත් වී සිටින බවයි. මේ නිසා රනිල් ආවොත් ලක්ෂ 40 සිමාව ඉක්මවා යාම කීයටවත් කරන්න බැරි දෙයක් බව ඔහු විසි රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇත.

දිගින් දිගටම රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි වික්‍රමසිංහ මහතාගේ අතිශය හිතවතෙක් වන කලින් කී ප්‍රභලයා මෙලෙස රනිල් ආවොත් දිනන්න බෑ යැයි මුණටම ප්‍රකාශ කිරීම ගැන රනිල් වික්‍රමසිංහ මහතා අතිශය කම්පාවට පත් වී ඇති බව සිරිකොත අභන්තර ආරංචිමාර්ග පවසයි..

මේ අතර තවදුරටත් ඔහු විසින් රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ 2020 ඔබතුමා ඇවිල්ල පක්ෂය ආයේ පැරදුනොත් අපිට ආයේ කවදාවත් බලය ගන්න වෙන්නේ නෑ. ඒ නිසා හොඳම දේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා ඔක්කොම කට්ටිය එකතු කරගෙන නැවත රාජපක්ෂලා පරාජය කල යුතු බවත් මෙවර මෛත්‍රී-සජිත් එකතුවෙන් ජනාධිපතිවරණය කෙසේ හෝ දිනවීම බවත් එහෙම වුනොත් පක්ෂය හරි ඉතුරු වේවි යැයි ඒ මහතා විසින් ප්‍රකාශ කර ඇත. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර මුළු කාලයම නිශ්ශබ්දව සිට ඇත.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹ සංවිධායකකම භාරගෙන කොළඹ ඒමත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද වෙනසක් සිදු කිරීමට ප්‍රේමදාස මහතාට හිතවත් නායකයින් සාකච්ඡා වටයක් පවත්වා ඇති අතර මේ මොහොතේදී නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය හිතවතුන් පවා 2020 දී එතුමාට ජයගැනීමට කිසිදු ඉඩක් නොමැති බව තේරුම් අරන් ඇති නිසා පක්ෂ නායකත්වය රැකගැනීමට මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකිවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට ගෙන එම අපහසු නොවනු ඇති බවත් ඉන් පසු 2020 ජනාධිපතිවරණය මෛත්‍රී එක්ක එකතුවෙලා ජයගෙන 2020 මහමැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරඟකර එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම ගැන එහිදී සාකච්ඡා වී ඇත.

#InsidePolitcs


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP