Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

චම්පික එජාපයෙන් කැපෙන ලකුණු: තනිව ජනාධිපතිවරණ සටන අරඹයි.


ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙහි අපේක්ෂකත්වය තමන්ට ලබා නොදෙන්නේ නම් තමන් ඒ සඳහා ස්වාධීනව හෝ තරඟ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක තම සමීප හිතවතුන් සමඟ පසුගියදා පවසා තිබේ.

මේ වන විටත් ඔහු තනිවම අතිවිශාල ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. රජයේ වියදමින් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ රැසක සංවර්ධන ව්‍යාපෘතිවල ඔහුගේ දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය කර තිබේ.

මීට අමතරව ඔහු විසින් සෑම දිස්ත්‍රික්කයකටම හා ආසනයකටම සම්බන්ධීකරණ නිලධාරීන් විශාල වැටුප් වලට පත්කර තිබෙන බවත් ප්‍රධාන මැතිවරණ කමිටු පත්කර ඇති අතර එහි ඇතැමුන්ට මාසිකව රුපියල් ලක්ෂ අටක වැටුපක්ද ඇතැමුන්ට රුපියල් ලක්ෂ තුනක වැටුපක්ද ආදී ලෙස ගෙවනු ලබන බවත් වාර්තා වේ. ප්‍රධාන මාධ්‍ය ආයතනවලට ඔහුගේ නියෝජිතයන් පත් කර ඇති අතර ඔවුන්ට මාසිකව රුපියල් අසු දහසේ සිට ලක්ෂ එකහමාර දක්වා ගෙවනු ලබන බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර වෙනත් අමාත්‍යංශ ගණනාවක වැදගත් කාර්යයන් ඔහුගේ අමාත්‍යංශයට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සෙසු ඇමතිවරු අතර විරෝධයක්ද දක්නට ලැබේ.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment