Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රනිල් බාප්පි ජනාධිපති කරවන්න ඉෂිනි දුව බරටම වැඩ!


"සජිත් අගමැති කරන්න අප්‍රේල් 12 වෙනිදා හිල්ටන් හෝටලයේ මහා කුමන්ත්‍රණයක්" මැයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය විසින් ෆේස්බුක් සටහනක් තබා තිබිණි. 

එම සටහනින් දැක්වුණේ අප්‍රේල් 12 වනදා දිවා ආහාරය සඳහා හිල්ටන් හෝටලයේ 16 වන මහලේදී රැස්වූ මංගල සමරවීර. මලික් සමරවික්‍රම සහ ක්‍රිෂාන්ත කුරේ සමඟ එක්ව සජිත් ප්‍රේමදාස ලංකාවේ රජ වීමට කුමන්ත්‍රණයක නියැළුණු බවකි.

මේ ඉෂිනි වික්‍රමසිංහ යනු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියයි. ඇය අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මාධ්‍ය උපදේශකවරියයි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රචාරක අංශ ප්‍රධානියා වන්නේ ද ඇයයි.

කෙසේවෙතත් ඇය කියන මේ කුමන්ත්‍රණය හිල්ටන් හෝටලයේදී සිදු කෙරුණු අප්‍රේල් 12 වෙනිදා අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාවේ සිටියේ නැත. අමාත්‍යවරයා එදින සිටියේ ඇමරිකාවේ සංචාරයක නිරතවය. ඒ අනුව ඉෂිනි වික්‍රමසිංහ අදාළ සටහන තබා ඇත්තේ කිසිදු කරුණක් සොයා නොබලා, කිසිදු වගකීමකින් තොරවය යන්න ඉතාම පැහැදිලිය.

එසේම, මෙම සටහනේ අරමුණ කුමක් වුවත් ප්‍රතිඵලය වන්නේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වීමය. නොඑසේ නම් දැනටත් යම් යම් පාර්ශ්වයන්ගෙන් පිටට පනිමින් තිබෙන අර්බුදය උත්සන්න කිරීමය. ඇවිළෙන ගින්නට පැට්‍රෝල් දැමීමය. එය ද නොතේරෙන තරම් ඉෂිනි වික්‍රමසිංහ ළදැරියක් වන්නට බැරිය.

ඒ අනුව රනිල් බාප්පිට ඉෂිනි දුව නිසා සිදු වන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමටත් පෙරම බ්ලාස්ට් වීමටය. එහෙයින් රජුගේ ඇඟේ වැසූ මැස්සෙකු එළවීම සඳහා කඩුවෙන් කෙටූ වඳුරාගේ සහ ඉෂිනි වික්‍රමසිංහගේ වෙනසක් කාට හෝ පෙන්වා දීමට හැකි නම් හොඳය.

අනෙත් අතට ඉෂිනි වික්‍රමසිංහ කලක් මංගල සමරවීර මහතාගේ ම පෞද්ගලික ලේකම්වරිය ලෙස ද කටයුතු කළාය. ඇයව එතැනට ගෙන ආවේ මංගල සමරවීර මහතාගේ උපදේශකයකු විසිනි. ඔහු ඇයත් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු තනතුරු සඳහා නිර්දේශ කළේ ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමේ පිරිසිදු චේතනාවෙනි. ඒ, ජාතික රූපවාහිනියේ සභාපති ලෙස ඉනෝකා සත්‍යාංගනී මහත්මියත් ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස තිලකා ජයසුන්දර මහත්මියත් මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මියත් වශයෙනි. එකී තිදෙනාම ඉතාම අසාර්ථක වූ බව ඔවුන් විසින්ම ඔප්පු කර තිබේ.

ඉෂිනි වික්‍රමසිංහගේ සටහන ඉතාම දේශපාලනික එකක් බැවින් සහ එහි ප්‍රතිවිපාක අනිවාර්යයෙන්ම ඉදිරියේදී මතුවනු ඇති බැවින් වැරදි ඥාතීන් අතට වැරදි තනතුරු නොදී සිටින්නට රනිල් වික්‍රමසිංහ මහතා දැන්වත් පරෙස්සම් විය යුතුය. නැතොත් ඔහුටත් අබ සරණය !


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment