Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අකිලගේ ටැබ් මේනියාව පසුපස ඇත්තේ : රුපියල් බිලියනයකට අධික අතයට ගනුදෙනුවක්!

උසස් පෙළ පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක බෙදීමේ ටෙන්ඩරය අන්ත දූෂිත ආකාරයට Abans PLC   සමාගම වෙත ලබාදීමේ සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් වන කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති  අතර ඒ හරහා රුපියල් බිලියනයකට අධික පාඩුවක් සිදුවීමට නියමිත බවට සාක්ෂි මේ වන විටත් අප වෙත ලැබී ඇත.

රාජ්‍ය ණය ගෙවා ගැනීමේ බරපතල අර්බුදයක ආණ්ඩුව හිරවී සිටින මොහොතක මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කර ගැනීමට සූදානම් වන්නේ රුපියල් බිලියනයකට ආසන්න අතයට ගනුදෙනුවක් නිසා බවත් ඒ වෙනුවෙන් ජනාධිපති සිරිසේන මෙන්ම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර නොමග යැවීමේ කූට උත්සාහයක් සම්බන්ධවද තොරතුරු ලැබී ඇත.

ඒ සූදානම ක්‍රියාත්මක වන්නේ උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම යහපාලන ආණ්ඩුවේ අයවැය  පොරොන්දුවක්ය (උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම - 2017 අයවැය යෝජනා අංක 92)  යන සටන් පාඨයට මුවා වෙමිනි.

වඩාත් අවාසනාවන්ත සිදුවීම වන්නේ මේ ආකාරයෙන් රුපියල් බිලියනයකට අධික පාඩුවක් රජයට සිදුවීමට යන්නේ වසර එකහාමාරක පමණ පැරණි තාක්ෂණයෙන් යුතු ටැබ් පරිගණක සිසුන් සහ ගුරුවරුන් වෙත ලබාදීමය.

සාමාන්‍යයෙන් මාස 6න් හයට නුතන පරිගණක මෙවලම් ආශ්‍රිත තාක්ෂනය වෙනස් වන අතර ඒ අනුව අදාළ ටෙන්ඩරය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණහොත් සිසුන් සහ ගුරුවරුන්ට හිමිවන්නේ වසර දෙකකට වඩා පැරණි තාක්ෂණයෙන් යුතු ටැබ් පරිගණකය.

එසේම මෙම ටෙන්ඩරය කැඳවූ  පළමු අවස්ථාවේ සිට බරපතල සැකසංකා පැවති අතර ඒ නිසාම ඒ සම්බන්ධව ඉදිරිපත්වූ කැබිනට් පත්‍රිකා ජනාධිපති මෙන්ම මුදල් අමාත්‍යංශය විසින්ද නිකුත් කළාවූ නිර්දේශ හරහා ප්‍රතික්ෂේප කොට තිබිණ. 

ඒ සම්බන්ධව ඇති සාක්ෂිද අප වෙත ලැබී ඇති අතර ඊට අදාළ අපගේ තක්සේරුව වන්නේ නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ අයවැය යෝජනාව ක්‍රියාවට නැංවීම දඩමීමා කරගෙන මෙම ගනුදෙනුව සිදුවුවහොත් එය එක්සත් ජාතික පෙරමුණ ලබන තවත් දුෂිත චෝදනාවකට වැඩි යමක් සිදුනොවන බවය.

පළමු දුෂිත උත්සාහය !

අදාළ ටෙන්ඩරය නිකුත් කිරීම වෙනුවෙන් පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුම මෙම දුෂිත ගනුදෙනුවට සම්බන්ධ බවත් ඔවුන් ඉතා දැනුවත්ව metropolitan සමාගම වෙත ටැබ් පරිගණක සැපයීමේ ටෙන්ඩරය ලැබෙන ආකාරයට ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර මැදිහත්වූ බවද දැනගන්නට ඇත.

අප වෙත ලැබී ඇති එම තොරතුරු අනුව, 2017 අයවැය යෝජනාව ප්‍රකාරව උසස් පෙළ පාසල් සිසුන් හට ටැබ්ලට් පරිගණක ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2017. 06. 05 වනදා පුවත්පත් දැන්වීමක් හරහා ටැබ් පරිගණක 195,148 ක් සඳහා මිලගණන් කැඳවා ඇත.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක්ද අමාත්‍යංශය විසින් පත්කොට ඇත. මෙම තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මාහාචාර්යවරයෙකු පත්කර ඇති අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, මුදල් අමාත්‍යංශය නියෝජනය කල සාමාජිකයකු බැගින් මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළුව ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති නියෝජිතයන් 7 ක් එහි අනෙක් සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.

ඒ අනුව තාක්ෂණික කමිටුව විසින් ටැබ්ලට් පරිගණක වෙනුවෙන් තිබිය යුතු ප්‍රමිතිය (පිරිවිතර ) දක්වා ඇති අතර එම ප්‍රමිති ලේඛණ සහ ප්‍රසම්පාදන කොන්දේසි ඇතුලත් ටෙන්ඩර් ලියවිලි ලන්සුකරුවන් වෙත නිකුත්කර ඇත්තේ නැවත නොගෙවන රුපියල් ලක්ෂ 5 ක තැම්පතුවක්ද ලබාගනිමින්ය.

කල්දැමු ටෙන්ඩරය !

මේ අතර ලංසුවල ඇති යම් අඩුපාඩු සාකච්ඡා කිරීම සඳහා පෙර ලංසු සාකච්ඡාවක්ද (per bid meeting) පවත්වා ඇති අතර, එසේම ටෙන්ඩරය විවෘත කිරීමට තිබු නියමිත දිනය ද සති දෙකකින් දීර්ඝ කරන්නටද කටයුතු සිදුව ඇත. ඒ අනුව එම ටෙන්ඩරය විවෘත කිරීමට නියමිතව තිබී ඇත්තේ 2017 .07.12 වනදා ය.

නමුත් එම දිනයේ ටෙන්ඩරය විවෘත කිරීමට නොහැකි වන අතර ඒ බිලියන ගණනක් වටිනා මෙම ටෙන්ඩරයේ පිරිවිතර කොන්දේසි සහ ප්‍රසම්පාදන කොන්දේසි වෙනස් කරගැනීම සඳහා විවිධ පාර්ශව සිදුකර ඇති බලපෑම් නිසාය.

මේ අතර නැවතත් අමාත්‍යංශ පාර්ශව සහ ලන්සුකරුවන් “පෙර ලංසු සාකච්ඡාවක්” සිදුකර ටෙන්ඩරය විවෘත කිරීමේ අවසාන දිනය ලෙස 2017.08.22 වනදා නම් කරගෙන ඇති අතර ටැබ්ලට් පරිගණක වලට අදාළ පිරිවිතර මෙන්ම ලංසු කොන්දේසි සම්බන්ධවද අවසන් එකඟතාවක් ඇතිකරගෙන තිබේ.

එම එකඟතා අනුව ටැබ්ලට් පරිගණක සඳහා වන තත්ත්ව සහතික ලෙස සඳහන්ව ඇත්තේ FCC සහ CE Certificate යන ඒවාය.ඒ අනුව ටෙන්ඩරය විවෘත කිරීමේ අවසන් දිනයේදී එනම් 2017.08.22 වනදා ලංසුකරුවන් 10 දෙනෙකු අදාළ පිරිවිතිරවලට අනුව සැකසු අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදී ඇත. රුපියල් බිලියන 4.1 සිට 10 දක්වා වන අගය සහිත මිල ගණන් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබී ඇත.

අනතුරුව ලන්සුවේ සඳහන් පරිදි ටැබ්ලට් පරිගණක සාම්පල 2017.09.07 වනදා අමාත්‍යංශයට ලබාදීමට නියමිත වූ අතර එහිදී අදාළ සාම්පල අමාත්‍යංශය වෙත ලබාදී ඇත්තේ ලංසුකරුවන් 07 දෙනෙකු පමණි.

කොන්දේසි විකෘති කරලා !

මෙසේ ලබාගත් සාම්පල තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත යොමුකර ඇති පසුබිමේ නැවතත් අමාත්‍යංශය වෙතින් ලන්සුකරුවන් වෙත ලිඛිත නිවේදනයක් නිකුත් කර ඇත. ඒ මඟින් දැනුම්දී ඇත්තේ ලන්සුකරුවන් විසින් ඉදිරිපත් කල ටැබ් පරිගණකයන්ට අදාළ FCC ID සහ Grantee Code ලිඛිතව ලබාදෙන ලෙසය. ලන්සුකරුවන් අන්දමන්ද වන්නේ මේ නිවේදනය හමුවේය. මන්ද ටෙන්ඩරය විවෘත කිරීමට පෙර සඳහන්වූ පිරිවිතර හී තත්ත්ව සහතික වූ FCC සහ CE Certificate යන්න ටෙන්ඩරය විවෘත කිරීමට පසුව එනම් FCC ID සහ Grantee Code ලෙස වෙනස් කර ඇති නිසාය.

මෙය අමාත්‍යංශය පාර්ශවයෙන් සිදුකල ටෙන්ඩර් කොන්දේසි අමුඅමුවේ විකෘති කරමින් කොන්දේසි උල්ලංඝනය කිරීමක් වූ අතර කෙසේ වුවත් ලන්සුකරුවන් තමන් ඉදිරිපත් කල ටැබ් පරිගණකයට අදාළව පැහැදිළි කිරීම් අමාත්‍යංශය වෙත යොමුකර ඇත.

කලින් ගත්ත තීරණයක් !

සාමාන්‍යයෙන් නීත්‍යානුකුල සහ විනිවිදභාවයකින් යුතු ටෙන්ඩරයක කොන්දේසි මේ ආකාරයෙන් රෑ දනියෙල් දැල් මිගෙල් පන්නයට වෙනස් වෙන්නේ නැත. එසේ වෙනස් වන්නේ නම් එතැන ඇත්තේ ප්‍රසිද්ධියේ ලංසු කැඳවා දෙන ටෙන්ඩරයක් නොව වෙන මොකක් හෝ එකක් ය. කෙසේ වුවත් මේ ආකාරයට සහතික කොන්දේසිය වෙනස් කිරීමේ කුපාඩි කටයුත්ත එළියට එන්නේ ටෙන්ඩර් කොන්දේසි අමු අමුවේ විකෘති කර හදීසියේ හඳුන්වා දුන් FCC ID යන්න ගැන විමසා බැලීමේ දීය.

FCC ID ?

FCC ID යනු පරිගණක සහ ජංගම දුරකථන වැනි නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමේදී ඒවා එම ජනපදයේ ප්‍රාන්ත වල භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇති බව දක්වන්නට නිකුත් කරන හැඳින්වීමේ අංකයකි. එහිදී පිරිවිතිර හී සඳහන් CE යනු යුරෝපයට අදාළ එවැනි සහතිකයකි. ඒ අනුව මෙම සහතික බොහෝ දුරට එක සමාන පිළිගැනීමක් සහිතය.

එහෙත් මෙතැන අරුම පුදුම කාරණය වන්නේ රෙන්ඩර් කොන්දේසිය තාක්ෂණික කමිටුව විසින් උල්ලංඝනය කිරීමෙන් පසුව අදාළ ටෙන්ඩරය වෙනුවෙන් ලංසු තැබූ ලන්සුකරුවන් වෙතින් FCC ID යන්න ඉදිරිපත් කල හැකි එකම ලන්සුකරුවා බවට metropolitan සමාගම පත්වීමය. ඒ අනුව ඉතා පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ තාක්ෂණික කමිටු සභාපතිවරයා එක් සමාගමක් ඉලක්කගත කර මෙසේ පිරිවිතර කොන්දේසි නැවත සකස්කර ඇති බවය. අවම වශයෙන් මෙවැනි අති විශාල රාජ්‍ය ගනුදෙනුවක ටෙන්ඩර් කැඳවීමේදී පිරිවිතර සැකසීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් නිර්දේශ ලබාගැනීමක් කල යුතුව තිබිණ. එහෙත් එවන්නක්ද සිදුව නැත.

දෙවැනි දුෂිත උත්සාහය !

මේ වන විට වාර්තා වී ඇති තොරතුරු වලට අනුව උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක බෙදීමේ ටෙන්ඩරය මෙවර අබාන්ස් සමාගමට ලබාදීමට සැලසුම් කර ඇත්තේද එවැනිම ටෙන්ඩර් මගඩියක් සිදුකරමින්ය. ඒ ටෙන්ඩරය පළමුව ප්‍රසිද්ධ කල අවස්ථාවේ නොතිබූ කොන්දේසි ඉදිරිපත් කරමින්ය.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් බිලියනයකට ආසන්න අතයට ගනුදෙනුව වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය නොමග යවන්න කටයුතු කරමින් සිටින්නේ කල් පැවැත්ම සහ ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂිත පදනමක් ගැන කියමින්ය. එහෙත් අතයට ගනුදෙනුව හැර ටෙන්ඩරයේ නොතිබූ කොන්දේසි එළියට ගෙන "ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂිත" බව ගැන සහතික ලබාගත් ආයතනයක් නැත. අවම වශයෙන් විදුලි සංදේශන නියාමන කොමිසමෙන් හෝ මේ පිළිබඳ ලබාගත් නිර්දේශයක් නැත.

අකිලගේ කැබිනට් පත්‍රිකාව !

අනෙක් අතට 2018 ජනවාරි 22 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය විමසීමේදී ඒ බව තහවුරු වෙයි. එය සිහි බුද්ධියෙන් විමසා බැලීමේදී පළමුව අන්ත දුෂිත ආකාරයට metropolitan සමාගමට ලබාදීමට උත්සාහ කල මෙම ටෙන්ඩරය දෙවන වර ඒ හා සමාන දුෂිත ආකාරයකට Abans සමාගමට ලබාදීමට සූදානම් වන බව පැහැදිළි වන්නේය.

පහත දැක්වෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව වන අතර ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරමින් ඒ වෙනුවට බොරු සෞඛ්‍යාරක්ෂිත කරුණක් සහ ඉතාම සුළු මිල අඩුකිරීමක් ගැන කියා අමාත්‍ය මණ්ඩලයම නොමග යැවීමේ නරුම උත්සාහය හඳුනා ගැනීම දුෂ්කර නැත.

akila 8000px


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment