Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජනපතිගේ චක්‍රලේඛනය ජනපතිම කඩලා: ග්‍රාමශක්ති රැස්වීම හේනේගම හෝටලයක.


ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විළිඹුල, හේනේගම ප්‍රදේශයේ ගෝල්ඩන් රීච් නම් හෝටලයක ශාලාවක් තුල පවත්වා ඇතැයි වාර්තා වේ.

මීට පෙර රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතනවල දී පමණක් සිදු කල යුතු බව ජනාධිපතිගේ උපදෙස් මත රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මඟින් සියලූ රාජ්‍ය නිලධාරින්ට දන්වා තිබුණ ද ජනාධිපති කාර්‍යාලය යටතේ පවතින ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අදාල චක්‍රලේඛය අමු අමුවේ උල්ලංගනය කිරීමකි.

එසේම මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලූම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන්  සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිවරයා දැනුම් දී ‍ඇති බවයි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment