Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

"මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා" - ප්‍රසන්න.


පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කළේ තමන්ට ඒවා ලබාදුන් නිසා බවත් තමන්ව පමණක් පොලිසියට රැගෙන ගියහොත් මේ පිළිබඳ සියල්ල හෙළිකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කර තිබේ. 

පසුගියදා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැවැත්වූ සැඳෑ සාදයකදී ඔහු මේ බව පවසා ඇත.

"මේක මාර කෙළියක්නෙ. දැන් අපි පස් දෙනෙක්ගෙ කරේ සම්පූර්ණ වැඩේ පැටවෙන්නයි යන්නෙ. අපි ඉතිං තනියම ගැහුවා නෙවෙයිනෙ. අපිට කිව්ව නිසානෙ අපි ගැහුවෙ. නැත්තං අපි ගහනවද ?

දැන් ටොපිය කන්න වෙලා තියෙන්නෙ අපිට. බොස්ලා මේක අපේ කරේ දාන්නයි හදන්නෙ. මිරිස් කුඩු ගෙනත් දීපු නිසානෙ මම ගැහුවෙ. තනියෙන් යන්න වුණොත් නම් මම ඔක්කොම කියනවා. යනවා නම් කට්ටියම යමු " යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ද මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළම විසඳාගත යුතු බවත් පොලිසියට යනවා නම් සියල්ලන්ම එකට යායුතු බවත් පුන පුනා කියන්නේ ප්‍රසන්න රණවීරලාගේ හැටි ද හොඳින්ම දන්නා නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු චණ්ඩින් මේ වනවිට නොන්ඩින් වී ඇති බවත් වාර්තා වේ. 

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment