Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද අගමැති කරන මෛත‍්‍රිගේ යෝජනාවට ඒකාබද්ධය බෑ කියයි!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය දරන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රතික්ෂේප කර තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා විසින් මෙම යෝජනාව කර ඇත්තේ මෛත‍්‍රි - මහින්ද සමගි කිරීමේ වැඩපිළිවෙළේ යෝජනාවක් ලෙසිනි. 

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකතුව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට මෙයින් යෝජනා කර තිබේ.

මෛත‍්‍රි පාර්ශ්වයේ සහ මහින්ද පාර්ශ්වයේ ප‍්‍රබලයන් සමඟ කරන ලද සාකච්ඡුාවලින් අනතුරුව දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් දැඩි විරෝධය දක්වා තිබේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවට තවත් ඉතිරිව ඇත්තේ කෙටි කාලයක් බැවින් කෙටි මාර්ගවලින් ආණ්ඩු ලබාගැනීමට යාම
නුවණක්කාර ක‍්‍රියාවක් නොවන බවය. 

ආණ්ඩුව කුමන සෙල්ලම් දැම්මත් ලබන වසරේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයකට යාමට සිදුවන බව එම මන්ත‍්‍රීවරුන් පෙන්වා දී ඇත. එම ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමේ වැඩි ඉඩක් මහින්ද රාජපක්ෂ මහතාට ඇති බැවින් ජනතා අප‍්‍රසාදයට පත්ව ඇති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ අගමැති ධුරය දැරිය යුතු නැති බවත් මන්ත‍්‍රීවරුන් කියා ඇත. ජනාධිපතිවරයා උත්සාහ කරනුයේ 2015 මහ මැතිවරණයේ දී මෙන් නැවත වරක් ඒකාබද්ධ විපක්ෂය රැවටීමට බවත් ඔවුන් අවධාරණය කර ඇතැයි පැවසේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply