Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

පොලිසියේදී එළියට ආ එඩ්වඩ් ජයකොඩිගේ පේ‍්‍රම කතාව.


ශ‍්‍රී ලාංකේය ගීත වංශ කතාවේ සුවිශේෂී මං සලකුණු විවර කළ ගායකයකු ලෙස ජනතාවගේ ගෞරවයට පාත‍්‍රව සිටි වික්ටර් රත්නායක පිළිබඳව පසුගිය කාල පරිච්ෙඡ්දය තුළත් දැනුත් ඔහුව බොහෝ දෙනාගේ දැඩි කතා බහට ලක්ව තිබේ. ඒ ඔහුගේ කලා කටයුතු පිළිබඳව නොව, පුද්ගලික ජීවිතය තුළ පැන නැඟුණු බරපතළ ප‍්‍රශ්න නිසාය. මේවා පුද්ගලික ජීවිතයේ  ඕපාදූප යනුවෙන් සඳහන් කර සමහරු බැහැර කරති. නමුත්, බහුතරයක් දෙනා තමන්ගේ ආදරණීය ගායකයාට හෝ පිරිසට ජීවිතයේ ඇති වූ අයහපත් දේවල් පිළිබඳව අසා දැන ගැනීමට කැමතිය. එහි වරදක්ද නැත. එබැවින් ඒවා පුද්ගලික හෝ රාජකාරි කියා බැහැර කර කතා නොකළ යුතු යැයි නියමයක්ද අප සමාජයේ නැත.

බොහෝ මිනිසුන් තමන් ආදරය කරන කලාකරුවාගේ කලා ජීවිතයට වඩා පුද්ගලික ජීවිතය පිළිබඳ කතා කිරීමට, අසා දැන ගැනීමට දැඩි ලොල් බවක් දක්වනු ඇත. ඒ නිසා වික්ටර් රත්නායක පිළිබඳව ඇති වී තිබෙන කතා තවමත් අප සමාජයේ මාතෘකා බවට එකිනෙකා අතර කතා බහ සිදු වනු ඇත. ඒ ඔහු තමන්ගේ වයසට වඩා අවුරුදු 44ක් බාල කාන්තාවක් විවාහ කර ගැනීමය. වික්ටර් රත්නායකගේ බිරිඳ මිය ගොස් වසර 13කට පමණ පසු තමන්ගේ තනිය මකා ගැනීම උදෙසා මෙම තැනැත්තිය ඔහු විවාහ කර ගත්තේය. ඔහුට වයස අවුරුදු 75ක් පිරුණු විට ‘මට මහළු වයසේ, බැරිය වෙණ ගායනා පෙර සේ’ කීවාට වික්ටර් රත්නායක තමන්ට කළ නොහැකි දෙයක් නැති බව මින් පෙන්වා ඇත.

තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී වික්ටර් රත්නායක සමග හාද වී 31 හැවිරිදි හෂිනි අමන්දා නම් එම තැනැත්තිය ඔහු සමග විවාහ වුවද ඒ වන විට ඇයත් විවාහ වී දික්කසාද වී සිටි තැනැත්තියකි. එම විවාහය එසේ වුවද ඒ ගැන සමාජය තුළ මහත් ආන්දෝලනාත්මක කතා බහක් සිදු වී එය ක‍්‍රමානුකූලව පහව යාමත් සමග යළිත් වික්ටර් රත්නායක අර්බුදයකට මුහුණ පා ඇත්තේ ඇය තංගල්ල බැංකුවේ සේවය කරමින් සිටියදී උකස් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 12කට ආසන්න ස්වර්ණාභරන තොගයක් වංචා කිරීම පිළිබඳවය. එයට ඇයව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කිරීමත් සමග ‘කොරේ පිටට මරේ’ කීවා සේ වික්ටර් රත්නායක දැන් යළිත් අර්බුදයකට මුහුණ පා ඇත්තේ සමාජයේ සියලූ දෙනාම පාහේ ඒ කෙරෙහි දැඩි කතා බහකට ලක්වෙමින් පවතින පසුබිමකය.

වික්ටර් රත්නායක පරපුරේ තවත් සුවිශේෂී චරිතයක් වන්නේ එඞ්වඞ් ජයකොඩිය. ඔහුද වික්ටර් රත්නායක සේ ම බහුතර සමාජයේ පැසසුමට ලක් වූ සුවිශේෂී ගායන ශිල්පියෙකි. ජනතාවගේ ආදරයට ලක් වූ මෙම ගායන ශිල්පියාද වික්ටර් රත්නායකගේ අර්බුදය තරම් නොවුණත් අනියම් පේ‍්‍රම සම්බන්ධයකට ගොදුරු වී මහත් කළබැගෑනියකට ලක්ව සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතින දෙයකි. ඒ පිළිබඳව ප‍්‍රථමයෙන්ම කරුණු එළියට පැමිණියේ කොළඹ දකුණ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් පැවැති පරීක්ෂණයකදීය.

මෙහි පෙම්වතිය වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ, සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහය. මාලඹේ, අතුරුගිරිය පාරේ පදිංචි ඇය වෛද්‍ය වික‍්‍රමරත්න සමගද අනියම් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා ඇත. ඒ අතරවාරයේ ඇය එඞ්වඞ් ජයකොඩි සමගද එවැනි සබඳතාවක් පවත්වා ඇත. මේ තුළ ඇති වූ බරපතළ ගැටුමක් අවසානයේ කෙළවර වූයේ මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙනි. එහිදී දෙපාර්ශ්වය ගෙන්වා කරුණු විමර්ශනය කිරීමේදී එඞ්වඞ් ජයකොඩි පිළිබඳවද කරුණු කාරණා අනාවරණය විය. ඒ පිළිබඳව වැඩි දුරටත් විමර්ශනය කිරීමේදී අප වෙත ලැබුණු කරුණු කාරණා බොහෝය. එනම්, සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස්වරියගේ ක‍්‍රියා කලාපය එතරම් පැහැදිලි තත්වයක නැත. ඇය ඉතාමත් තනතුරට පවා නොගැලපෙන ආකාරයේ හැසිරීම් රටාවක් පේ‍්‍රම සබඳතා හරහා පෙන්නුම් කර ඇති බව අනාවරණය වූ දෙයකි.

ඇය විවාහ වී සිටින්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චාමින්ද රණවීර සමගය. ඔවුන් දෙදෙනා අතර පවුලේ නිතර දෙවේලේ ආරවුල් හටගෙන ඇත. එම අවස්ථාවල පහරදීම්ද සිදු වී ඇත. මේ නිසා දැඩි පීඩනයට හා කායික ප‍්‍රශ්නවලට ඇය මුහුණ පා සිටින බවද කියැවේ. එම මානසික ප‍්‍රශ්නවලට ප‍්‍රතිකාර ලැබීමට ඇය කිසියම් වෛද්‍යවරයෙක් සොයමින්  පසු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුට වෛද්‍ය වික‍්‍රමරත්න මුණ ගැසී ඇත.

එනම්, බත්තරමුල්ල, ‘ශ‍්‍රීනා පැලස්’ ආයතනය තුළ වෛද්‍ය වික‍්‍රමරත්නගේ වෛද්‍ය ප‍්‍රතිකාර පිළිබඳ දැන්වීම් පුවරුවක් දැක එහි ඇති දුරකථන අංකයට වෛද්‍ය වික‍්‍රමරත්නට කතා කර හමුවීමට වෙලාවක් වෙන් කර ගෙන ඔහුගේ තිඹිරිගස්යායේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත අමිලා සමන්මලී රූපසිංහ ගොස් ඇත. ඇය එතැනට ගොස් ඇත්තේ මානසික ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහාය. නමුත් ඒ තුළ ඇත්තේ එකිනෙකාගේ රූප සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීමේ ප්ලාස්ටික් සැත්කම්ය. ඒ අනුව, මානසික ප‍්‍රතිකාර කෙසේ වෙතත් ඇයට හිත ගොස් ඇත්තේ ඇයගේ මුහුණේ තිබූ කැළැල් ඉවත් කර මුහුණට පැහැපත් භාවයක් ලබා ගැනීම උදෙසා ප්ලාස්ටික් සැත්මකමක් කිරීමටය. ඒ ගැන ඇය වෛද්‍යවරයාට ප‍්‍රකාශ කල විට ඔහු ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීමට එකඟ වී ඇත.

ඒ සඳහා අවස්ථා කිහිපයකදී මූලික ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය එම වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් වෛද්‍ය වික‍්‍රමරත්න හමු වී ඇත. එම අවස්ථාවේ වෛද්‍යවරයා සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහගේ විස්තර විමසීමේදී ඇයගේ පවුල් පසුබිම පිළිබඳ තොරතුරුද වෛද්‍යවරයා වෙත අනාවරණය කර ඇත. ඇය වෛද්‍යවරයා වෙත ප‍්‍රකාශ කර ඇත්තේ තම ස්වාමි පුරුෂයා හා තමා අතර නිතර දෙවේලේ ගැටුම් ඇති වන බවය. ගහ බැණ ගැනීම් සිදු වන බවය. මේ නිසා දැඩි මානසික අසහනයකින් තමන් සිටින බවද ඇය කියා ඇත.

මෙවැනි කරුණුද හේතු කොට ගෙන අවසානයේ වෛද්‍යවරයා හා ඇය අතරද අනියම් පේ‍්‍රම සබඳතාවක් ගොඩනැගී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇය සහ වෛද්‍යවරයා වෛද්‍ය මධ්‍යස්ථානයේම ඉහළ මහලේ එකට සිටීමටද යම් යම් අවස්ථාවල පියවර ගෙන ඇත. මේ හරහා ඔවුන් දෙදෙනාගේ පේ‍්‍රම සබඳතාව වැඩි දියුණු වී එය ඉතාමත් බිඳ හෙළිය නොහැකි තරම් සබඳතාවක් දක්වා දුර දිග ගොස් ඇත. මේ සබඳතාව හේතු කොට ගෙන අමිලා සමන්මලී රූපසිංහ හා ඇයගේ සැමියා වන කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චමින්ද රණවීර අතර තවදුරටත් දුරස්ථභාවයක් එන්න එන්නම වර්ධනය වී අවසානයේ ස්වාමි පුරුෂයා ඇයව දමා සිය නිවසින් පිට වී ගොස් ඇත. එතැන් පටන් ඔහු දිගටම කාලයක් නවාතැන් ගෙන කටයුතු කර ඇත්තේ ඔහුගේ වෛද්‍ය නිල නිවසේය. දරුවන් බැලීමට පමණක් සමහර අවස්ථාවල නිවසට පැමිණ ඇත. ඒ හැර වෙනත් සබඳතාවක් ඔහු බිරිඳ සමඟ තබා ගෙන නැත.

ඉන් උපරිම ඵල ප‍්‍රයෝජන නෙලා ගත් අමිලා සමන්මලී රූපසිංහ හා ප්ලාස්ටික් ශල්‍යකර්ම වෛද්‍ය වික‍්‍රමරත්න අතර සබඳතාව වැඩි දියුණු වී අවසානයේ එම වෛද්‍යවරයා අමිලාගේ නිවසේ යාවජීව සාමාජිකයකු බවට පත්ව ඇත. ඇයගේ ස්වාමි පුරුෂයා නිවසේ නැති බැවින් සෑම රාත‍්‍රියකම පාහේ වෛද්‍යවරයා සමන්මලී සමග එකට නිවසේ අඹු සැමියන් ලෙස පවා ජීවිතය ගෙවා ඇත. එතැන් සිට දෙදෙනා අතර සබඳතාව ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. දෙදෙනා අතර ඇති සබඳතාව වැඩිදියුණු වීමත් සමග දෙදෙනාට දෙදෙනා මුල් කසාදවලින් දික් කසාද වී විවාහ වීමටද කතා බහ කර ඇත. එයටද දෙදෙනාට දෙදෙනා එකඟ වී තිබේ.

මේ අනුව වෛද්‍ය වික‍්‍රමරත්න තමන්ගේ නීත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද නඩුවක් පවරා වෙන් වී අමිලා සමන්මලී රූපසිංහව විවාහ කර ගැනීමටද තීරණය කර ඇත. එයට ඇයගේ එකඟතාව ලැබී ඇති බැවින් තමන්ගේ අනාගත බිරිඳ යැයි සිතා වෛද්‍ය වික‍්‍රමරත්න හිතේ හැටියට ඇය වෙනුවෙන් අත දිග හැර මුදල්ද වියදම් කර ඇත. ඇයගේ ගමන් බිමන් උදෙසා සුඛෝපබෝගී මෝටර් රථයක්ද මිල දී ගෙන ලබාදී තිබේ. එපමණක් නොව, ඇයගේ දරුවන්ට පාසල් යාමට හා වෙනත් ගමන් බිමන් යාමට බත්තරමුල්ල ‘විහඟ කැබ්ස්’ කුලී රථ ආයතනයෙන් කුලියට රථවාහනද වරින් වර ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ මුලින් පදිංචිව සිටියේ බත්තරමුල්ල, පොතුආරාව පාරේය. ඊට පසු වෛද්‍ය වික‍්‍රරත්න විසින් ඇය එම ස්ථානයෙන් ඉවත් කර කුලී නිවසක ඔවුන්ගේ මුළු පවුලම රඳවනු ලැබීය. ඒ මාළඹේ ප‍්‍රදේශයේය. එම නිවස කුලියට ලබා ගැනීමේදී අත්තිකාරම් මුදල් පමණක් වෛද්‍ය වික‍්‍රමරත්න මසකට රුපියල් 35,000 ගණනේ මාස හයකට අදාළව රුපියල් 2,10,000ක මුදලක්ද ලබා දී ඇත. එහි කුලී කාලය අවසන් වීමෙන් පසුව යළිත් මාළඹේ සුසිලාරාම පාරේ කුලී නිවසකට පැමිණ ඇත. එම නිවසේද අත්තිකාරම් මුදල් වශයෙන් මුළු මුදලම ගෙවා ඇත්තේ වෛද්‍ය වික‍්‍රමරත්නය.

එපමණක් නොව, මුළු ගෙදරටම අවශ්‍ය කෑම බීම, ගෑස් සිලින්ඩර්, අල්මාරි, මුදු, මාල, ඔරලෝසු ඇතුළු සෑම දෙයක්ම නොපිරිහෙලා ඉටු කිරීමට පියවර ගත්තේ වෛද්‍ය වික‍්‍රමරත්නය. නිවසේ කුණු කසළ ටික පවා කුලී රථ මගින් බැහැර කිරීමට පියවර ගත්තේ වික‍්‍රමරත්නය. දළ වශයෙන් මසකට රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් අමිලා සමන්මලී රූපසිංහ වෙනුවෙන් වෛද්‍ය වික‍්‍රමරත්න වැය කර ඇත.

මෙම දෙදෙනා අතර සබඳතාව මොන තරම් ඉහළ තත්වයක් මත පැවතුනාදැයි කිවහොත් අවස්ථා දෙකකදී පමණ ඉන්දියාවට ගොස් කාලය ගත කර ඇත. ඔවුන්ගේ ප‍්‍රථම සංචාරය දින 10ක් වී ඇති අතර දෙවැනි සංචාරයේදී දින 14ක් පමණ ඉන්දියාවේ මුම්බායි නගරයේ සංචාරයක නියැළෙමින් එහි හෝටල්වල කාලය ගත කරමින් අඹුසැමියන් ලෙස ජීවිතය ගෙවා ඇත.

මෙතරම් දෙදෙනා ආදරයෙන් වෙළී සිටිමින් කාලය ගත කළේ කුරුල්ලයි කිරිල්ලියි මෙන්ය. එතරම්ම කිට්ටු සබඳතාවක් ඔවුනොවුන් අතර තිබිණි. මෙම දෙදෙනා අතර ඇති ආදරවන්තභාවය පිළිබඳව අමිලා සමන්මලී රූපසිංහගේ නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා වන කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චාමින්ද රණවීරද නොදන්නා කරුණක් නොවේ. එහෙත් ඔහු ඊට එරෙහිව කටයුතු කිරීමට ගියේ නැත. ඔහු තමන්ගේ පාඩුවේ වෙනම ජීවිතයක් ගත කෙරිණි. දරුවන්ගේ වැඩකටයුතු පමණක් සොයා බැලීමට පියවර ගත්තා මිස බිරිඳගේ වැඩ කටයුතුවලට ඇඟිලි ගැසීමට නොගියේ තවදුරටත් ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවිනි.

මෙලෙස බලන විට අමිලා සමන්මලී රූපසිංහ සිය නීත්‍යනුකූල ස්වාමි පුරුෂයාගෙන් වෙන් වී දොස්තර වික‍්‍රමරත්න සමග වෙනමම පවුල් ජීවිතයක් ගත කර ඇත. විදේශ සංචාරයන්වල පමණක් නොව, ලංකාවේද බොහෝ හෝටල්වල හා වෙනත් විනෝද ස්ථානවල සතියකට දින හතරක් පහක් ඔවුනොවුන් කාලය ගත කළේ විවාහ දිවියට පත් වීමට නියමිත යොවුන් යුවළක් ලෙසය. එතරම් කිට්ටුවෙන් දෙදෙනා කටයුතු කළද ඒ අතරවාරයේ දොස්තර වික‍්‍රමරත්නට හොරෙන් අමිලා සමන්මලී රූපසිංහ සඳුන් පි‍්‍රයංකර විතානගේ නමැති තවත් අයකු සමග සබඳතා පවත්වන බවට දොස්තර වික‍්‍රමරත්නට කණින් කොණින් මෙන් සැකයක් මතු වී තිබිණි.

සඳුන් ප‍්‍රියංකර විතානගේ යනු, කවියෙකි. ඔහුව ප‍්‍රථමයෙන්ම අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවට රැුගෙන ආ බව කියැවෙන්නේ එහි තවත් අධ්‍යක්ෂවරියක් වන ප‍්‍රගීතිකා ජයසේකර මගිනි. ඉන් පසුව සඳුන් ප‍්‍රියංකර අමිලා රූපසිංහ සමග දැන හඳුනාගෙන මෙම සබඳතාව ගොඩ නගා ගෙන ඇති බව කියැවේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමන්මලී සඳුන් ප‍්‍රියංකරට මිල මුදල් හා බොහෝ උපකාරද සිදු කර ඇති බව කියැවේ.

අමිලා සමන්මලී රූපසිංහ සඳුන් පි‍්‍රයංකර විතානගේ සමග සබඳතාවක් ගොඩනගා ගැනීමත් සමග ඇය දොස්තර වික‍්‍රමරත්නගෙන් ටිකෙන් ටික දුරස් වන බවක් ඔහුට ඉවෙන් මෙන් දැනී ඇත. නමුත් ඒ බවක් ඔහු ඇයට ඇඟවීමට ගොස් නැත. එහෙත් ක‍්‍රමානුකූලව මේ ගැන ඔහු විමසීමේදී එවැනි දෙයක් නැති බවද ප‍්‍රකාශ කර තිබේ. එහෙත්, වික‍්‍රමරත්නගේ සැකය දුරු වී නැත. ඔහුගේ දැඩි විශ්වාසය වී ඇත්තේ සඳුන් ප‍්‍රියංකර හා ඇය අතර යම් සබඳතාවක් තිබෙන බවය. මේ අතරවාරයේ දිනක් සඳුන් ප‍්‍රියංකර දොස්තර වික‍්‍රමරත්නට දුරකථනයෙන් තර්ජන ගර්ජනද කර ඇත. ‘‘වික‍්‍රමරත්නට වෙන දේ එයාවත් දන්නේ නෑ’’ යනුවෙන් ඔහු ප‍්‍රකාශ කර ඇති බව කියැවේ. මෙමගින් වික‍්‍රමරත්නගේ සැකය තවත් උත්සන්න විය. සඳුන් ප‍්‍රියංකර හා අමිලා අතර තිබෙන සම්බන්ධතාවය දැන ගෙන එය වික‍්‍රමරත්න ඇයගෙන් විමසූ නිසා ඇය මේ පිළිබඳව සඳුන් පි‍්‍රයංකරට ප‍්‍රකාශ කරන්න ඇතැයි දොස්තර වික‍්‍රමරත්න සැක පහළ කර ඇත.

මෙම කරුණු කාරණා මෙලෙස සිදු වෙමින් තිබෙන විට මේවා සිදු වන්නේ අමිලා සමන්මලී රූපසිංහගේ අවශ්‍යතාව මත බවට දොස්තර වික‍්‍රමරත්න දිගින් දිගටම සැක පහළ කෙරිණි. එම නිසා ඒවා ගැන විමසීම හේතු කොට ගෙන දොස්තර වික‍්‍රමරත්න හා සමන්මලි අතරද උණුසුම්කාරී වචන හුවමාරුද සිදුව ඇත.

සමන්මලී දිගින් දිගටම ප‍්‍රකාශ කර ඇත්තේ එවැනි සබඳතා නැති බවය. එහෙත්, සමන්මලී සහ සඳුන් ප‍්‍රියංකර විතානගේ නිතර දෙවේලේ දුරකථන මගින් කතා කරමින් හමු වන බවට පමණක් නොව, දුරකථන මගින් චැට් කරන බවටද කරුණු අනාවරණය වීමත් සමග දෙදෙනා අතර අනියම් පේ‍්‍රම සබඳතාවක් ගොඩනැගී ඇති බව දොස්තර වික‍්‍රමරත්න සක්සුදක් සේ දැන ගෙන ඇත. ඒ හේතු කොට ගෙන ඔහුගේ වෛරය තවත් ඉහළ ගොස් ඇත. එනම්, තමන්ව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙතෙක් කලක් ඇය ඔහුගෙන් අතිවිශාල මුදල් හා බඩු භාණ්ඩ ලබා ගෙන තිබිණි. වෛද්‍ය වික‍්‍රමරත්න සමග ඇය ආශ‍්‍රය කළ කාල පරිච්ෙඡ්දය තුළට පමණක් වෛද්‍යවරයා ඇය වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටියකට වැඩිය.

එතරම් මුදල් වියදම් කරමින් ඇයව රැුක බලා ගනිමින් සියලූ ඇප උපස්ථාන කරමින් සිට අවසානයේ තමන්ව අතහැර දමා සඳුන් ප‍්‍රියංකර නමැති වෙනත් අයකු සමග පෙමින් වෙළීම පිළිබඳව දොස්තර වික‍්‍රමරත්න තුළ පැවැතියේ දැඩි වේදනාබර ආවේගශීලි ස්වභාවයකි. තමන් අමිලා සමන්මලී රුපසිංහව විවාහ කර ගන්නා බවට සිය නීත්‍යනුකූල බිරිඳ හා දරුවාට හා දෙමාපියන්ටද දැනුම් දී තිබිණි. ඒ සියලූ කටයුතු සිදු කරමින් සිටියදී හිටි අඩියේම තමන්ව අතහැර වෙනත් අයකු සමග මෙවැනි ප‍්‍රශ්නයක් ඇති කර ගැනීම තුළ දොස්තර වික‍්‍රමරත්න පත් වූයේ බරපතළ අර්බුදයකටය. ඉවසා දරා ගෙන සිටීමට අපහසු හැඟීම් බර වේදනාවකටය.

කෙසේ හෝ මේ අතරවාරයේ දෙදෙනා නිතර දෙවේලේ දුරකථන මගින් හා වෙනත් මාර්ගයන් තුළින් කතා කිරීමටද පසුබට වූයේ නැත. දොස්තර වික‍්‍රමරත්න නිතරම උත්සාහ කළේ කතා බහ කරමින් ප‍්‍රශ්නය විසඳාගෙන අමිලා සමන්මලී රූපසිංහ විවාහ කර ගැනීමටය. ඒ කරුණු කාරණා එලෙස සිදු වෙමින් පවතින විට නිවසින් බැහැරව ගොස් නිල නිවාසයේ ජීවත් වූ අමිලා සමන්මලී රූපසිංහගේ නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා වූ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චාමින්ද රණවීරද නැවත ඇයව සොයා ගෙන නිවසට පැමිණ එහි පදිංචි වීමට පටන් ගෙන ඇත.

ඉන් දොස්තර වික‍්‍රමරත්න පත් වී ඇත්තේ තවත් බරපතළ අර්බුදයකටය. අතහැරීමටත් නොහැකි ලබා ගැනීමටත් නොහැකි දෙයකටය. හැර ගිය ස්වාමි පුරුෂයා යළිත් නිවසට ඒවි යැයි ඔහු සිතුවේ නැත. එහෙත් ඔහු පැමිණියේය. දැන් කළ යුත්තේ කුමක්ද? ප‍්‍රශ්නයකි. ඇයව ඒ වන විට ඔහුට සිය පවුලට සහ දෙමාපියන්ටද මුහුණ දීමට නොහැකිව බරපතළ ප‍්‍රශ්නයකට මේ නිසා මුහුණ දී සිටි බැවින් ඔහුගේ එකම අභිප‍්‍රාය වූයේ දැන් වෙච්ච දේවල් වුණා. කරන්න දේවල් නැහැ. කෙසේ හෝ අමිලා සමන්මලී විවාහ කර ගෙන ඉදිරි ජීවිතය ගත කිරීමටය. ඒ අනුව, යළිත් දෙදෙනා අතර සබඳතාව යම් මට්ටමකින් ක‍්‍රමානුකූලව වර්ධනය වන්නට විය.

එහෙත්, බලාපොරොත්තු නොවුණු ආකාරයට මේ අතරවාරයේ තවත් අයකු එයට මැදිහත් විය. ඒ සුපිරි ගායක එඞ්වඞ් ජයගොඩිය. එනම්, එඞ්වඞ් ජයකොඩි ඒ වන විට සේවය කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ අධ්‍යක්ෂවරයකු වශයෙනි. එවිට, අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් වූයේ අමිලා සමන්මලී රූපසිංහය. තවත් අධ්‍යක්ෂවරියක වූයේ මායා ය. ඔවුනොවුන් අතර කිට්ටු සබඳතාවක් තිබිණි. නිතර දෙවේලේ මුණ ගැසිණි. කතා බහ කෙරිණි. විහිළු තහළු කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එඞ්වඞ් ජයකොඩි අමිලා සමන්මලී රූපසිංහ සමග පේ‍්‍රම සම්බන්ධයක පැටලිණි. ඔවුනොවුන් දෙදෙනා අතර ආදරයද ඉතාමත් දුර දිග ගිය කතාවක් බවට පත් විය. අමිලා සමන්මලී රූපසිංහ එක් පැත්තකින් දොස්තර වික‍්‍රමරත්නව ආශ‍්‍රය කරන විට තවත් පැත්තකින් සඳුන් පි‍්‍රයංකර විතානගේ ආශ‍්‍රය කරන විට අනෙක් පැත්තෙන් එඞ්වඞ් ජයකොඩි සමගද අයුතු සබඳතාවක් ගොඩනගාගෙන ඇත. එහි ප‍්‍රතිඵල කොතරම් දුරදිග ගියේද කිවහොත් වරක් අමිලා සමන්මලී රූපසිංහ හා එඞ්වඞ් ජයකොඩි ප‍්‍රංශයේ විනෝද චාරිකාවක්ද ගොස් ඇත.

මේ අනුව අමිලා සමන්මලී රූපසිංහ හා එඞ්වඞ් ජයකොඩි අතර සබඳතාවද බොහෝ දුර දිග ගිය එකක් බවට පත් විය. නමුත් මේ අතරතුර එඞ්වඞ් ජයකොඩි එම අමාත්‍යාංශයේම තවත් සාමාන්‍ය කාන්තාවක් සමග සබඳතාවක් පවත්වන බවට සමන්මලී රූපසිංහට සැකයක් මතු වී ඇත. ඒ නිසා දෙදෙනා අතර සබඳතාව යම් මට්ටමකින් දුරස් වී ඇය දොස්තර වික‍්‍රමරත්න දෙසට යළිත් නැඹුරුවීමේ ස්වභාවය වැඩි දියුණු විය. මෙය දැන ගැනීමත් සමග එඞ්වඞ් ජයකොඩිට හොඳටම ආවේශගීලි විය. තමන්ගේ පෙම්වතිය වෙනත් අයකු වෙත තමාව අමතක කර දමා පියමං කරන බවට හැඟුණු නිසා ඔහු සහ වික‍්‍රමරත්න අතරද බරපතළ උණුසුම්කාරී තත්වයක් හට ගැනිණි.

මෙම තත්වය කොතරම් උග‍්‍ර වූයේදැයි කිවහොත් එඞ්වඞ් ජයකොඩි වරක් දොස්තර වික‍්‍රමරත්නගේ බිරිඳට කතා කර මෙම සබඳතාව ප‍්‍රකාශ කර ඇත. ඉන් ඔහු උත්සාහ කර ඇත්තේ පවුලේ අය අතර යම් ගැටුමක් ඇති කර අමිලා සහ දොස්තර වික‍්‍රමරත්න අතර තිබෙන සබඳතාව කඩා බිඳ දමා අමිලාව යළිත් තමා වෙත නතු කර ගැනීමටය. එහෙත් එය හිතන තරම් ලෙහෙසි පහසු වී නැත. මේ නිසා එඞ්වඞ් ජයගොඩි දැඩි සිත් අමානාපයකට පත් වී අමිලා සහ තමා අතර සබඳතාව ගොඩනගා ගැනීම උදෙසා තම හිතවතුන් පසුපසද ගොස් ඇත.

ඒ අනුව ඔහු තමාගේ ඉතාමත් මිත‍්‍රශීලි සුහද මාධ්‍යවේදියකු හා නුගේගොඩ ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගෙන පුහුණු පාසලක් පවත්වාගෙන යන හිතවතෙකුට කතා කර මෙම සිද්ධිය දැනුම් දී එය විසඳා ගැනීම සඳහා ඔහුට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කර ඇත. එම අවස්ථාවේ එඞ්වඞ් ජයකොඩි ඔහු වෙත ප‍්‍රකාශ කර ඇත්තේ අමිලා සමන්මලී රූපසිංහ හා දොස්තර වික‍්‍රමරත්න නමැති දෙදෙනාව ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡුා කර අමිලා සමන්මලී රූපසිංහ තමන්ට ලබා ගැනීම උදෙසා උදව් කරන ලෙස මිත‍්‍රයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙවැනි ප‍්‍රශ්නයකට අත දැමීමට මුලින් එම මිත‍්‍රයා එතරම් එකඟතාවක් පළ කර නැත. නමුත්, එඞ්වඞ් ජයකොඩි දිගින් දිගටම ඔහුට මෙයට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ ගැන කතා කිරීමට එඞ්වඞ් ජයකොඩි වරක් ඔහුගේ නිවසටද ගොස් ඇත. අවසානයේ එම මිත‍්‍රයා එයට මැදිහත් වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු තමාගේ නුගේගොඩ පිහිටි පාසල වෙත එඞ්වඞ් ජයකොඩි දොස්තර වික‍්‍රමරත්න හා සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ යන අයව කැඳවා මේ පිළිබඳව විමසා ඇත.

මෙම අවස්ථාවේ එඞ්වඞ් ජයකොඩි දොස්තර වික‍්‍රමරත්න අතර කවි පොතක් තබමින් ‘‘මේ කවි පොතේ ඇති සියලූම කවි මම ලියා ඇත්තේ සමන්මලී වෙනුවෙන්. මේ කවි පොත කියවන විට  ඕනෑම කෙනෙකුට පේනවා මම මෙයාට මොන තරම් ආදරය කරලා තියෙනවාද කියලා. අපි දෙන්නා එක වහළක් යට නැති එක විතරයි. ඒ හැර අනෙක් හැම දෙයක්ම කරලා තියෙනවා. ඒ නිසා මට අමිලාව  ඕන. එයාට මං ආදරෙයි. එයා නැතිව මට ඉන්න බෑ. ඒක නිසා මට එයාව දෙන්න’’ යනුවෙන් දොස්තර වික‍්‍රමරත්නගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කර ඇත.

ඊට ප‍්‍රතිචාර දක්වමින් දොස්තර වික‍්‍රමරත්න ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘මම අමිලා වෙනුවෙන් මේ වන විට නොකරපු දෙයක් නෑ. හැම දෙයක්ම කරලා තියෙනවා. එයාගේ ජීවිතයේ සෑම වියපැහැදමක්ම දරා මං එයාව ආදරෙන් බලාගෙන තියාගෙන ඉන්නවා. අපි දෙන්නා බඳින්නයි ඉන්නේ. ඒ නිසා මොනම හේතුවක් මතවත් අමිලා සමන්මලීව කාටවත් දෙන්න බැහැ.’’ යනුවෙන් මෙම සාකච්ඡුාවේදී එඞ්වඞ් ජයකොඩිට පවසා ඇත.

මෙය දරාගත නොහැකිව එඞ්වඞ් ජයකොඩිගේ ඇස්වලින් කඳුළු වැගිරෙන්නට විය. එම අවස්ථාවේ ඔහු දොස්තර වික‍්‍රමරත්නගෙන් බැගෑ පත් වෙමින් අමිලා තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලීම් කර එය ඉෂ්ඨ නොවන බව දැන ගත් පසු ඒ අසල සිටි මිත‍්‍රයාටද ඒ බව පවසා ඔහුගෙන් උදව් ඉල්ලා ඇත්තේ අමිලාව ලබා ගැනීමටය. ඔහු මැදිහත් වුවද එය සාර්ථක වී නැත. අවසානයේ එඞ්වඞ් ජයකොඩි අමිලා වෙත පවසා ඇත්තේ දොස්තරවරයාව අතහැර තමා වෙත පැමිණෙන ලෙසය. එවිට අමිලා සමන්මලී ප‍්‍රතිචාර දක්වමින් එඞ්වඞ් ජයකොඩිට ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘මම වික‍්‍රමරත්නට වචනයක් දීලා ඉවරයි.’’ යනුවෙනි.

ඉන් පසු එඞ්වඞ් ජයකොඩි දොස්තර වික‍්‍රරත්න වෙත යෝජනා දෙකක් ඉදිරිපත්කර ඇත. ඉන් පළමු යෝජනාව වන්නේ, අමිලා සමන්මලී රූපසිංහ තමන්ට බාර දෙන ලෙසය. එසේ අපහසු නම්, අමිලා සමග දොස්තර වික‍්‍රමරත්නට සබඳතාව තවදුරටත් ඇති කර ගෙන තමන්ටත් ඒ අතරවාරයේ අමිලා සමග සබඳතා පැවැත්වීමට ඉඩ කඩ සලසා දෙන ලෙසය. නමුත් එයටද දොස්තර වික‍්‍රමරත්න කැමති වී නැත. පිරිස අතර මෙම සාකච්ඡුාව පැයකට ආසන්න කාලයක් තිබී ඇත. අවසානයේ එහි කෙළවරක් නොවූ බැවින් පිරිස විසිරී ගොස් ඇත. එඞ්වඞ් ජයකොඩි රැුස්වීමෙන් එළියට ඇවිත් මෝටර් රථයට නැග ගොස් ඇත්තේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙනය.

මේ අනුව, දොස්තර වික‍්‍රමරත්න හා අමිලා සමන්මලී රූපසිංහ අතර සබඳතාව තවදුරටත් ඉදිරියට ගොස් ඇත. එහෙත් ඒ සබඳතාව තුළ පෙර මෙන් ශක්තිමත් තත්වයක් තිබී නැත. සඳුන් ප‍්‍රියංකර විතානගේ හා එඞ්වඞ් ජයකොඩිගේ සබඳතාව හේතු කොට ගෙන යම් යම් අවස්ථාවල අමිලා සහ දොස්තර වික‍්‍රමරත්න අතර උණුසුම් වාද විවාදද හට ගෙන ඇත. විවාහ වන බවට අමිලා දොස්තරට පොරොන්දු දුන්නද එය එන්න එන්න ප‍්‍රමාද වනවා මිස සිදු වන්නේද නැත. සිදු වන්නේ දින පතාම දොස්තර වික‍්‍රමරත්නගේ මුදල් ඇය වෙනුවෙන් වැයවීම පමණි. ඇය නිවසක් සාදා ගැනීමටද වික‍්‍රමරත්නගෙන් මුදල් ඉල්ලා ඇත. නමුත් ඔහු එය දීම ප‍්‍රමාද කර ඇත්තේ මේ වන විට ඔහු ඇය වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර ඇති බැවින් තවදුරටත් විවාහ යෝජනා මත සිට තමන්ගේ මුදල් මැය කඩා වඩා ගැනීමට උත්සාහ කරන බවට හැඟී ගිය බැවිනි. මේ හේතු කොට ගෙන දෙදෙනා අතර එතැන් සිට ගැටුම්කාරී තත්වයක් යළිත් නිර්මාණය විය. දුරකථන මගින් උණුසුම් වචන හුවමාරු සිදු විය. දොස්තර වික‍්‍රමරත්න නිතරම සැක පහළ කළේ තමා විවාහ  කර ගැනීම ප‍්‍රමාදවීම පසුපස සඳුන් පි‍්‍රයංකර විතානගේ හා එඞ්වඞ් ජයකොඩි ඇති බවය. එනම්, තමන් සමග සබඳතා පවත්වමින් අවශ්‍ය දේවල් ලබා ගනිමින් හොර රහසේ ඔවුන් දෙදෙනා සමගද අමිලා සමන්මලී සබඳතා පවත්වන බවට බරපතළ සැකයක් දොස්තර වික‍්‍රමරත්නට ඉස්මතු විය.

අවසානයේ මෙම ගැටුම පොලිසිය දක්වා දුරදිග යන තත්වයක් ඉස්මතු විය. එනම්, අමිලා සමන්මලී රූපසිංහ දොස්තර වික‍්‍රමරත්න කරදර කරන බවට ප‍්‍රකාශ කරමින් 2018 ජනවාරි මස 13 වැනිදා මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැමිණිල්ලක් දමා ඇත. එදින ප.ව. 3.30ට පමණ මෙම පැමිණිල්ල සටහන් කර ගෙන ඇත්තේ පොලිස් කොස්තාපල් මධුෂාන්ය (72326* ය. එම පැමිණිල්ලෙන් ඇය ප‍්‍රකාශ කර සිටින්නේ දොස්තර වික‍්‍රමරත්න තමන්ගේ පස්සෙන් එමින් තර්ජන ගර්ජන කරන බවය. මෙය වහාම නවතා දෙන ලෙස ඇය ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, 2018 ජනවාරි මස 17 වැනිදා ප.ව. 3.35ට පමණ දොස්තර වික‍්‍රමරත්නව බස්නාහිර දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ සිය කාර්යාලයට ගෙන්වා ගෙන ඇත. එම අවස්ථාවට වෛද්‍යවරයා සමග නීතිඥ අනුර හෑගොඩ හා තවත් අයෙක්ද පැමිණ ඇත. එහිදී මෙම සිදුවීම වික‍්‍රමරත්නගෙන් විමසා ඇත. ඔහු එවිට සඳුන් ප‍්‍රියංකර විතානගේ හා එඞ්වඞ් ජයකොඩි අතර තිබූ සබඳතාවද මෙහිදී අනාවරණය කර ඇත. තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙම තැනැත්තිය කරන ලද ක‍්‍රියාකාරකම්ද ඔහු එහිදී අනාවරණය කර ඇත. සෑම සතියකම දින තුන හතරක් අමිලා සමන්මලී සමග ගත කරන ආකාරය ඔහු පැහැදිලි කර ඇත. ඇයගේ ස්වාමි පුරුෂයා රාත‍්‍රී කාලයට සිය නිවසේ නැති විට තමා ඇය සමග එහි ගත කරන ආකාරයද පොලිසියට පවසා ඇත. ඒ අනුව සියලූ කරුණු දැනුම් දී මේ පිළිබඳව කටඋත්තරයක්ද දොස්තර වික‍්‍රමරත්න විසින් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී. රාජකුමාර් ඉදිරියේ දැනුම් දී ඇත. එය පොලිස් පොතේ සටහන් කර ඇත්තේ පොලිස් කොස්තාපල් ජයසූරියයි (11720*.

මෙම සිදුවීම තුළින් කාගේ කාගේත් ස්වභාවය තේරුම් ගැනීමට හැක. අමිලා සමන්මලී රූපසිංහ යනු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස්වරියයි. මුළු රටේම අධ්‍යාපනය මෙහෙයවන ප‍්‍රධාන ස්ථානයක මෙහෙයුම්කරුවකු ලෙස ක‍්‍රියාත්මක වන මෙම තැනැත්තියගේ ස්වභාවය අසා දැන ගැනීමෙන් එහි සිටි පොලිස් නිලධාරීන් පවා දැඩි විමතියට පත් වූ බව පොලිසිය තුළින්ම අප වෙත තොරතුරු සැපයූ පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කළ දෙයකි.

මෙය පුද්ගලික කරුණක් ලෙස සලකා ඉවත දැමීමද අපහසුය. මන්ද, මෙම සිද්ධියට මැදිහත් වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිටි එඞ්වඞ් ජයකොඩි හා දැනට සේවය කරන සමන්මලී රූපසිංහ ඇතුළු පිරිසකගේ සිදුවීමකි. අමාත්‍යාංශය තුළ මේ අයගේ විනය ක‍්‍රියාත්මක වී ඇති ස්වභාවයද ඉතාමත් අවලස්සනය. මෙවැනි ආයතනවල සේවය කරන උදවිය මෙයට වඩා මෙවැනි කරුණුවලදී සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය යනු රාජ්‍ය ආයතනයකි. රටටම අධ්‍යාපනය සපයන ස්ථානයක අය මෙවැනි අවලස්සන ක‍්‍රියාකාරකම්වල නියැලෙන විට රටේ අධ්‍යාපනය කුමන දිශාවකට ගමන් කරනු ඇත්ද? මේ අයගේ විනය මෙසේ නම් රටේ විනය සකස් කරන්නේ කෙසේද? එම නිසා, මහජන සුබසිද්ධිය උදෙසා අධ්‍යාපන මෙවැනි බලධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය මහජනතාවට දැන ගැනීම උදෙසා හෙළිදරව් කරනුයේද සමාජ යහපත පිණිස මිස කිසිවකුට අයහපතක් කිරීමේ චේතනාවෙන් නොවේ. අධ්‍යාපන බලධාරීන් මෙසේ නම්, පාසල් අධ්‍යාපනය කෙසේ විය හැකිද? දොස්තර වික‍්‍රමරත්නගේ ඊළඟ ඉලක්කය නඩුවක් ආවොත් අධිකරණය ඉදිරියේදී මේවා අනාවරණය කිරීමය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment