Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'මම ජනාධිපතිගෙන් පළිගන්නේ නැහැ' - රනිල්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සැක බිය දුරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් යවා තිබේ. එනම් තමන් කිසිදිනෙක ජනාධිපතිවරයාගෙන් පළිගැනීමක් නොකරන බවයි.

ඊයේ උදෑසන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් ඇතුළු කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර පැවති හමුවේ සාකච්ජාවට ගැනුණු ප්‍රධාන කාරණා පිළිබඳ මනෝ ගනේෂන් මහතා ප්‍රසිද්ධ කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් යැවීමට කටයුතු කර ඇති බව සඳහන්.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ කණ්ඩායම සමඟ ජනාධිපතිවරයා කියා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංගයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කෙනෙක් අගමැතිවරයා ලෙස පත්කරගන්නා ලෙසයි.

තමන්ට තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කළ නොහැකි බව ජනාධිපතිවරයා කියා තිබේ.

මෙම කාරණා සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතා මාධ්‍යයට කරුණු දැක්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ඔහුව කැඳවා තිබේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් කිසිලෙසකින්වත් ජනාධිපතිවරයාගෙන් හෝ එම කණ්ඩායමෙන් පළිනොගන්නා බවයි. තමන් නියෝජනය කරන මහත්මා දේශපාලනය තුළ පළිගැනීම අන්තර්ගත නොවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් බියක් ඇති කර නොගන්නා ලෙස ජනාධිපතිවරයාට පණිවිඩය ලබාදෙන්නැයි මනෝ ගනේෂන් මහතාට උපදෙස් දී තිබේ.

එක වැරැද්දක් කර එම වැරැද්ද වසා ගැනීමට තවත් වැරදි ගොන්නක් සිදු නොකර සිදුවූ වැරදි අමතක කර යළි එක්ව කටයුතු කිරීමට තමන් ආරාධනා කරන බවද වික්‍රමසිංහ මහතා පවසා ඇත.

නමුත් මතුව තිබෙන මෙම දේශපාලන අර්බුදය කෙසේ විසඳේදැයි යන්න තාමත් නිශ්චිතව කිව නොහැකිය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP