Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න..’ මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි.


මෑතකදී පැවති මංගල උත්සවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතා තදින් අවවාද කර ඇති බව වාර්තා වෙයි.

විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ මෙහෙයුම යටතේ පවත්වා ගෙන යන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පලවී ඇත. එහි මෙසේද සඳහන් වේ.

''තමන්ගේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් වෙනත් කිසිවකුට කඩේ යන්න තමන් සූදානම් නොමැති බවටත් වෙල්ගම මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සහ කලින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මේ ආකාරයේ තදබල ලෙස අවවාද කිරීමක් හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇත.

තමනට කඩේ යන්නයි කිසිවිටකත් කීවේ නැති බවත් ඊළඟ ජනාධිපතිවරණයට කාටත් පිලිගත හැකි විස්වාසවන්ත කෙනෙක් නම් කළ පසු හැකි නම් එයාට වැඩ කරනා ලෙසත් බැරිනම් නිකන් ඉන්නා ලෙසත් රාජපක්ෂ මහතා දැඩිව පවසා ඇත.

කෙසේ වෙතත් පිලිතුරු ලෙස කුමාර වෙල්ගම මහතා පවසා ඇත්තේ තමන් විසින් එවන් ප්‍රකාශයක් කළේ යැයි මතකයක් නැති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා එවිට සිනහමුසු පවසා ඇත්තේ එය මතක නැති වීම ප්‍රශ්නයක් නැති බව දැන් තමන් කියූ දේවල් හොදින් මතක තියාගන්නා ලෙසත්ය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මීට පෙරද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙල්ගම මහතාට අවවාද කිරීම් කර තිබින.''

'ජනබලය' අසාර්ථක වීම නිසා මහින්ද දැඩි ආතතියක !

'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් කල විමසීමක දී අදහස් දැක්වූ එකාබද්ධයේ ප්‍රධානියකු කියා සිටියේ, නාමල් රාජපක්ෂ මහතා හා ඔහුට හිතවත් කණ්ඩායම විසින් පසුගිය 05 දා කොළඹදී සංවිධානය කර තිබු උද්ඝෝෂණය අසාර්ථක වීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි  ආතතියකින් පසුවන බවයි.

බලවත් සේ කෝපයකින් පසුවන මහින්ද රාජපක්ෂ මහතා, උද්ඝෝෂණයට එතරම් සහයක් නොදැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධයේ නායකයින් කිහිප දෙනෙකුටම දොස්පවරා ඇතැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP