Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රනිල්ගේ 70 වැනි උපත සාගලගේ නිවසේ ජයටම සැමරේ.

මේ  මස 24 වැනිදාට යෙදී  තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මාතර දෙනියායේ පිහිටි අග්‍රාමාත්‍ය  කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ පෞද්ගලික නිවසේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයක් සමග අතිශය පෞද්ගලික උත්සවයක් සංවිධානය  කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ විශේෂ උපන්දින සාදය සඳහා ආරාධනා කර තිබෙන්නේ ඔහුට පෞද්ගලිකව සහ දේශපාලනිකව ඉතා සමීප සුළු පිරිසකට පමණි.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කරන්නේ, ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ අගමැති මාධ්‍ය ඒකකය භාර ක්‍රියා කරන ඔහුගේ වැඩිමහල් සොහොයුරා  වූ ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණිය වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය විසිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් මේ වන තුරුත් ඔහුගේ සාමාන්‍ය දේශපාලන හිතවතුන්,පාක්ෂිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් මෙතෙක් උත්සවයක් සංවිධානය කර නොමැත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment