Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඇමරිකානු හමුදාවන්ට සේවා සපයන ගෝඨාගේ ගිවිසුම මෛත්‍රී අලුත් කරලා.


ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය සියලු සේවාවන් සැපයීමට එකඟ වෙමින් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා තිබුණු ගිවිසුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අලුත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එවකට ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා අතර 2007 වසරේදී ඇති කරගත් මෙම ගිවිසුමෙන් යුද්ධයකදී ඇමරිකානු හමුදාවට අවශ්‍ය ගුවන් තොටුපළවල්, වරාය ඇතුළු සියලු සේවාවන් සැපයීමට ශ්‍රී ලංකාව එකඟ වී තිබුණු බවයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ.

මෙම ගිවිසුම 2017 වසරේදී අවසන් වීමට නියමිතව තිබුණත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය අලුත් කිරීමට හොර රහසේම ක්‍රියා කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කලින් ගිවිසුමට වසර 10ක කාලසීමාවක් තිබුණ ද නව ගිවිසුම කාල සීමාවකින් තොරවම අත්සන් තබා ඇතැයි පෙන්වා දුන්නේය.

එසේම ඇමරිකාව සමඟ ඉදිරියේදී SOFA නමින් තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් ඉන් ඇමරිකානු හමුදාවට සම්බන්ධ පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුළ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලැබෙන ආකාරයට ඉල්ලීම් කර ඇති බවත් එයත් අත්සන් තැබුවහොත් ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටවූවා හා සමාන වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment